බලයේ සිටින්නේ ජාතික ආණ්ඩුවක් යැයි කීවත් මෙය දේශද්‍රෝහී ආණ්ඩුවක් බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
‘වියතුන්ගේ හඬ‘ සංවිධානය මගින් අද (4) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ එසේ කීහ.
‘මේ රජයේ අය කියන්නේ මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. එය හරියටම හරි. දේශද්‍රෝහී වැඩ කිරීමට සම්මුතියකට පැමිණ සිටින මේ රජයට ඒ නම සුදුසුයි‘ යැයිද නාලක හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක මෙයාලට ආවඩන්නේ ලජ්ජා නැද්ද. මේ ගොයියත් මොකක් හරි හොරකමක ගෑවිලා ඇති. ඒකයි මෙච්චර මේ. පන්සල් වලට වෙලා මිනිස්සුන්ව යහමගට ගන්නවා වෙනුවට දේශපාලුවන්ට පන්දම් අල්ල අල්ල අැවිදිනවා (බ)
නොදන්නා දේවල් කතා කරන්න එපා හාමුදුරුවනේ (කෞ)
සංජය හුසේන් ඔබ දෙදෙනාම හරි. මේ ජාතිවාදය සමග බඩගොස්තර වාදය. දැන් අතට මුකුත් එන්නේ නැතිව අමාරු ඇති. සර් ජෝන් කියපු දේ තමා කරන්න ඕනේ. (බ)
ඔබ වහ්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත (බ)
දේශපාලනය ඔය ගෞරවාන්විත අැඳුමට ගැළපෙන්නේ නැහැ හාමුදුරුවනේ (නි)
බුදුදහම නැතිවන්නේ සංඝයාවහන්සේලා අතින්මයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. (බ)
එලොවටත් නැති මෙලොවටත් නැති වාසි පැත්තට ආවඩනවා.කරන කෙරුවාවක් නැහැ. (බ)
ලංකාවේ හැමදාම ඇනුමට බැනුමට බය නැතුව ඇත්ත කියන්න ඉදිරිපත් වුනේ හාමුදුරුවරු විතරයි. දැන් ඒ හමුදුරුවරුන්වත් හිරේ දමන බංකලොත් තත්වෙට ඇදවැටිලා (බ)
ඕක වැරදි කතාවක්. හොයලා බලන්න. ඔබ දන්නවා ඇති අපි නම් එහෙම දෙයක් දන්නේ නැහැ. (කෞ)
හාමුදුරුවනේ ඉස්සෙලම අපිට කියන්න මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩ මොනවද කියලා.(බ)
පිටිගල මිලානෝ හරි. ඉස්සර වගේ කරදරයකින් තොරව ඔහොම වදාරන්න පුළුවන් කම තිබීමම සම්මුතිවාදයක්, විරුද්ධමත ඉවසා සිටීමක් තියෙන බවට ලකුණක් නෙමෙයිද? (බ)
අපේ ඉහළම තනතුර ගන්න බිරිඳ වුණත් විකුණන සිංහල නායකයන් ඉන්නවා (බ)
ලංකාවේ අපි පසු කළේ මොනවගේ සිදුවීම් පිරි බැරෑරුම් කාල වකවානුවක්ද යන්නත් ඉදිරි යුගය කෙසේ යායුතුද යන්නත් හරි හැටි විමසුම් ඇසින් තේරුම් නොගෙන කතිරයේ හයිය පෙන්නපු අම්බරුවන්ට ඉදිරි මාස කිහිපය ඇතුලත අං එන එක නියතයි , සහතිකයි. (බ)
පිටිගල මිලානෝ දන්නා බුදු දහමක් නැති බව මේ බොරු කතාවෙන් පෙනෙනවා.බුදුන් වහන්සේ කිසිම දිනක කිසිම තැනක ඔවැනි දෙයක් දේශනා කොට නොමැත (බ)
දේශපාලකයින්ගේ පිටවල් කහන අයට ගහල එළවන්න ඕනා. ජාතික ඇඳුම ඇඳගෙන දේශපාලනය කරනවාද, එහෙම නැත්නම්, සිවුර ඇඳගෙන ගෞරවනීය ලෙස සාසනීය මෙහෙවර කරනවාද කියලා තීරණය කළ යුතුයි. (බ)
මේ උදවිය, මහින්ද මහත්තය බලයේ ඉද්දී කරපු සමාජ විරෝධී සහ සදාචාර විරෝධී කිසි දෙයක් නොදකින්න හේතුව ජාතිවාදී කන්නාඩි දාගෙන හිටි නිසයි. හැබැයි, තාම ඒවා ගලවලා නැති පාටයි. (බ)
ස්වමීන් වහන්ස! දිනු රට රැක ගනිමු. ඔබ වහන්සේට පින්!!!!!!!!!!!!! (ම)
බුදුන්වහන්සේ පවා කියල තියනවා පළමුව රාජ්‍ය නීතියට අනුව කටයුතු කරන්න කියල එසේ එසේ නොවුනොත් හිරේ යන්න වෙනවා (බ)
හාමුදුරුවන්ගෙත් වැරදි ඇති. සිංහල අයිතියත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් එකට බැඳී ඇති බව සමහරු නොදනිති. (නි)
නාලක හිමි හරියටම හරි. (බ)
හාමුදුරුවනේ රට කොහොම. හරි හදාගන්න. පුළුවන්. සාසනය රැකගන්න. චිවරය. රුපියලටත් වැඩිය බාල්දුවෙලා මිනිසුන්ව කෝප කරන්නේ. නැතිව. ඉඩ ලද හැමවිටකම සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියන්න. කතා කිරීමේ. අයිතිය බුක්ති විදින්න. එය විනාස කරන්නේ නැතිව (බ)
ඔව් චාමර බුද්ධරක්ඛිත, සෝමාරාම වගේ හාමුදුරුවරුත් බය නැතුව ඇත්ත කියන්න ඉදිරිපත් වෙච්ච හාමුදුරුවරු නේද? හාමුදුරුවරු පාලකයන්ට අවවාද අනුසාසනා ලබා දෙන එක වෙනම දෙයක්. තමන්ගේ මනාපය අනුව නායකයන් නිෂ්පාදනේ කොරගන්න උන්නාන්සේලාට කිසිම අයිතියක් නැහැ! (බ)
හාමුදුරුවරු දේශපාලකයන්ට කඩේ යැම මේ පිංබිමටත් ජාතියටත්වු බරපතලම අභාග්‍යකි. පුරානයේ කළ අාකාරයට රජයට අනුශාසනා දිම කළ යුතුය. (බ)
සොරුන් රකින්නැයි කාගේත් කියමන්- කවුද අහන්නේ අනේ මේවා- පොකට් ගැහිල්ලයි දේශප්‍රේමයයි එකමග යන්නේ කොහොමද මන්දා.(හේ)
කියලා වැඩක් නැහැ අප්පා නියම බණ.(අ)
කතාව හරි (බ)
කව්රු මොනවා දෙඩුවත්, අපේ රටට විපතක් වෙන කොට පිහිට උනේ උතුම් සංගාය වහන්සේලා බව නොදන්නා අයත් ඉන්නවා (හේ)
දේශපාලකයින්ගේ පිටවල් කහන අයට ගහල එළවන්න ඕනා. (හේ)