IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘සෝමවංශ ගියත් තනියමයි‘ - ටිල්වින්

සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට යළි සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

අමරසිංහ මහතා සමග ජවිපෙන් තමා හෝ කිසිවකු නොයන බවත් ඔහු අවධාරණය කරයි. එවැනි කටකතා දැන් පැතිරෙන බවද එසේ කියා ඇති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බවද ඔහු කියයි.

 

 

 



අදහස් (0)

‘සෝමවංශ ගියත් තනියමයි‘ - ටිල්වින්

ආනන්ද දොඩන්ගොඩ Sunday, 19 April 2015 03:47 PM

සෝමවංස අමරසිංහට තමන්ගේ බංකොලොත් භාවය තාමත් නොපෙනීම පුදුමයක් , මනෝමුලව සිතා මනෝමුල නිගමන ගන්නා , භෞතික සහ සැබෑ සිදුවීම් නොසිතන , අය මේ කට්ටිය (බ)

:       0       0

මෙවන් Sunday, 19 April 2015 03:52 PM

1971 දී රෝහණ විජේවීර සහෝදරයා විසින් දිවි පරදුවට තබා බිහිකරන ලද උතුර උතුර උතුරා වාන් දැමු ජ.වී.පෙ.නමැති රක්ත වර්ණ වූ මහා නෙලුම් විලේ දැන් දිය සීරාවක් වත් නැත. නෙලුම් අල නැත. දඬු නැත. මල් නැත. එහෙත් කුණු මඩ ඇත. රොන් මඩ ඇත. තවත් අටෝරාසියක් විස බීජ විසිරී පැතිරී ඇත. එදා පැමිණි මී මැස්සන් දැන් නැත. නිල මැස්සන් පමණක් විල සිසාරා ඒ අත මේ අත ඉගිලෙයි. තව භව ගණනාවකටවත් මී මැසි කැලගේ ආගමනයක් දක්නට ලැබේද? (බ)

:       0       0

ජයසේන වීරසුන්දර Sunday, 19 April 2015 03:58 PM

වමාංශික දේශපාලනය තුළ දිවි හිමියෙන් නොකළ යුතු දේවල් ගැන සෝමවංශලට අවබෝධයක් තිබෙන බැවින් එම පක්ෂය තුළ සිටීම ලැජ්ජාවක් ලෙස සලකා ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැත. (බ)

:       0       0

නිලන්ත ගමගේ Sunday, 19 April 2015 08:54 AM

71 කැරැල්ලේ වාසිය ගත්තේ 1977 දී UNP එකේ JR ජයවර්ධන ,88-89 භීෂණයේ 1994 දී චන්ද්‍රිකා. චන්ද්‍රිකා එපා වෙනකොට එකේ ප්‍රයෝජනය ගත්තේ රනිල් . මහින්ද පාලනය එපා කියලා බලවේගය එනකොට 2014 දී එකේ ප්‍රයෝජනය ගත්තේ රනිල් . අනුර පාර්ලිමේන්තුවේදී මහින්ද පාලනයට පහරදුන් ආකාරයට චියර් කළ හොර නඩය අනුරවද යොදාගෙන මහින්ද පාලනය පෙරලා දැමුවේය. හතර පාරක්ම පක්ෂය ඇතුලේ ස්වයං විවේචනය නොකළ නිසා ජවිපෙට හැරුන ජනතා බලවේගය මෙහෙයවා ගන්න බැරි උනා . ජවිපෙ හැමදාම තමන් ගැන තක්සේරු කරගන්න බැරි නිසාත් , හීනමානය නිසාත් ඔය හතර වතාවෙම ජැක් ගහල පක්ෂය දියාරු කරගත්තා (බ) ජවිපෙ නායකයන්ව වර්ණනා කරණ කූට දනේශ්වර නායකයන් ට ජැක් වීම නවතා දමා නිර්දන පන්ති සමාජවාදය වෙනුවෙන් පෙනීසිටිනතුරු ලාංකීය වම උපහාසයට ලක්වනු ඇත

:       0       0

සත්‍යපාල Sunday, 19 April 2015 10:33 AM

"මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව" හ හ හා .... අධෝමුඛයෙනුත් හිනා යනවා. නිර්දන පන්ති සමාජවාදය කතාකරන වමේ ජවිපෙ තනිකරම යූඇන්පී හඩින් කතාකරන්නේ.බටහිර සහ යූඇන්පී වෙනුවෙන් කඩේ යන,චීනය පරාදකරන්නට දගලන වම,පිරිත් නුල් බදිනවාට එරෙහි දේශය පක්ෂය, හසලක ගාමිණී වැනි රටේ වීරයන් කුනුගොඩට දමන්නට යන ජවිපය. දැන් කියන්නට ඇති සටන් පාඨය "රට අවරට ,අපි බටහිරට" (බ)

:       0       0

ලලිතා Sunday, 19 April 2015 10:35 AM

ඔය නඩු දැමිල්ලත් පරණ නඩු දැමිල්ල වගෙයිද? හැම එකකටම නඩු නොදා ඇත්ත ඇති විදිහට දකින්න. (බ)

:       0       0

මොහොමඩ් Sunday, 19 April 2015 11:00 AM

ජවිපෙ දැන් යූඇන්පී ඡන්ද ගිලින්ඩ යන ගමනක් 2002 ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ගිල්ලා වගේ 2015 යූඇන්පියෙන් ගිලින්ඩ යනවා. අනුර කුමාර තරම් වැඩක් නැති නයෙකයෙක් (බ)

:       0       0

සත්‍යපාල Sunday, 19 April 2015 11:15 AM

"තනිවයි උපන්නේ...තනිවයි මැරෙන්නේ........මේ ඩිංගෙදි ඇයි.. කෝලම් නටන්නේ......(බ)

:       0       0

නිලන්ත ගමගේ Sunday, 19 April 2015 12:24 PM

තමන් නායකයා විදියට ඉන්නකොට වැරදි පෙන්නේ නැහැ . දැන් සිරි අයියා තමන් හිතන ,හිරවුණ රාමුවෙන් තමන්ව පැත්තකින් තියල තමන් ගැනම ස්වයං විවේචනයක් කළ නිසා ඇත්ත ජවිපෙ දැක්කා. (බ)

:       0       0

බණ්ඩා Sunday, 19 April 2015 12:54 PM

සෝමවංස මහත්තයෝ මේ නහින දෙහින කාලේ මොන දේශපාලනේද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site