
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාල පාර්ශ්ව විසින් බාරගත යුතු බවද අබෙිවර්ධන මහතා කීය.
නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ අබෙිවර්ධන මහතා සාම්ප්‍රදායික පටු බෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඉතිහාසයේ මෙරට කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙන බව කීය.
පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වු බව කී අබෙිවර්ධන මහතා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද?
එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් ඇති නොවීමට ඡන්දය භාවිත කරනවාද යන ප්රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
ඒක තමයි පුබ්බඩයෝ.... අද උඹලා නිසා දුක් විඳින මිනිස්සු උඹලා දෙගොල්ලොම පන්නලා දාල සම්ප්‍රදායෙන් පිට දේශපාලන මතවාදයකට රට බාර දෙන්න 21දා කතිරය ගහන්නේ.
මේකට කියන්නේ ... ‘‘ කබරයා තලගොයා කරනවා... කියලා.
ආයෙත් සිවිල් යුද්ධයක් හදන්නද ලැහැස්තිය? 83 කළු ජුලිය කරලා, යාපනේ පුස්තකාලය ගිනිතියලා, යාපනේ සංවර්ධන සභ ඡන්දය හොරාකාලා.. ඔබලා හදපු සිවිල් යුද්ධය මේරටේ දහස් ගණනක් මැරුවා. මේ සැරේ ඒවා බැහැ.. ඔබලා සිවිල් යුද්ධයක් ඇතිකළොත් ඉස්සෙල්ලාම යවන්නේ ඔය සෙට් එක. ඒක ස්ථිරයි.
ඒ තියන්නේ මේ සැරේත් රට බේරගන්න පෙරට එන්න කියලාද? මේ සැරේ ජනතාව පෙළගස්සන්න ඔයාලාගෙන් රට බේරගන්න.
ඔය ඔක්කොම ජනතාව වරක් ප්‍රතික්ශේප කළේ එපාම වෙලා නිසා තාමත් කෙඳිරි ගානවා.
ඇතිවෙච්ච හැම සිවිල් යුද්ධයටම හේතුව උඹලා තමයි. ඉක්මනට ඔයාලා ගෙදර යන්න.
පිනට ලැබුණු මන්ත්‍රී පට්ටම 21 දාට ගැලවෙනවා... එතකම් මහා පිනත් එක්ක ඉන්න ,ගොන් කතා නොකියා...
මේවගේ ගොන් නාම්බො රට පාලනය කරලා තමයි මේරට අද දීන තත්වයට පත්කලේ. රනිල් හිතනවා ඇති එය රටටම හොදටම කලා කියලා.බඩුමි තබුන ගානටත් වැඩිය හතරගුනයක් විතර ඉහල දාල මිනාස්සු හාමතේ තියලා ආන්ඩු කරලා දැන් කියනවා රට ගොඩගත්තා කියලා .යන එනමන්නැතිව හිටපු රන්ගේ කරේ රත්තරන්බැදලා අද පොහොට්වේ උන්ටත් යන එනමන් නැතිව දගලනවා.උබල සියලුම දෙනාට මේකරපු හරියට උසාවියෙන් නිසි දඩුවම් ලැබේවි.
බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේශපාලුවෝ තමා මේ හැම දේකටම වගකියන්න ඕනේ...
ඔබට හොරකම් කරගන්න බැරි වෙච්ච එකට, මිනිස්සු නොමග යවන්න හදනවාද? හොර මිට්ටා. ඇවිල්ලා බලපන් රටවල්වල,බොලා වගේ හොරු ඉන්නවද කියල,පට්ට හොර රැල එළවන දිනය ලඟයි