අවුරුදු චාරිත්‍රවාරිත්‍ර සිදුකරමින් සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහිත අලුත් අවුරුදු උත්සවයක් නැගෙනහිර ලන්ඩනයේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. විහාරාධිපති පූජ්‍ය මාකුරේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි පූජය මඩුගල්ලේ මහානාම හිමියන්ගේ සංවිධායකත්වයෙන් විහාරස්ථ දායක සභාව මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරයි.
කම ඇදීම, කනා මුට්ටි බිදීම, කොට්ට පොර, අලියට ඇස තැබීම ආදී සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් පැවතුණ මෙම උත්සවය අවසානයේ සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්විණි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ බලන තානාපති ආචාර්ය චානක තල්පෙහේවා මහතා, නිව්හැම් නගරාධිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුලු ලන්ඩනයේ වෙසන බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! පොඩි ළමයි ටික වගේ. හරිම ෂෝක්! (නි)