මා පිය ආභාෂයත් සමග ගායකයෙක් ලෙස සංගීත ක්‍ෂේත්‍රයට පැමිණි ඔහු ඔහුටම අනන්‍ය සංගීත ආරක නිර්මාණ කටයුතු කලේය. "නදී ගංගා තරණයේ" ගීතයෙන් බොහෝ දෙනෙක් හඳුනා ගන්නා ඔහු චිත්‍රාල් සෝමපාලය. වර්තමාන නිර්මාණවලට මාධ්‍යයෙන් ලැබෙන ඉඩහසර ගැන "සාරවිට" විමසීමේදී මෙලෙස පිළිතුරු දුන්නේය.
"අපේ රටේ දක්ෂතා තියෙන ගායකයො ඉන්නවා. ඒත් ඒ අයට ඉදිරියට එන්න කවුරුත් අත දෙන්නෙ නැහැ. තමන්ගෙ ගීතය ප්‍රචාරය කරන්න ගායකයන්ට චැනල්වලට සල්ලි ගෙවන්න වෙලා. අපි පොඩි කාලේ ලංකාවෙ තිබුණේ චැනල් දෙකයි. ඒ චැනල්වලින් කතා කළොත් විතරයි අපිට යන්න ලැබෙන්නෙ. මේ චැනල් දෙකෙන් අපි උපරිම සහාය ගත්තා. ප්‍රයිවට් චැනල් එක්ක මගේ අවුලක් නැහැ. අද වෙලා තියෙන්නෙ ප්‍රයිවට් චැනල්වලට සල්ලි දෙන්න වෙලා තියෙනවා තමන්ගෙ ගීතය ප්‍රචාරය කරන්න. සමහර ආටිස්ලා චැනල් එක බැඳගෙන ඉන්නේ. මේ අයට වෙලා තියෙන්නේ කොහොම හරි චැනල් ෂෝ එකට ඇවිල්ලා ඉස්සරහට එන්න. හැබැයි මේ අය අනිත් ගායකයන්ගේ ගීත කියලා සල්ලි හම්බ කරලා නැහැ.
දැන් එහෙම අයත් ඉන්නවා.
මෙහෙම තත්ත්වයක මම නිර්මාණයක් කළාම චැනල් එකකින් මෙහෙම අහනවා.
"අපි හිතුවට ඒ ගීත ඊට වඩා සැරවෙයි කියලා. ඊට වඩා සැරවුණා නම් කියයි, "අම්මෝ මේක නම් අපේ සංස්කෘතියට හරියන්නෙ නෑ" කියලා.
මම කළ ඇල්බම් එක මිනිස්සු ගත්තෙ නැහැ. ඔවුන් ඒ ගීත අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කළා. අශෝක හඳගමගේ ෆිල්ම් එකටත් එහෙම වුණා.
චිත්‍රපටය ඇවිත් සති දෙකයි, කවුරුම හෝ යූටියුබ්වලින් නීතිමය නොවන ආකාරයට අප්ලෝඩ් කරලා තියෙනවා. නිර්මාණකරුවෙක්ට හැමදේම කරන්න වෙන්නේ නිර්මාණයට ලැබෙන මුදලින්. මේ රටේ ඒක කරන්න බැහැ. ඊර්ෂ්‍යාව, කුහකකම, එකිනෙකාට පොල් ගහන එක තමයි තියෙන්නේ."
නිදුක් මධුෂික / ඡායාරූප - ශමීර රාජපක්ෂ
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
සමහර ආර්ටිස්ලා චැනල් එක බැඳගෙන ඉන්නේ