ලිංගික අපයෝජනයට ලක් කර මරා දැමුණු බව කියන කොටදෙණියාවේ සේයා සඳෙව්මි කුඩා දැරියගේ මරණයට වගකිව යුතු අයට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට පෞද්ගලිකවම උපරිමයෙන් සටන් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
අද (15) සිය ධූරයේ වැඩ බාරගනිමින් මේ බව පැවසූ ඇය රට තුළ දැනට පවතින කාන්තා හා ළමා හිංසන රැල්ල මැඩලීමට තමන් ඇතුළු අමාත්‍යංශය කටයුතු කරන බවද කීවාය.
මේ සඳහා ජනමාධ්‍යයෙන් සහාය බලාපොරොත්තුවන බවද පැවසූ ඇමැතිවරිය මවක්, සොහොයුරියක් හා මිතුරියක් ලෙස කාන්තා පරපුරට මෙන්ම දරුවන්ටද ඔවුන්ගේ ලෝකය කල එළි කිරීමට හදවතින්ම බලාපොරොත්තුවන බව පැවසුවාය.
මේ අතර මියගිය සේයා දැරිය වෙනුවෙන් ඇගේ අවසන් කටයුතු සිදුකරන අද සවස බඩල්ගම නගරයේ සියලු කඩ සාප්පු පැය 2ක් වසා තැබෙන බව බඩල්ගම එක්සත් වෙළඳ සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 18
338
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සේයා දැරිය වෙනුවෙන් උපරිම සටන් කරනවා‘
මොහොමඩ් Tuesday, 15 September 2015 12:24 PM
මරාදැමූවන් සොයා මරණ දඬුවම දෙන්නැයි ඉල්ලා සිටිමි (නි)
එම්.එච්.එම්.ෆර්හාන් Tuesday, 15 September 2015 09:33 AM
අනේ අනිවාර්යෙන්ම මේ අහිංසක ළමයට සාධාරනය ඉටු කරලා දෙන්න. මමත් සේයා වගේ අහිංසක ළමයකුගේ පියෙක් වශයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වැරදිකරුට උපරිම දඩුවම ලබා දෙන්න කියල ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි (බ)
සුජීව Tuesday, 15 September 2015 09:37 AM
රෝසි නෝනා පානක් පත්තු කරයිද? දුකයි චූටි ළමයි පව් (බ)
සරණපාල Tuesday, 15 September 2015 09:49 AM
තුමියට අපගේ ආශීර්වාදය. හබි කරන්නම්වාලේ අහිංසකයන් අල්ලන්න දෙන්නෙපා. (බ)
දයාජ Tuesday, 15 September 2015 10:32 AM
ඔය උනන්දුව දිගටම සහ අරමුණු ඉටු වනතෙක් ම පවත්වා ගෙන යා යුතු දෙයක්.ඒ වගේම දරුවන් තම නෙත් දෙක මෙන් රැක බලා ගැන්මට දෙමා පියන්ට 'ළමා පාඩමක්' කියා දිය යුතු කාලයක් මේ. (බ)
වසන්ත Tuesday, 15 September 2015 11:17 AM
මුළු රටම එකවර ඝාතකයාට මරණ දඬුවම ඉල්ලමු. වැරදිකරුවන්ට දඬුවම් ඕනෑ. (නි)