ලිංගික අපයෝජනයට ලක් කර මරා දැමුණු බව කියන කොටදෙණියාවේ සේයා සඳෙව්මි කුඩා දැරියගේ මරණයට වගකිව යුතු අයට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට පෞද්ගලිකවම උපරිමයෙන් සටන් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
අද (15) සිය ධූරයේ වැඩ බාරගනිමින් මේ බව පැවසූ ඇය රට තුළ දැනට පවතින කාන්තා හා ළමා හිංසන රැල්ල මැඩලීමට තමන් ඇතුළු අමාත්‍යංශය කටයුතු කරන බවද කීවාය.
මේ සඳහා ජනමාධ්‍යයෙන් සහාය බලාපොරොත්තුවන බවද පැවසූ ඇමැතිවරිය මවක්, සොහොයුරියක් හා මිතුරියක් ලෙස කාන්තා පරපුරට මෙන්ම දරුවන්ටද ඔවුන්ගේ ලෝකය කල එළි කිරීමට හදවතින්ම බලාපොරොත්තුවන බව පැවසුවාය.
මේ අතර මියගිය සේයා දැරිය වෙනුවෙන් ඇගේ අවසන් කටයුතු සිදුකරන අද සවස බඩල්ගම නගරයේ සියලු කඩ සාප්පු පැය 2ක් වසා තැබෙන බව බඩල්ගම එක්සත් වෙළඳ සංගමය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරාදැමූවන් සොයා මරණ දඬුවම දෙන්නැයි ඉල්ලා සිටිමි (නි)
අනේ අනිවාර්යෙන්ම මේ අහිංසක ළමයට සාධාරනය ඉටු කරලා දෙන්න. මමත් සේයා වගේ අහිංසක ළමයකුගේ පියෙක් වශයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වැරදිකරුට උපරිම දඩුවම ලබා දෙන්න කියල ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි (බ)
රෝසි නෝනා පානක් පත්තු කරයිද? දුකයි චූටි ළමයි පව් (බ)
තුමියට අපගේ ආශීර්වාදය. හබි කරන්නම්වාලේ අහිංසකයන් අල්ලන්න දෙන්නෙපා. (බ)
ඔය උනන්දුව දිගටම සහ අරමුණු ඉටු වනතෙක් ම පවත්වා ගෙන යා යුතු දෙයක්.ඒ වගේම දරුවන් තම නෙත් දෙක මෙන් රැක බලා ගැන්මට දෙමා පියන්ට 'ළමා පාඩමක්' කියා දිය යුතු කාලයක් මේ. (බ)
මුළු රටම එකවර ඝාතකයාට මරණ දඬුවම ඉල්ලමු. වැරදිකරුවන්ට දඬුවම් ඕනෑ. (නි)