ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව, ප්‍රමාදයකින් තොරව , මින් පෙර තීරණය වූ පරිදි ලබන මස නිකුත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පැවසීයැයි බීබීසී ගුවන් විදුලිය වාර්තා කරයි.
එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ පසුගිය කාලයේ පැවැත්වූ සාකච්ඡාවල දී එම වාර්තාව නියමිත පරිදි නිකුත් කළ යුතු බව තමන් ඔවුන්ට පැහැදිලි කළ බවත් සම්බන්ධන් මහතා කියා ඇත.
2014 දී සම්මත කර ගත් තීරණයක් අනුව ආරම්භ කළ විමර්ශන කටයුතු අවසන් වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, සත්‍ය තොරතුරු ඇතුළත් අපක්ෂපාතී හා සාධාරණ වාර්තාවක් නිකුත් කරන බව එම නිලධාරීන් තමන්ට පැවසූ බවත් මන්ත්‍රී කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද අපරාධ වෙලා නෑමයි කියන්න බෑනේ.. සාක්ෂි හමුවෙලා තියෙනවනේ.. ඒ මැරුනු දමිළ වැසියොත් අපේ සහෝදරවරුනෙ...ඇයි පරීක්ෂණයක් කරලා වගකිවයුත්තන්ට දඩුවම් දෙන්නේ නැත්තේ? (බ)
ලාංකීය කටුසු දේශපාලනයට වඩා මෙතුමාගේ පිළිවෙත හොඳද-නරකද ? (නදී)
මැතිවරණ පොරොන්දු ,ප්‍රකාශන සහ දැන් සිදුවෙමින් පවතින දේ ගැන කල්පනාකාරීව බැලිය යුතු කාලයයි මේ.(දිල්)
නිපුන හරි මේ කළේ යුද්ධයක්නෙ. ඒකෙන් සිවිල් වැසියන්ටත් හානි වෙන්න පුළුවන්. හැබැයි දක්ෂතාවය කියන්නේ සිවිල්වැසියන්ට වෙන හානිය අවම කරන එක. ඒක අපේ හමුදාව උපරිමයෙන් කරල තියෙනවා. පොඩ්ඩක් බලන්න යුද්ධය පවතින අනෙක් රටවල් දිහා. ඒ යුද්ධ නිසා දවසකට සිවිල්වැසියන් කී දෙනෙක් මිය යනවද. ඒව ගැන ජාත්‍යන්තරය නිහඩයි. හැබැයි ලෝකයේ හොදම මානුශීය මෙහෙයුම කරපු අපෙ හමුදාවට යුද්ධ අපරාද චෝදනා කරනව. (බ)
නිපුන, වසර 30ක් පුරාවට ත්‍රස්තවාදය නිසා මැරුණු ලක්ෂ ගණනක් සිංහලයෝ ඔබට සහෝදර සහෝදරියෝ නොවෙයිද? ඔයාගේ සැබෑම නමින්මද අදහස් එවන්නේ. (නි)
නිමල් වගේ අය හිතන්නේ අද ගැන විතරයි. ලෝකෙට කොලේ වහල ඉන්න බැහැ කවදාවත්. ඒවාට කවදා හෝ උත්තර බදින්න ඕනේ කවුරු රට ගෙනගියත්. (නදී)
නිපුන, ඇඳුමක් ඇදගනද දන්නේ නැහැ අදහස් දක්වලා තියෙන්නේ. (නදී)
නිපුණට කොහෙන්ද දන්නෙ නැහැ ඒ සාක්‍ෂි හම්බ උනේ. ඉඳගෙන ඉන්න තැනින් නැගිටල වෙන තැනකින් ඉඳ ගත්තොත් ඔලුවෙ අමාරුත් අඩු වෙලා යයි සමහර විට. (නදී)
ඉතින් එයාල ඉල්ලන මස් රාත්තල කපල බෙදල දෙන්න. කාටද ආඩම්බර? (නදී)
නිපුණ, ඔයා ගිය සතියේද ඉපදුනේ. මොනවද වෙලා තියෙන අපරාද. රටේ අස්සක් මුල්ලක් ගානේ මිනිස්සු බල්ලෝ බළල්ලු විදිහට මරා දැමුවේ අපි නෙවෙයි ඒ ම්ලේජ්ජ කොටි ත්‍රස්තවාදීන්. සෙබළු දහස් ගණනක් දිවි පුදලා රටේ බියෙන්,සැකෙන්, තොරව ඉන්න වටපිටාවක් හදල දුන්න නිසා තමයි අද හැමෝම ලොකු කතා දෙන්නේ. අපේ වීරයෝ පාවල දෙන්න එපා. (නදී)
නිපුන ඔයා කොහොමද කතා කරන්නේ ? බල්ලෝ බළල්ලු ගානට මැරුන සිංහලයෝ, හමුදා සෙබලු වලවල් වලින් නැගිටලා සාප කරයි (නදී)
නිපුන, ත්‍රස්තවාදීන් අතින් මැරුණු ශ්‍රී ලාංකිකයන් ගැන නොදන්නේද? සම්බන්ධන්ලත් හිටියේ හැංගිලා. දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියන්නේ මේ වගේ අයට (නි)
නිපුන මොකුත් ලියන්න නැතිනම් අදහස් ලියන්න එපා. අපේ ආදරණීය යුද සෙබළු නොබියව ඉදිරියට ගියේ රටේ ඉන්න සිංහල දෙමල මුස්ලම් සියලු දෙනාගේ ජීවිත වෙනුවෙන්. අපේ රටේ ගම්මාන වල සිංහල මිනිස්සු,සෙබළු මේ අයට වග කියන්නේ කව්ද? සම්බන්දන්ලට මස් රාත්තලම දුන්නත් මදි. (නදී)
නිපුන ඔයාගේ කව්රු හෝ එල්.ටී.ටී එකට සම්බන්ධද ? (නදී)
නිපුන කියන්නේ නියම යු.ඇන්.පී කාරයෙක් (නදී)
යහපාලනයනේ ඕකත් දීල දාන්න. අපිට මොකෝ බඩ කට දෙක පිරෙනවා නම් (නදී)
අපෝ ඔව් සත්‍ය තොරතුරු ඇතුළත් අපක්ෂපාතී හා සාධාරණ වාර්තාවක් වේවි. ශාක්ෂි දුන්නේ කොටි ඩයස්පෝරාව සහ එන්.ජී.ඕ කපුටු රැලනේ. (නදී)
ලංකාවේ මස් කඩවල තරාදි වලින් රාත්තලක් කියන්නේ අවුන්ස 14-15 කට පමණ නිසා අවුලක් නැහැ. (නදී)
වැරදි කරපු අය ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන්න දෙන්න. ඒක රටේ සාමයට ඉතා වැදගත්. අපේ පැතුම එයයි. (ස)
කට්ටියම එකතුවෙලා මහින්ද මහත්තයාව පැරැද්දුවනේ .දැන් ඉතින් එන විදියකට මුහුණ දෙන්න තමයි තියෙන්නේ (දිල්)
නිදහස් අරුණැලි වැටී හුස්ම පොදක් ගන්නා මිනිසුන් නැවතත් මහමඟට ඇදදමන්න නම් එපා (නි)
හැමෝම බුද්ධිමත්ව කටයුතු කළොත් හොඳයි. (නි)
කව්ද දන්නේ සම්බන්දනුත් එල්.ටි.ටි ද කියලා. (නදී)
කට්ටියම එකතුවෙලා මහින්ද මහත්තයාව පැරදුවනේ.දැන් ඉතින් එන විදියකට මුහුණ දෙන්න තමයි තියෙන්නේ (නි)