IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සමහර මිනිස්සු නිරූපිකාවක් කිව්වාහම බලන්නෙ වෙන ඇහැකින්

2016-06-06-ent-79

වසර කිහිපයකට පෙර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි සාරා බෂිර් මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටින්නියකි. නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින සාරා රංගනයටද පිවිසීමේ දැඩි කැමැත්තකින් පසුවේ. මේ වනවිට ගීත රූප රචනා මෙන්ම ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා සිය දායකත්වය සපයා ඇති සාරා සමගින් මෙවර "සාරවිට" තරු කතාබහ ආරම්භ කළෙමු.

 

2016-06-06-ent-84සාරා නිරූපණ ක්ෂේත්‍රයට ආවේ?

මීට අවුරුදු 4කට විතර කලින්.

 

හැබැයි සාරාගේ හීනේ වෙලා තිබුණේ වෙනත් වෘත්තියක්?

ඔව්. මගේ හීනේ වෙලා තිබුණේ රූපවාහිනි නිවේදිකාවක වෙන්නයි. ඒ ආසාව නිසාම මිතුරෙකුගේ මාර්ගයෙන් මම 2012 අවුරුද්දේ හිරු රූපවාහිනි නාළිකාවට සම්බන්ධ වුණා. ඒ නාළිකාව තුළ නිවේදිකාවක විදිහට පුහුණු වෙන කාලෙදී පෞද්ගලික ප්‍රශ්නයක් නිසා එකෙන් ඉවත් වුණා. ඊට පස්සෙ තමයි අහම්බෙන් නිරූපිකාවක වෙන්න මාර්ගය සැකසුණේ.

 

අහම්බෙන් කිව්වේ?

සිරස සුපර් ස්ටාර් සංඛ දිනෙත්ගේ "සුසුමින් වෙළි" කියන ගීතයේ රූප රචනාවට දායක වෙන්න ලැබුණා. ඒ හරහා තමයි මාව නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මාර්ගය විවර වුණේ.

 

දැනට මොනවද ඔබ දායක වෙලා තියෙන කලා නිර්මාණ?

සංඛ දිනෙත්ගේ "සුසුමින් වෙළි" ගීත රූප රචනාවට පස්සෙ නවක හා ජනප්‍රිය ගායකයන් කිහිප දෙනෙකුගේම ගීත රූප රචනා කිහිපයකටම මම දායක වුණා. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂුට් ඇන්ඩ් ෂෝ, කොම්ෆිටිෂන්, රූපවාහිනි ප්‍රෝගෑම් වගේම පුවත්පත් සඳහා "ෆැෂන් මොඩ්ල්" කෙනෙක් විදිහටත් මම දායක වෙලා තියෙනවා.

 

රංගනයටත් ඔබ සම්බන්ධ වුණා කිව්වා නේද?

ඔව්, සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ "සුජාතා" ටෙලිනාට්‍යයේ සුළු චරිතයකට දායක වුණා. ඇත්තටම, "සුජාතා" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ටෙලි නාට්‍යය වගේම චිත්‍රපට සඳහාත් ගොඩක් ආරාධනා ලැබුණා. ඒ ආරාධනා අතර තිබුණේ ගොඩක්ම මට නොගැළපෙනවා කියලා හිතෙන චරිත. ඉතින් මම ඒවා භාරගත්තෙ නැහැ. නමුත්, රඟපාන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්න කෙනෙක්. හොඳ ආරාධනා වගේම මට ගැළපෙනවා කියලා හිතෙන චරිත ලැබුණොත් මම නිරූපණ ක්ෂේත්‍රය අමතක කරලා රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරයි.

 

2016-06-06-ent-81නිරූපිකාවක විදිහට ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රය ගැන කිව්වොත් ගොඩක් හොඳ වෘත්තියක්. මේක හරියට කළොත් ලොකු ගමනක් මේ ක්ෂේත්‍රය තුළින් යන්න පුළුවන්. ඒ වගේම හැම ක්ෂේත්‍රයක වගේම මේ ක්ෂේත්‍රය තුළත් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්න ඕනා. ඇත්තටම මම මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් තමයි වැඩ කරන්නේ. සමහර මිනිස්සු නිරූපිකාවක් කිව්වාහම බලන්නෙ වෙන ඇහැකින්. එක්කෙනක් දෙන්නෙක් කරන වැරදි වැඩ නිසා මිනිස්සු හැම නිරූපිකාවක් දිහාම එකම කෝණයකින් බලනවා. ඉතින් මගේ අදහස නම් හැම නිරූපිකාවක් දිහාම එහෙම එකම කෝණයකින් මනින්න එපා කියලා.

 

නිවේදිකාවක් වෙන හීනේ දැන් අත්ඇරලාද?

නැහැ. තවමත් ඒ හීනේ මට තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ අදහසක් නැහැ. හිමින් ගමනක් ගිහිල්ලා මේ හැම ඉලක්කයක්ම ජයගන්න මම බලාපොරොත්තු වෙනවා. නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නර්තනය පැත්තෙන් නමක් හදාගන්නත් මගේ ඉලක්ක අතර තියෙනවා.

 

නිරූපිකාවක් විදිහට ඔබේ සිවුවසරක අත්දැකිම් නවකයන්ට ලබා දෙනාව නම්?

දැන් නිරූපණ ක්ෂේත්‍රයට අලුත් අය දවසින් දවස ගොඩක් එකතු වෙනවා. ඒ ගැන මගේ පැත්තෙන් නම් මම ගොඩක් සතුටු වෙනවා. නවක නිරූපිකාවන් ගත්තොත් ගොඩ දෙනෙක් දක්ෂ අය. හැබැයි ක්ෂේත්‍රය ගැන දැනුමක් නැතිකම වගේම අත්දැකිම් නොමැතිකමත් ඒ අයට ලොකු පාඩුවක්. ඉතින් ක්ෂේත්‍රය ගැන දැනුමක් ලබලා සම්බන්ධ වෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා.

 

උදව් කළ අයත් ඇති?

මගේ මිතුරෙක් තමයි හිරු නාළිකාවට මාව සම්බන්ධ කළේ. මම අද ඉන්නවා නම් ඒ ඔහු නිසා. ඔහු මට මාර්ගය සකසලා දුන්නා. දැන් මම ඒ මාර්ගයේ යම්දුරක් තනිවම මගේ හැකියාවෙන් ඇවිල්ලා ඉන්නවා. ක්ෂේත්‍රය තුළ නම් කවුරුත් මට උදව් කළේ නැහැ. මේ මම මගේ හැකියාවෙන් තනිවම ආපු ගමනක්.

 

2016-06-06-ent-86
2016-06-06-ent-85
2016-06-06-ent-83
2016-06-06-ent-82
2016-06-06-ent-80  
2016-06-06-ent-78
2016-06-06-ent-77
2016-06-06-ent-76
2016-06-06-ent-75

 



අදහස් (0)

සමහර මිනිස්සු නිරූපිකාවක් කිව්වාහම බලන්නෙ වෙන ඇහැකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 106 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site