ලංකා සම සමාජ පක්ෂයේ ‘සමසමාජය‘ පුවත්පතේ 80 වැනි සැමරුම අද පැවැත්විණි.
පක්ෂයේ නායක හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා එම උත්සවය අමතමින් කීවේ තම පක්ෂයේ අතීතරයේ විශාල මෙහෙයක් කළ බවයි.
‘‘අපි සටන් කරලා ඒ දරුණු යුගයේ සමසමාජ මත සමාජවාදී මත රට තුළ ප්‍රචලිත කළා. ඒ අදහස් තමයි අප රටේ ප්‍රගතිශීලි ගමන ඉදිරියට ගෙන යාමට පදනම ඇති කළේ. "සමසමාජය" පුවත් පත ඒ ඇති කළ අදහස් මඟින් බිහි වූ පිරිස් තමයි වමේ ගමන ඉදිරියට ගියේ.
1956 මැද දේශපාලනය වමේ දේශපාලනය එක්ව ආණ්ඩු පිහිටුවා. එතනින් එහා අප රටේ වෙනස් වීම් ඇති කරගෙන නිරන්තර සටනකට අපට එන්න සිද්ධ වුණා.මම හිතන්නේ මේක කිව්වට වරදක් නෑ. ගිය ආණ්ඩුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වුවත් අපිට වම හැටියට ඒ ආපු ධාරවේ අදහස් ගිය ආණ්ඩුවේ ක්‍රියත්මක කරන්න අපට සටනකට යෙදෙන්න සිද්ධ වුණා.‘‘




COMMENTS
වැඩකරන ජනතාවට සේවය කළේ එදා තිබුන සමසමාජ පක්ෂය. දැන් බලන්න කාලෝ ෆොන්සේකා මැතිතුමත් ඉන්නවා. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට මෙතුමා විරුද්ධ වීම පුදුමයක් නැහැ. (නි)
තිස්ස තිස්ස සමාජවාදයට යන පාර වැටි තියෙන්නේ මැදමූලන හරහාද ? (බ)
ලැජ්ජයි අපිට නම් මේවා ගැන කතාකරනන්ත් (නි)
මේ මුහුණු ටික දැක්කහම සමසමාජ පක්ෂයේ කියලා අපිට කියන්න දුකයි. (නි)
මෙයාලා කාලෙකට ධනවාදී. දැන් සමසමාජ... (නි)
ඔබට සුබ පැතුම්! (නි)
දැන් තමයි සමසමාජේ. මෙයාලට ඡන්දෙ දෙන මිනිස්සුත් පවු (නි)
අනේ සමසමාජයට ගිය කලක්! (නි)
කවුරු කවුරුත් ධනපති පක්ෂ දෙකේ සුරතලුන් වී විහිළු කර කර ඉන්නවා මිසක් කරන දෙයක් නැහැ. (නි)
සමසමාජය නම් හොඳයි. එත් සමහරු නොමඟ ගිහිල්ලා (නි)
පත්තරයට වගේම මෙයාලටත් වයසයි දැන්. ප්‍රශ්නය තියෙන්නේ සමගාමිව මෙයාලගේ පක්ෂයට තරුණයෝ නැති එකනේ. හැමදාමත් සා දුකින් පෙළෙන උන් නැගිටියවු කිය කියා, තත්කාලීන සමාජයත් එක්ක ගමන් නොකර හණමිටිම කරේ තියාගෙන යනවා නම් ඉතින් තරුණයෝ එකතු වෙන්නේ නැහැ (නි)
වැඩකරන ජනතාවට එදා සමසමාජය ලොකු සේවයක් කළා (නි)
ලෙස්ලි , මම ඔබගේ අදහසට එකගවෙනවා , නමුත් සමහර වන්දි බට්ටයෝ මොනවාද මේ සමසමාජ පක්ෂය ,හා ශ්‍රි ලංකාවේ කොමිනිස්ට් පක්ෂය ගැන දන්නේ ,කියල හිතෙනවා (බ)
බණ්ඩාරනායක මහත්තයාට රට කරන්න නොදී වර්ජන කරලා රට කෑවේ මෙයාලා තමයි. මැතිනිය එක වතාවක් කීවා "මගේ සැමියා නොමරා මැරුවේ " කියාලා, ඒ මේපක්ෂයේ නායකයෝ. (බ)