කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි බක්මීදෙණිය දැරිය කෙළෙසා මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරුවූ ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත්ට මරණ දඬුවම ලබාදීමට බස්නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (15) නියෝග කළාය.
ප්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම හා ඇගේ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා අධිචෝදනා නගා තිබිණි. ඒ අනුව පළමු චෝදනාව වන දැරිය පැහැරගෙන යාම වෙනුවෙන් වසර 20ක සිර දඬුවම් හා රුපියල් 10,000ක දඩයක්ද දඩය නොගෙවන්නේනම් තවත් වසරක සිර දඬුවම් ද, දෙවැනි චෝදනාව වන දූෂණය කිරීමට වසර 20ක සිර දඬුවම් හා රුපියල් 10,000ක දඩයක් ද දඩය නොගෙවන්නේනම් තවත් වසරක සිර දඬුවම් ද, තෙවැනි චෝදනාව වන බරපතල ලිංගික අපයෝජනය සඳහා වසර 20ක සිර දඬුවම් හා රුපියල් 25,000ක දඩයක් ද දඩය නොගෙවන්නේනම් තවත් වසරක දෙකක සිර දඬුවම් ද සිව්වැනි චෝදනාව වන ඝාතනයට මරණ දඬුවමද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසත් බව ලැබූ තිරිසනෙකුට... ලබාදුන් මරණීය දණ්ඩනය විශිෂ‍්ටයි .(කෞ)
විනිසුරුතුමියට මගේ ප්‍රණාමය..! දැන් අපි බලාගෙන ඉන්නේ මේ දඬුවම මෙයාට ලැබෙන දවස එනකම්.. (කෞ)
අපේ ගමේ මිනිමැරුමක් වුනා , මිනීමරුවා එල්ලුම් ගහට ගියා , අවරුදු දහයකින් විතර නිදහස් වෙලා ගෙදර ආව .අන්න දැන් හොඳට මරුන මිනිහගේ බිරිඳ එක්ක දීග කනවා (කෞ)
දැන්වත් අපේ විනිසිරුවන් ඇහැරුනා ....ලොකු දෙයක් ... ඒත් මේ වගේ සිදුවීම් වලට 25000 30000 දඩ නොවේ කෙලින්ම එල්ලලා මරල දැම්මනම් වැඩේ ලේසි ...(කෞ)
බොහොම සතුටුයි ඉක්මන් තීන්දුවක් දුන්නට , හැබැයි මේ වගේම තාජුදීන් ගේ මරණෙටත් මේ වගේම තීන්දුවක් ඕන ,එතකොට තමයි නීතියේ සාදාරණත්වය සැමට ඉටු වෙන්නේ , ඒ වගේම දියණිවරු අම්මල මීට වඩා තමන්ගේ දරුවාගේ ආරක්ෂාව ගැනත් හිතන්න , දරුවා නැති උනාට පස්සේ අපරාද කාරයට මොන දඬුවම දුන්නත් වැඩක් නැහැ නේද ? (කෞ)
යුක්තිය ඉටු වී ඇති බව පෙනේ, නමුත් කවුරුත් දන්නා පරිදි බොහෝ 'අයුක්තීන්ද' මේ ක්‍රියා දාමයේදී සිදු විය. තවදුරටත් සිදුවන බවද පෙනේ. යුක්තිය ඉටුවේවා කියල ප්‍රර්ථනා කරන එක විතරයි අපට කරන්න ඇත්තේ.(බ)
මරණ දඬුවම දුන්න කියන්නේ ඉතින් නිදහස් පුරවැසියෙක් තම, අපෙන් කාල සම්පුර්ණ ආරක්ෂාව ඇතුව ඇතුලට වෙලා ඉන්න තියෙන්නේ. මේ වෙලාවට තමා අර කප්පම් කාරයට කරපු දේ මතක් වෙන්නේ. ඒ වගේ වැඩක් දුන්නනම් අපේ සල්ලිත් ඉතුරුවෙලා මේවගේ අසමජ්ජාති පරලොව යනවා. (බ)
වැඩක් නෑ! මරණ දඬුවම දුන්නට එ්ක ක්‍රියාත්මක නොවන රටක . දැන් ඉතින් ඔය යකාට මැරෙනකන් නිකන් කන්න දෙන්න රටේ මිනිස්සු ලෑස්ති උනානම් එහෙනම් .....(බ)
ජනාධිපති තුමනි දැන් ඔබේ වාරය පැමිණ ඇත. (ර)
දඬුවම බොහොම හොඳයි නමුත් අවුරුදු 60 සිරදඬුවම් ඉවර උනාට පස්සෙනේ මරණ දඬුවම දෙන්නේ. එතකොට නොමැරී මැරිලා. නමුත් එක වරද කරුවකුට හරි මරණ දඬුවම ක්‍රියත්ම වෙනකන් මෙම අපරාද නවතින්නේ නැහැ. (ර)
සේයාට සාධාරනය. (ර)
බොහොම හොද දඬුවමක්. (ර)
ඉතාම හොද තීරණයක්. මාගේ හද පිරි ප්‍රණාමය. (ර)
මොහුට සිර දඬුවම් දීලා මහජන සල්ලි වලින් කන්න දෙන්නේ ඇයි? අදම මරණ දඬුවම නියම කරන්න (නි)
යන්න කියන්න ඇතුලට , බලාගෙන ඉන්නේ කට්ටිය පිළිගන්න, චන්ඩියාව මල් මාල දාලා. (ර)
පොතේ නිතිය මකුළු දැලක් වැනිය, දුප්පත්තු එහි පැටලෙති, හැකියාව ඇති පොහොසත්තු එය කඩාගෙන යති - දාර්ශනික අනකාසිස් (බ)
වාසගම තමයි මාරු මුගේ...ඉලන්දාරිපේඩිගේ (බ)
අප රටේ 'මරණ දඬුවම' බල පැවැත්වෙනවා. ක්‍රියාත්මක කිරීමයි සිද්ධ නොවන්නේ. 'මරණ දඬුවම' ක්‍රියාත්මක කිරීම රටේ ජනාධ්පතිවරයාගේ වගකීමක්. එය ඔහු ඉටු කළ යුතුයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුලින් එක රැයින් අපරාධ අඩු නොවුවත් වරදට දඬුවම නිශ්චිතව හිමි විය යුතුයි. වරදේ ස්වාභාවය අනුවයි අධිකරණය තීරණය කරන්නේ මරණ දඬුවම හිමි විය යුතුයි කියලා. එබැවින් දරුණු අපරාද කරුවන්ට දඬුවම් නොකර සිටීමට ජනාධිපතිවරයට සදාචාරාත්මක අයිතියක් නෑ. (බ)
සේයා අාපහු එනවද? (බ)
ඕවා තේරුමක් නැති දඬුවම්. තව ටික දවසකින් ජනපති සමාව දුන්නා කියලා දැනගන්න ලැබෙයි (බ)
වරුණ මමත් එ් අදහසට එකඟයි. විනිසුරුතුමිය නීිතියට අනුව කටයුතු කරනවිට ජනාධිපතිතුමත් නීතියට අනුව වැඩකළ යුතුයි. ජනාධිපතිතුමා මෙයට අත්සන් නොකර තම රාජකාරිය පැහැර හරිනවනම්.රටේ අනිත් නාලධාරීන් තමන්ගෙ බලතල අනුව වැඩේ නොකිරීම ගැන අපිට තව මොන කතාද. (බ)
තාජුදීන්ට දස වද දීල මරපු සහ මරන්න නියෝග දුන්නු මිනීමරුවන්ට දෙන දඩුවම මොකක්ද කියල ලෝකෙම බලන් ඉන්නවා. (බ)
නීතිය කෙසේ වෙතත්,පෙර ආත්මයේ කරපු කර්මය නිසා සේයා දැරියට දඩුවම් හිමිවිය. (බ)
ජානක, ඔයා හරියටම බුදුදහම තේරුම් අරන් බලන්න ආත්මය, කර්මය කියන දේවල් හරි බුදුදහමේ තියෙනවද කියල? ඒවා ජෛන ආගමේ තියෙන්නේ. (බ)
අනික බුදුදහමට අනුව දෙයක් සිද්ධවෙන්න හේතු වෙන්නේ කර්මයම විතරක් නෙමේ. (බ)
ජනාධිපතිතුමනි,මෙය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙන්න. අනාගතයේ මෙවැනි දේවල් නොවෙන්න හැමෝටම පාඩමක් වෙයි. (නි)
ටිකිරි බණ්ඩා- යන්නේ කොහෙද මල්ලේ පොල් නේද (බ)
ඔන්න චුටි දුවේ, නීතිය ඔයාවෙනුවෙන් සාදාරනය ඉස්ට කළා. ඒත් ඔයාගේ අම්මා තාත්තාගේ වේදනාව සදාකාලිකයි නේද. ඔයා පව් පෙර ආත්මයේ පාපයක් යයි මම නොකියමි. ඔයාගේ ආරක්ෂාව එදා තිබුනානම් ඔයා අදත් අපි අතර. පාපය කර තිබෙන්නේ ඔයා නොව අර මුර්ගයයි. (ර)
ඒ දඩුවමින් සෑහෙන්නට පුළුවන්ද?(හේ)
මම දන්නා මිනිහෙක් මිනීමැරුමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වාම හිරේ ගියා. අවුරුදු 20 කට පස්සේ නිදහස ලබා එළියට ආවා. පස්සේ ඔහුට විරුද්ධව සාක්ෂි දුන් දෙදෙනාම මරා අාපසු හිරේ ගියා (නි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපගේ උපහාරය! (නි)
ඕව දීල මදි (බ)
වැඩක් නෑනේ, ලංකාවේ මරණ දඬුවමක් කියලා එකක් නැහැනේ. (නි)
අසරණ දරුවාට සහ පවුලේ අයට සාධාරණයක් ඉටුවීම ගැන සතුටුයි. බදුගෙවන්නන්ගේ බදුමුදල් වලින් මොවුන් නඩත්තු කරනවාට වඩා හොඳයි මෙවන් පිළිල සමාජයෙන් ඉවත්කරලා දාන එක. විනිසුරුතුමියට අපේ උපහාරය...! (නි)
කොතරම් මරණ දඬුවම් දුනත් එ්වා ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? අැත්තටම එල්ලුම් ගහ ක්‍රියාත්මක වියයුතුය (නි)
හොඳම වැඩේ. තීරණය ගැන සතුටුයි (නි)
ජනපතිතුමනි දඬුවම ක්‍රියාත්මක කරන්න ඔබේ අනුමැතිය ලබාදී රටේ අපරාධ අඩු කරන්න සහයෝගය දෙන්න. දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමන්ට නොඅඩුව ලැබේවි (බ)
මේ දඩුවමෙන් ආය මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන කියන එකයි මගේ නම් මතය.මොකද මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන තාක් මේ රටේ අපරාධ අඩු වෙන්නෙ නැහැ.ඒ නිසා ඒ දඩුවම ඉක්මනටම ක්‍රියාත්මක කරන්න ඕන.අධිකරණය මේ දැරියට සාධාරණයක් ඉටුවන තීන්දුවක් දුන්න. (බ)
මරණ දඬුවම නියම වු කෙනෙක් මේ දඩ මුදල් කොහොමත් ගෙවන්නේ නැහැනේ (නි)
රටම බලා සිටියේ මෙම ඝාතකයාගෙන්ම එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙයි කියලා (නි)
නියමයි, ඔය ඔක්කොම නැතත් අන්තිම දඬුවම හරි දෙන්න පුළුවන් නම්. දැන් ඉතින් මානව අයිතීන් සුරැකීම කියලා සංවිධාන රැසක් කරලියට එයි දූෂකයා බේරගන්න. (නි)
මේ දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න
මේ දඬුවම සම්පුර්ණ නැහැ. මේවගේ දේවල් ඉදිරියට වෙන එක නවතින්නේ අද මෙම පුද්ගලයාව ගොල්ෆේස් එකට ගෙනල්ලා බෙල්ලට තොණ්ඩුව දැම්මා නම් විතරයි. නීතිය සම්ප්‍රදායික වුණාට මිනිස්සු විසින් තවත් කෙනෙක් මරණ විදිහ සම්ප්‍රදායික නැහැ කියලා නීතිය අතේ තියන නිල දරුවන් කල්පනා කළයුතුයි. (නි)
පොලිසිය හරියටම වැඩේ කළාද? (බ)
නියමයි ගරු විනිසුරුතුමියට ස්තුතියි අහිංසක කිරිසප්පයට සාධාරණය ඉටුකළාට විනිසුරු තුමියනි විද්‍යා දැරියටත් සාධාරණය ඉටුකරන්න ඇයව අමානුශිකව ඝාතනය කළ 8 දෙනාටත් මේ දඩුවමම දෙන්න (බ)
නිතිය නිහඩව නිදාගෙන සිටියත් මියැදී නොමැති බව මේ තීන්දුවෙන් පැහැදිලිය.වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුමය. (බ)
එතකොට සේයා දරුවා .....? (බ)
මොහුගේ මරණ දඩුවම අනුමත කර ජනාධිපතිවරයා නඩු තීන්දුවේ අත්සන තැබිය යුතුයි (බ)
වෙන දඬුවමක් ඕනෑ නැහැ. හිරගෙදර ඉන්න අය මෙයාව නොමරා මරාවී. (නි)
දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් අගය කරනවා (නි)