මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් අවසානයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සහකාර අධ්‍යක්ෂ අමල් රණවීර හා මහරගම නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අතර ගුටිබැට හුවමාරුවක් ඇති විය.
පාරක් සම්බන්ධයෙන් මන්ත්‍රී ඇසූ ප්‍රශ්නයකින් පසු මේ තත්ත්වය ඇති විය.
විමලචන්ද්‍ර මහතා ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාරත්න මහත්මියට ද දොස් කියනු එහි සිටි අය දුටහ.
සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැතියේ දිනේශ් ගුණවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නිශාන්ත විමලචන්ද්‍ර මහතා පැවසුවේ තමන්ගේ කොට්ටාව පන්නිපිටිය වසමට අයත් ප්‍රගති මාවත සංවර්ධනය කිරීමට පෙර මුසු යෙදිය යුතු බව මුල් ඇස්තමේන්තුවේ පැවැති නමුත් කිසිදු විමසීමකින් තොරව අතින් මිශ්‍රකර තාර දමීම ලෙස වෙනත් කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා සේවය සදහා කැපවෙන විදිය දැක්කහම දුකත් හිතෙනවා (නි)
කාරණේ මොකක් වුනත් නිලධාරියෙකුට ගහපුවහම ලකුණු වැටෙනවා. පුත්තලමේ දිසාපතිට බැනලා ඒකට නඩුත් නැහැනේ. නිලධාරීන්ට බැහැ අනික් පැත්තට හැරිලා බනින්න. එහෙම කළොත් සියලුම නීති රීතිත්, විනය රෙගුලාසිත් නැගිටලා ඇවිල්ලා දේශපාලුවත් සමග එකතුවෙලා නිලධාරියට ගහනවා. හැබැයි, බොහොමයක් ගැහිලි බැනිලි වලට හේතුව නම් පිටින් පෙනෙන හේතුව නෙමෙයි. කවුරුත් ඒ හේතු දන්නවනේ. (නි)
ඔහොම තමා ඉන්න ඕනෑ. අපි මන්ත්‍රීතුමාගේ පැත්තේ. (නි)
අනියම් සම්බන්ධීකරණින් වගෙයි (නි)
උගත් බුද්ධිමතුන් සිටිය යුතු තැන නුගතුන්, මන්දබුද්ධිකයන් , අපතයන් සිටින විට මෙවන් විපිරිත දේ සිදුවිය හැක (නි)
පාරට තාර දැමීම කොහොම වෙතත් වලියෙන් නම් සංවර්ධනයක් වෙයි වගේ (නි)
රාජ්‍ය නිලධාරියෙකුට පහරදීමට පෙර දේශපාලකයන්ට මෙවැනි ගැටළු සාකච්ඡාවෙන් විසදාගත නොහැකිද? (නදී)
අර මහරගම අල්ලස් ගන්න හරිම බයක් දක්වන ලොකු නෝනා ඔය රැස්වීමට ඉදලා නැද්ද? (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිළිබදව ඇත්තේ අයහපත් සිතුවමක්.නමුත් බොහෝ පරිපාලන නිලධාරීනුත් අත්තනෝමතික සහ ඇතැම්විට දුෂිත කොටසක්. (නි)
නියම ප්‍රතිපල.....කව්ද දිනුම්? ඊළඟ වටය කවදාද කියලත් ලියලා තිබුනා නම් නියමයි. (නි)
ඇල්මෙන් අකුරු උගනිව් කොත්තු රොටි කකා... (නි)
ඇල්මෙන් ගුටි ගහගව් ඉදිරි සැප පතා... (නි)
ශ්‍රී ලංකාවේ දේශපාලනයට සහ පරිපාලනයට සම්බන්ධවීමට පෙර ගහ ගැනීමට සහ ආත්මාරක්ෂාව පිළිබඳ හැකියාව සහ දැනුම අනිවාර්ය බව පෙනේ. මොලය සහ බුද්ධිය අවශ්‍යම නැති තරම්ය. (නි)
කවුරුන් හෝ නිලධාරියෙක් ඇවිල්ලා බලනවා නම් තමයි හොද කාපට් කරපු රගේ (නි)
මන්ත්‍රී වරුන් කියන්නේ මහජන නියෝජිතයින්.නිලධාරින් සමහර උදවිය කරන්න නීතියට වඩා බලන්නේ නොකරන්න නීති වැලක් කියාගෙන යන එකයි.මන්ත්‍රීවරයාගේ කේන්තිය සාධාරණයි එක් අතකට. නමුත් අත එසවීම කොයිතරම් වරදක්ද කියා නොකියමි.ජනතාව වෙනුවෙන් කතා කිරීම ඔහුගේ යුතුකමක් ... (නි)
බල්ලොත් ඔහොම තමයි . කොයිතරම් එකට සෙල්ලම් කර කර හිටියත් මස් කට්ටක් දැක්ක ගමන් මරාගන්නවා. (නදී)
ඇමතිතුමාටත් බලාගන්න තියෙන්න එපැයි ගෝලයන්ගේ තරම (නි)
"මොලය සහ බුද්ධිය අවශ්‍යම නැති තරම්ය" ඕක නැති වාහෙලා නේ ලජ්ජාවත් නැතුව මේ දේසපාලනය කොරන්නේ?(නදී)