(හේමලතා ඩී හේවගේ)
පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අද (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුතුනායක පේලිගේ ෂෙහානි ජයන්තිකා සල්මාලි නැමති 28 හැවිරිදි ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර 35 හැවිරිදි සැකකාර සැමියා සති දෙකකට පෙර රක්ෂිත බණ්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි අයෙක් බව පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැමියා සමඟ වාසය කිරීමට නොහැකි බව පවසා දරුවන් තිදෙනා සමඟ වෙන්නප්පුව සිරිගම්පොල ප්රදේශයේ ඇයගේ මවගේ නිවසේ වාසය කර ඇති බව පොලිසිය කීය.
ඝාතනයට ලක්වූ කාන්තාව එම ප්රදේශයේ ග්රාම නිලධාරී කාර්යාලය අසල රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සැකකාර සැමියා ඇය නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් නිවස ඉදිරිපිටදී පහරදී ඝාතනය කර ඔහු ප්රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
ඝාතනය සිදුකර ප්රදේශයෙන් පලාගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට ජීවත්වීම ගැටලුකාරී නම් වෙන් වෙන්ව ජීවත්වීමේ වරද කුමක්ද? දියුණු රටවල මෙන් පවුල් ප්රශ්න විසඳීමට උපදෙස් දෙන, උපදෙස් සේවාවන්ගේ උදව් උපකාරයන් ලැබුවේ නම් ඇය තවමත් ජීවතුන් අතර.. දැන් දෙමාපියන් නැතුව මුලු ජීවිත කාලයම, විඳවන්නට සිදුවන්නේ අර අහිංසක දරු තුන් දෙනාටයි. ලොකු මිනිසුන්ගේ පව්වලට කිසිත් නොදත් දරුවන්ට කරගහන්න සිදුවීම නම් මහත් ඛේදවාචයකි.