විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් ජාතික බලය සංවිධානයේ සාමාජිකයෝ අද (27) කොළඹ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ.
සම්බන්ධන් කාර්යාලයේ නැති බව ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන් පසු ඔවුහු විසිර ගියහ. ගලගම ධම්මදස්සි, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන යන හිමිවරුද සරත් මනමේන්ද්‍ර, විමල් ගීගනගේ, අබ්දුල් මජීඩ්, අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක් ද විරෝධතාවයට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්නේ පුදුම ජාතිවාදියන් ඒ මනුස්සයාත් ලංකාවේ කෙනෙක් අපේ හමුදාව ඒ මනුස්සයාටත් අයිතියි හමුදා දෙකක් තියෙන්න ඕනෙද දමල අයටයි සිංහල අයටයි (අ)
නිම්මි, සම්බන්ධන් කරපුවා ඔයගොල්ලෝ අනුමත කරනවා වගේ සිංහල අපි කරන ඒවා අනුමත කරන්නේ අපි. (නි)
නිම්මි, සිංහලයෝ නැවත නිවට තත්ත්වයට පත්කරලා. නැත්නම් මේ වනවිට ගොඩක් දේවල් සිදුවෙලා. (නි)
නිම්මි, ඔයාගේ අනුමැතිය අපිට වැඩක් නැහැ (නි)
රුවන්, හමුදාවල් දෙකක් අවශ්‍ය නැහැ, මතක ඇතිනේ දෙකක් තිබුන කාලේ රටේ තත්ත්වය... හමුදා කඳවුරට බලෙන් ඇතුළු වීම ගැනයි මේ කතා කරන්නේ..(හේ)
නිමල්ලාලිත විකාර කතා නොකර ඉන්න. (ර)
ජාතිවාදීන් කියන්නේ මොකද්ද කියල තේරෙන්නේ නැති අය මෝඩයෝ අපියි. එකනේ මෙයා වෙනම පෙඩරල් එකක් ඉල්ලන්නේ. එතකොට ඒවා හොදයිද? (ර)
කොන්ද පණ ඇති මිනිස්සු ටිකක්. ජයවේවා! (නි)
උද්ඝෝෂණය කරලා වැඩක් නෑ නේද?(හේ)
මෙය හොඳ වැඩක් හැටියටයි අපි නම් දකින්නේ. (නි)
විපක්ෂ නායකවරයා කියන දේ ගැන සොයා බැලීම රජය සතු වගකීමක්. කාටවත්, කාගේවත් අයිති දේවල් බලෙන් ගන්න පුළුවන් නම්, ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න බැහැ. ජාතිවාදීන්ගේ අවතාර තාම හොල්මන් කරන බව පේනවා. (ර)
කළයුත්තේ අවශ්‍ය දේ කිරීමට දේශපාලන ගැති සිංහලයා එකතුකිරීම මිස, මෙවැනි දේ නොවේ. (නි)
මෙහෙම වයසක මිනිස්සු හතරදෙනෙක් සත්‍යග්‍රහයක් කරලා වැඩක් නැහැ පිරිසක් එකතුවෙන්න ඕනි (බ)
මම නම් මේවා අනුමත කරන නැහැ. නමුත් රජය පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතුයි(කෞ).