IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෝමවංශ අලුත් පක්ෂයක් හදයි

තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කළ බවත් අලුත් පක්ෂයක් පිහිටුවන බවත් ජවිපෙ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා බත්තරමුල්ලේදී අද (16) ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද මෙම රැස්වීමට පැමිණි නමුත් වේදිකාවට නොපැමිණෙන ලෙස අමරසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා සිටියේය. ‘ඔබ කැමතිනම් රැස්වීමේ ආසනයක වාඩිවන්නැ‘යි අමරසිංහ මහතා ඔහුට කීවේය.

විජිත හේරත් මහතා රැස්වීම අවසන් වනතුරු සිටියේය. ඔහු පසුව කීවේ පක්ෂයෙන් ඉවත්වීමට අමරසිංහ සහෝදරයා ගත් තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් බවයි. අප ඔහුගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයෙන් ඉවත් නොවන ලෙසයි. අමරසිංහ මහතා සිය කථාවේදී කියා සිටියේ මේ තීරණය තම පෞද්ගලික තීරණයක් බවයි.

‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් ඉස්සරහට යන්න බැහැ. ජවිපෙනුත් ඇතැමුනට අසාධාරණවී තිබෙනවා. ඒ කොටසුත් එකතු කරගෙන මම අලුත් පක්ෂයක් හදනවා‘

සෝමවංශ අමරසිංහ මහතා 1963 දී ජනතා විමුක්ති පෙරමුණට එක්වී 1990 වසරේ සිට එම පක්ෂයේ නායකත්වය දැරීය. 2014 වසර දක්වා ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් ඒ මහතා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අනුර කුමාර දිසානායක මහතාට ජවිපෙ නායකත්වය පවරමින් එම තනතුරෙන් ඉවත් විය.

DSC_1747 DSC_1758

DSC_1756DSC_1759

 

 



අදහස් (0)

සෝමවංශ අලුත් පක්ෂයක් හදයි

සුනිල් Saturday, 18 April 2015 02:38 PM

හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බලාගන්න පුලුවන් (නි)

:       0       0

චමිත් සුමේන්ද්‍ර Saturday, 18 April 2015 05:20 PM

නියමයි. විමල් නන්දන පෙරටු ගාමින් පරණ අය සමගින්. (ස)

:       0       0

නදීකා Friday, 17 April 2015 07:15 AM

නව ගමනට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site