IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සාමයට සංහිඳියාවට ජගත් අරමුදලක්

ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන ප්‍රතිපාදන යෙදවීම සඳහා විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කොට ඇත.

ජනවර්ග අතර සංහිඳියාව ගොඩනැංවීම, නැවත පදිංචි කිරීමේ කටයුතු සහ නීතිය ශක්තිමත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන් හරහා එම අරමුදල ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසා ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන්වේ.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ   පැවති දෛනික මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් දක්වා තිබේ.

මේවන විට ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩ නැගීම සඳහා ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇති හෙයින්  මෙවැනි විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවූ බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

මූල්‍ය හා තාක්ෂ‚ක යන අංශ දෙකෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නැංවීම තුළින් සාමය ස්ථාපිත කිරීම සාර්ථක වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තුවේ.
 

 



අදහස් (0)

සාමයට සංහිඳියාවට ජගත් අරමුදලක්

කේ. දිසානායක Friday, 07 August 2015 12:39 PM

ලංකාවෙන් හරි සිංගප්පුරුවෙන් හරි කෙනෙක් ලොක්ක කරලා යවමු (නදී)

:       0       0

චන්දන Friday, 07 August 2015 07:51 PM

සමහරු දැන් හිතයි අපේ රටට විරුද්ධව අරමුදලක් පිහිටවලා කියලා. අද කාලේ කිසිම රටක රාජ්‍ය නායකයෙකුට තව රටක් පාගන්නවත් වට්ටන්නවත් උවමනාවක් නැහැ. අද අප්‍රිකානු රටවල් නඟාසිටුවීමට පෙරමුණ ගෙන ඉන්නේ ඇමෙරිකානු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site