IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෝමාවතියට අටපිරිකර 1000ක් පුදයි

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී සෑරදුන් අභියස  අට පිරිකර  දහසක් පුජා කිරීම හා කප් රුක් පුජාවක්  පසුගිය දා පැවැත්විණි.

පුත්තලම වනාතවිල්ලුව  ප්‍රදේශීය සභාවේ සභාපති  ඩග්ලස් ඉන්දික  සේනාධීර මහතා පිංකම සංවිධානය කළේය.

පුත්තලම ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් රැසක් හා  හා ජනතාවත් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමිණි විශාල බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.



අදහස් (0)

සෝමාවතියට අටපිරිකර 1000ක් පුදයි

මහින්ද කැලිෆෝර්නියා Wednesday, 22 October 2014 09:36 PM

පූජාව හොඳයි. නමුත් කුසලයක ආනිසංස තිබෙන්නේ ප්‍රමාණයට නොවේ (නි)

:       0       0

සංජීව Thursday, 23 October 2014 11:07 AM

නාරද හා සිරිමෙවන්, බුදුරජාණන් වහන්සේට පූජාකරන දෙයට ඇයි අපහාස කරන්නේ? අවුරුදු 2600 ක් වෙලත් බුදුරජාණන් වහන්සේ උදෙසා තවමත් පින්කම් කරනවා මේ මුළු ලෝකය පුරා.ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය බලමහිමය. වෙසක් පොසොන් දවස්වල කොච්චර දන්සල් පින්කම් කරනවාද? ඔබ බෞද්ධයන් නම් ඉතාම දුක්වෙනවා. නොදන්නාකමට අකුසල් ඇතිකරගන්න එපා. (නි)

:       0       0

දිසානායක Thursday, 23 October 2014 01:33 AM

නාරදට මමත් එකඟයි (නි)

:       0       0

අතුකෝරල Wednesday, 22 October 2014 11:47 AM

මේවා හොද වැඩ.ජීවත් වෙලා ඉන්න ටිකේ පින් කර ගන්න ඕනේ.(හේ)

:       0       0

සංජීව Thursday, 23 October 2014 11:18 AM

බුදුරජානන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේගේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් බුදුගුණයට කෙරෙන බුද්ධපූජාවන් ගෙන් වැඩක් නැහැ යන්න යමෙක් ප්‍රකාශ කොට පරිභව කරන්නේද , අන්‍යන්ව ද එවන් පුදපූජාවන් කිරීමෙන් වලක්වන්නේද , ඔවුන්හට එම අකුසලයේ විපාකය දෙලොවදීම විපාක දෙනු ලැබේ . දැන හෝ නොදැන පරිභව කිරීම අකුසලයකි.(හේ)

:       0       0

නාරද Wednesday, 22 October 2014 11:55 AM

ඔච්චර අට පිරිකර මොනවා කරන්නද? ඕවට වියදම කරන මුදලින් වැසිකිලියක් වත් නැති (දුෂ්කර පලාත්වල) පන්සලකට වැසිකිලියක් හදල දෙන එක ලොකු පිනක් නේද? කරන වැඩෙන් ලැබෙන ප්‍රයෝජනය හෝ ප්‍රතිඵලය ගැන නොවෙයි අපේ අය බලන්නේ, "ප්‍රසිද්ධිය" හෝ "නමක්" ලබා ගන්න. ඒ විතරක් නොවෙයි සමහරු "ආර්ථික" ලාබත් ගන්නවා. අපේ අහිංසක අම්මල තාත්තලාගේ ශ්‍රද්ධාව වැරදි විදිහට ප්‍රයෝජන ගන්න කපටින් ගෙන් ප්‍රවේශම් විය යුතුයි. (නදී)

:       0       0

කිත්සිරි Thursday, 23 October 2014 02:08 AM

සාදු! සාදු! අසිරිමත් පින්කමක්. නාරද, සිරිමෙවන්, මේ සංවිධායකයින්ගේ අරමුණු ගැන නොදැන, අනුන්ගේ කුසලයකින් පවු සිදුකරගැනීම මෝඩ ක්‍රියාවක්. (නි)

:       0       0

පීරිස් Thursday, 23 October 2014 04:24 AM

‍චෛත්‍යට පූජා කිරීම බුදුන්ට පූජා කිරීම හා සමානයි. සෝමාවතිය බුදුන් ගේ දකුණු අකු ධාතුව වැඩසිටිනා ස්ථානයයි. (අ)

:       0       0

ඡානක Thursday, 23 October 2014 04:47 AM

මේවා නම ගන්න ප්‍රසිද්ද වෙන්න කරන වැඩ. කුසලය මොකක්ද කියා දම්ම පදයේ කියා තිබෙනවා. (නදී)

:       0       0

මෙවන් Thursday, 23 October 2014 05:15 AM

තමන්ගේ දාඩිය මහන්සියෙන් සාධාරණව උපයාගත් මුදලකින් කොටසක් වැය කරලා බැති සිතින් කරන කුසලයත් මහත්ඵල මහානිශංස බව බුද්ධ භාෂිතයයි. (නදී)

:       0       0

සිරිමෙවන් Wednesday, 22 October 2014 05:37 PM

නාරද, ඔබ හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site