පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී සෑරදුන් අභියස අට පිරිකර දහසක් පුජා කිරීම හා කප් රුක් පුජාවක් පසුගිය දා පැවැත්විණි.
පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති ඩග්ලස් ඉන්දික සේනාධීර මහතා පිංකම සංවිධානය කළේය.
පුත්තලම ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් රැසක් හා හා ජනතාවත් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමිණි විශාල බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජාව හොඳයි. නමුත් කුසලයක ආනිසංස තිබෙන්නේ ප්‍රමාණයට නොවේ (නි)
නාරද හා සිරිමෙවන්, බුදුරජාණන් වහන්සේට පූජාකරන දෙයට ඇයි අපහාස කරන්නේ? අවුරුදු 2600 ක් වෙලත් බුදුරජාණන් වහන්සේ උදෙසා තවමත් පින්කම් කරනවා මේ මුළු ලෝකය පුරා.ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය බලමහිමය. වෙසක් පොසොන් දවස්වල කොච්චර දන්සල් පින්කම් කරනවාද? ඔබ බෞද්ධයන් නම් ඉතාම දුක්වෙනවා. නොදන්නාකමට අකුසල් ඇතිකරගන්න එපා. (නි)
නාරදට මමත් එකඟයි (නි)
මේවා හොද වැඩ.ජීවත් වෙලා ඉන්න ටිකේ පින් කර ගන්න ඕනේ.(හේ)
බුදුරජානන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේගේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් බුදුගුණයට කෙරෙන බුද්ධපූජාවන් ගෙන් වැඩක් නැහැ යන්න යමෙක් ප්‍රකාශ කොට පරිභව කරන්නේද , අන්‍යන්ව ද එවන් පුදපූජාවන් කිරීමෙන් වලක්වන්නේද , ඔවුන්හට එම අකුසලයේ විපාකය දෙලොවදීම විපාක දෙනු ලැබේ . දැන හෝ නොදැන පරිභව කිරීම අකුසලයකි.(හේ)
ඔච්චර අට පිරිකර මොනවා කරන්නද? ඕවට වියදම කරන මුදලින් වැසිකිලියක් වත් නැති (දුෂ්කර පලාත්වල) පන්සලකට වැසිකිලියක් හදල දෙන එක ලොකු පිනක් නේද? කරන වැඩෙන් ලැබෙන ප්‍රයෝජනය හෝ ප්‍රතිඵලය ගැන නොවෙයි අපේ අය බලන්නේ, "ප්‍රසිද්ධිය" හෝ "නමක්" ලබා ගන්න. ඒ විතරක් නොවෙයි සමහරු "ආර්ථික" ලාබත් ගන්නවා. අපේ අහිංසක අම්මල තාත්තලාගේ ශ්‍රද්ධාව වැරදි විදිහට ප්‍රයෝජන ගන්න කපටින් ගෙන් ප්‍රවේශම් විය යුතුයි. (නදී)
සාදු! සාදු! අසිරිමත් පින්කමක්. නාරද, සිරිමෙවන්, මේ සංවිධායකයින්ගේ අරමුණු ගැන නොදැන, අනුන්ගේ කුසලයකින් පවු සිදුකරගැනීම මෝඩ ක්‍රියාවක්. (නි)
චෛත්‍යට පූජා කිරීම බුදුන්ට පූජා කිරීම හා සමානයි. සෝමාවතිය බුදුන් ගේ දකුණු අකු ධාතුව වැඩසිටිනා ස්ථානයයි. (අ)
මේවා නම ගන්න ප්‍රසිද්ද වෙන්න කරන වැඩ. කුසලය මොකක්ද කියා දම්ම පදයේ කියා තිබෙනවා. (නදී)
තමන්ගේ දාඩිය මහන්සියෙන් සාධාරණව උපයාගත් මුදලකින් කොටසක් වැය කරලා බැති සිතින් කරන කුසලයත් මහත්ඵල මහානිශංස බව බුද්ධ භාෂිතයයි. (නදී)
නාරද, ඔබ හරි (නි)