කොටදෙණියාව 5 හැවිරිදි සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාරදී ඇතැයි පොලිස්පති පවසයි.
ඇගේ ඝාතකයා සෙවීමට ඩී.එන්.ඒ පරීක්ෂණයක්ද සිදු කළ අතර පොලිසිය ඇගේ සමීප හිතවතුන් කෙරෙහි වැඩි සැකයක් පවතින බව ප්‍රකාශ කළේය. මේ අනුව ඉතා ඉක්මනින් ඝාතකයා අත් අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
මේ අතර දැරියගේ අවසන් කටයුතු සිදු කෙරෙුණු අඟහරුවාදා සවස ඝාතකයා වහාම අත් අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ගම්වැසියෝ පිරිසක් ඇගේ නිවස වට කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැඩි හරියක් ළමා අපචාර වෙන්නේ අම්මලා තාත්තාලා ගේ නොසැලකිල්ල නිසා (ම)
ඝාතකයා ඉක්මණින් හෙළිවේවා! (නි)
වෙන සිදුවීම්වලදී ජනතාව උද්ඝෝෂණය කළේ පොලිසිය වටකරගෙන වුනත් මෙම සිද්ධියේදී දැරියගේ නිවාස වට කළේ ඇයිද යන්න ප්‍රශ්නයක්. (බ)
ජනතාව ගේ වටකළේ ඇයි? මේක මුළු රටටම බලපාන ඉතාම සංවේදී කාරණයක්.වැඩිකල් නොගිහින් අපරාධකාරයා හෝ අපරාධකරුවෝ කොටුකර ගන්න රහස් පොලිසියට හැකිවෙයි කියලා රටම බලාගෙන ඉන්නවා (නි)
ඕක හොයාගන්න ඔච්චර අමාරුද අනේ? (ම)
නවීන තාක්ෂණය/අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළින් මේ වනවිට හෙළි කර ගත නොහැකි අපරාද නොමැති වන අතර අපරාදය සිදු කළ පුද්ගලයා අනිවාර්යෙන්ම හසු වේවි. (ම)
මේකට මේ අම්මවත් ඉතා තදින් ප්‍රශ්න කළ යුතුයි. ගෙදර සිටින අනෙක් දැරියත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. මේ ගෙදර දරුවන්ට නිසි ආරක්ෂාව තිබිල නැහැ. (බ)
ඉමේෂ් දන්නවා නේද? 60 පැන්නත් වඳුරා බිමින් යන්නේ නැහැ කියල.මටත් එක එක ඒවා හිතෙනවා. කොහොම හරි රහස් පොලිසිය නියම අපරාධ කාරය අල්ලගනීවී නේ. (බ)
මරණිය දණ්ඩනය අවොත් නරකද ? (ම)