IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘සම්මුතිවාදී ආණ්ඩුවක් කියන නම සුදුසුයි‘

බලයේ සිටින්නේ ජාතික ආණ්ඩුවක් යැයි කීවත් මෙය දේශද්‍රෝහී ආණ්ඩුවක් බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

‘වියතුන්ගේ හඬ‘ සංවිධානය මගින් අද (4) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ එසේ කීහ.

‘මේ රජයේ අය කියන්නේ මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. එය හරියටම හරි. දේශද්‍රෝහී වැඩ කිරීමට සම්මුතියකට පැමිණ සිටින මේ රජයට ඒ නම සුදුසුයි‘ යැයිද නාලක හිමියෝ පැවසූහ.

viyatungehanda_201644



අදහස් (0)

‘සම්මුතිවාදී ආණ්ඩුවක් කියන නම සුදුසුයි‘

සංජය Monday, 04 April 2016 03:32 PM

නාලක මෙයාලට ආවඩන්නේ ලජ්ජා නැද්ද. මේ ගොයියත් මොකක් හරි හොරකමක ගෑවිලා ඇති. ඒකයි මෙච්චර මේ. පන්සල් වලට වෙලා මිනිස්සුන්ව යහමගට ගන්නවා වෙනුවට දේශපාලුවන්ට පන්දම් අල්ල අල්ල අැවිදිනවා (බ)

:       0       0

නන්ද Monday, 04 April 2016 03:36 PM

නොදන්නා දේවල් කතා කරන්න එපා හාමුදුරුවනේ (කෞ)

:       0       0

හෙක්ටර් පෙරේරා Monday, 04 April 2016 03:51 PM

සංජය හුසේන් ඔබ දෙදෙනාම හරි. මේ ජාතිවාදය සමග බඩගොස්තර වාදය. දැන් අතට මුකුත් එන්නේ නැතිව අමාරු ඇති. සර් ජෝන් කියපු දේ තමා කරන්න ඕනේ. (බ)

:       0       0

සෞදි සරත් Monday, 04 April 2016 12:27 PM

ඔබ වහ්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත (බ)

:       0       0

කොස්තා Monday, 04 April 2016 08:41 PM

දේශපාලනය ඔය ගෞරවාන්විත අැඳුමට ගැළපෙන්නේ නැහැ හාමුදුරුවනේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 April 2016 12:27 PM

බුදුදහම නැතිවන්නේ සංඝයාවහන්සේලා අතින්මයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. (බ)

:       0       0

ලක්සිරි Monday, 04 April 2016 03:53 PM

එලොවටත් නැති මෙලොවටත් නැති වාසි පැත්තට ආවඩනවා.කරන කෙරුවාවක් නැහැ. (බ)

:       0       0

චාමර Monday, 04 April 2016 12:33 PM

ලංකාවේ හැමදාම ඇනුමට බැනුමට බය නැතුව ඇත්ත කියන්න ඉදිරිපත් වුනේ හාමුදුරුවරු විතරයි. දැන් ඒ හමුදුරුවරුන්වත් හිරේ දමන බංකලොත් තත්වෙට ඇදවැටිලා (බ)

:       0       0

රොකී Tuesday, 05 April 2016 02:35 PM

ඕක වැරදි කතාවක්. හොයලා බලන්න. ඔබ දන්නවා ඇති අපි නම් එහෙම දෙයක් දන්නේ නැහැ. (කෞ)

:       0       0

ඩෙන්සිල් ගුණවර්ධන Monday, 04 April 2016 12:46 PM

හාමුදුරුවනේ ඉස්සෙලම අපිට කියන්න මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩ මොනවද කියලා.(බ)

:       0       0

උපාලි Monday, 04 April 2016 12:46 PM

පිටිගල මිලානෝ හරි. ඉස්සර වගේ කරදරයකින් තොරව ඔහොම වදාරන්න පුළුවන් කම තිබීමම සම්මුතිවාදයක්, විරුද්ධමත ඉවසා සිටීමක් තියෙන බවට ලකුණක් නෙමෙයිද? (බ)

:       0       0

ලක්සිරි Monday, 04 April 2016 12:49 PM

අපේ ඉහළම තනතුර ගන්න බිරිඳ වුණත් විකුණන සිංහල නායකයන් ඉන්නවා (බ)

:       0       0

චන්ද්‍රා Monday, 04 April 2016 12:55 PM

ලංකාවේ අපි පසු කළේ මොනවගේ සිදුවීම් පිරි බැරෑරුම් කාල වකවානුවක්ද යන්නත් ඉදිරි යුගය කෙසේ යායුතුද යන්නත් හරි හැටි විමසුම් ඇසින් තේරුම් නොගෙන කතිරයේ හයිය පෙන්නපු අම්බරුවන්ට ඉදිරි මාස කිහිපය ඇතුලත අං එන එක නියතයි , සහතිකයි. (බ)

:       0       0

උපාලි Monday, 04 April 2016 01:00 PM

පිටිගල මිලානෝ දන්නා බුදු දහමක් නැති බව මේ බොරු කතාවෙන් පෙනෙනවා.බුදුන් වහන්සේ කිසිම දිනක කිසිම තැනක ඔවැනි දෙයක් දේශනා කොට නොමැත (බ)

:       0       0

භද්‍රානි Monday, 04 April 2016 01:28 PM

දේශපාලකයින්ගේ පිටවල් කහන අයට ගහල එළවන්න ඕනා. ජාතික ඇඳුම ඇඳගෙන දේශපාලනය කරනවාද, එහෙම නැත්නම්, සිවුර ඇඳගෙන ගෞරවනීය ලෙස සාසනීය මෙහෙවර කරනවාද කියලා තීරණය කළ යුතුයි. (බ)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 04 April 2016 01:42 PM

මේ උදවිය, මහින්ද මහත්තය බලයේ ඉද්දී කරපු සමාජ විරෝධී සහ සදාචාර විරෝධී කිසි දෙයක් නොදකින්න හේතුව ජාතිවාදී කන්නාඩි දාගෙන හිටි නිසයි. හැබැයි, තාම ඒවා ගලවලා නැති පාටයි. (බ)

:       0       0

මාලනි Tuesday, 05 April 2016 02:06 AM

ස්වමීන් වහන්ස! දිනු රට රැක ගනිමු. ඔබ වහන්සේට පින්!!!!!!!!!!!!! (ම)

:       0       0

නුවන් Monday, 04 April 2016 01:54 PM

බුදුන්වහන්සේ පවා කියල තියනවා පළමුව රාජ්‍ය නීතියට අනුව කටයුතු කරන්න කියල එසේ එසේ නොවුනොත් හිරේ යන්න වෙනවා (බ)

:       0       0

නිමල් ලලිත Monday, 04 April 2016 04:37 PM

හාමුදුරුවන්ගෙත් වැරදි ඇති. සිංහල අයිතියත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් එකට බැඳී ඇති බව සමහරු නොදනිති. (නි)

:       0       0

රටගෙදර Monday, 04 April 2016 02:00 PM

නාලක හිමි හරියටම හරි. (බ)

:       0       0

චතුරි Monday, 04 April 2016 02:15 PM

හාමුදුරුවනේ රට කොහොම. හරි හදාගන්න. පුළුවන්. සාසනය රැකගන්න. චිවරය. රුපියලටත් වැඩිය බාල්දුවෙලා මිනිසුන්ව කෝප කරන්නේ. නැතිව. ඉඩ ලද හැමවිටකම සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියන්න. කතා කිරීමේ. අයිතිය බුක්ති විදින්න. එය විනාස කරන්නේ නැතිව (බ)

:       0       0

රොකී Monday, 04 April 2016 02:18 PM

ඔව් චාමර බුද්ධරක්ඛිත, සෝමාරාම වගේ හාමුදුරුවරුත් බය නැතුව ඇත්ත කියන්න ඉදිරිපත් වෙච්ච හාමුදුරුවරු නේද? හාමුදුරුවරු පාලකයන්ට අවවාද අනුසාසනා ලබා දෙන එක වෙනම දෙයක්. තමන්ගේ මනාපය අනුව නායකයන් නිෂ්පාදනේ කොරගන්න උන්නාන්සේලාට කිසිම අයිතියක් නැහැ! (බ)

:       0       0

ජයතු Monday, 04 April 2016 02:20 PM

හාමුදුරුවරු දේශපාලකයන්ට කඩේ යැම මේ පිංබිමටත් ජාතියටත්වු බරපතලම අභාග්‍යකි. පුරානයේ කළ අාකාරයට රජයට අනුශාසනා දිම කළ යුතුය. (බ)

:       0       0

චන්දික Tuesday, 05 April 2016 03:31 AM

සොරුන් රකින්නැයි කාගේත් කියමන්- කවුද අහන්නේ අනේ මේවා- පොකට් ගැහිල්ලයි දේශප්‍රේමයයි එකමග යන්නේ කොහොමද මන්දා.(හේ)

:       0       0

රවිඳු Monday, 04 April 2016 02:46 PM

කියලා වැඩක් නැහැ අප්පා නියම බණ.(අ)

:       0       0

අසින් Tuesday, 05 April 2016 05:18 AM

කතාව හරි (බ)

:       0       0

සරත් Tuesday, 05 April 2016 06:10 AM

කව්රු මොනවා දෙඩුවත්, අපේ රටට විපතක් වෙන කොට පිහිට උනේ උතුම් සංගාය වහන්සේලා බව නොදන්නා අයත් ඉන්නවා (හේ)

:       0       0

ශාන් Tuesday, 05 April 2016 06:24 AM

දේශපාලකයින්ගේ පිටවල් කහන අයට ගහල එළවන්න ඕනා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site