ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන ප්‍රතිපාදන යෙදවීම සඳහා විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කොට ඇත.
ජනවර්ග අතර සංහිඳියාව ගොඩනැංවීම, නැවත පදිංචි කිරීමේ කටයුතු සහ නීතිය ශක්තිමත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන් හරහා එම අරමුදල ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසා ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්වේ.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් දක්වා තිබේ.
මේවන විට ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩ නැගීම සඳහා ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇති හෙයින් මෙවැනි විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවූ බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
මූල්‍ය හා තාක්ෂ‚ක යන අංශ දෙකෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නැංවීම තුළින් සාමය ස්ථාපිත කිරීම සාර්ථක වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් හරි සිංගප්පුරුවෙන් හරි කෙනෙක් ලොක්ක කරලා යවමු (නදී)
සමහරු දැන් හිතයි අපේ රටට විරුද්ධව අරමුදලක් පිහිටවලා කියලා. අද කාලේ කිසිම රටක රාජ්‍ය නායකයෙකුට තව රටක් පාගන්නවත් වට්ටන්නවත් උවමනාවක් නැහැ. අද අප්‍රිකානු රටවල් නඟාසිටුවීමට පෙරමුණ ගෙන ඉන්නේ ඇමෙරිකානු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන. (නි)