තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඞ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් මෙය හමුදාව ආණ්ඩුව හමුදා බලය අතට ගැනීමක් නොවන බවත් ජනාධිපති මුගාබේ ආරක්ෂිතව සිටින බවත් වාර්තා වේ.
බදාදා (15) අළුයම් කාලයේ සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවරට උතුරු පෙදෙසට වන්න පිහිටි නගරබද ප්‍රදේශවලින් දිගින් දිගටම වෙඩි හුවමාරුවල ශබ්ද සහ කාලතුවක්කු ප්‍රහාරවල ශබ්ද ඇසුණු බව ද වාර්තා විය.
හමුදා ඇඳුමින් සැරසුණු නිලධාරියකු යැයි කිවහැකි පුද්ගලයකු රූපවාහිනිය ඔස්සේ රටේ සමාජ ආර්ථික අර්බුද ඇති කරන අපරාධ එරෙහිව කටයුතු කරන පිරිසට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.
මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ආණ්ඩුවට මෙයින් කිසිදු බලපෑමක් හෝ ආණ්ඩුව මීට සම්බන්ධ නැතැයි දකුණු අප්‍රිකාවේ සිටින සිම්බාබ්වේ නියෝජිත ඉසැක් මොයෝ පැවැසීය.
අනූතුන් වියේ පසුවන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් අදාළ ප්‍රකාශයේ සඳහන්ව තිබේ.
එමෙන්ම තම මෙහෙයුම අවසන් වූ පසු සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාවේ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ සඳහන්ව ඇත.
මේ අතර මෙම හමුදාමය ක්‍රියාමාර්ගයට නායකත්වය දෙනුයේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලිව වාර්තා වී නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
(055)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉඩි අමින් කෙනෙක් එන්න වගේ හදන්නේ අලුතෙන්?
ශ්‍රී ලංකාවටත් ......?
මෙහෙම ගියොත් ලංකාවටත් මේ ටික ලගදීම වෙයිද කියල සැකයි.
රුවන් මලයෝ, අපටත් කරදර වෙන්න ලඟයි වගේ කියල මට නම් හිතෙනවා!ජයවේවා!!
ලංකාවේ මිනිසුන්ගේ මොලේ තියෙන තැන මට නම් හිතාගන්න බැහැ...
අපිට කොයින්ද එහෙම වාසනාවක්.