වසර පහකට පෙර සාර්ථක කර්ණසංඛ බද්ධයකට ලක්වී පාසල් ද යන දැරියක වෙනුවෙන් සල්ලි ගරන කුට ව්‍යාපාරයක් දඹුල්ලේ බසයකදී සොයා ගත් නමුත් එම දරුවාට කිසිම සම්බන්ධයක් නැති සම්මාදම්කරු සෑහෙන මුදලක් එකතු කරගෙන පැන ගිය බව කියති.
ගලේවෙල,දේවහුව,බුලන වැව, 4 කණුව හි පදිංචි ඩබ්ලිව්.ජි.උපුල් චමින්ද මහතාගේ හා ආර්.සී.එන්.පෙරේරා රූපසිංහ මහත්මියගේ අවුරුද්දයි මාස 10 ක් පමණ වයසැති දියණිය වන ඩබ්ලිව් ජි නෙත්සි තරින්‍යයාට එම සැත්කම සාර්ථකව නිම කළ බව ලංකාදිපය සොයා ගත්තේය.
සම්මාදම් කරන පුද්ගලයා පෙරදින (05) කොටුව - මොරටුව (101) බසයකට නැඟ රුපියල් පනහක් මුද්‍රිත ටිකට්පත් බෙදා දුන්නේය. දරුවාත් මවත් පියාත් එම ලිපිනයේ පදිංචිව සිටින බව සම්මාදම්කරු පැවසු නමුත් එහි ගිය ලංකාදිප මාධ්‍යවේදී පැවසුවේ ඔවුන් වසර පහකට පෙර පදිංචිය වෙනස් කැර ඇති බවයි. ඔවුන්ගේ ඥාතින් පිරිසක් මේවන විට එම නිවසේ පදිංචිව සිටිති. ටිකට්පතේ තිබු දුරකථන අංකය ද වැරදි බව කියති.
මෙවැනි වංචා වලට හසු නොවන ලෙස පොලිසිය මහජනයාට උපදෙස් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd