විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා කිලිනොච්චියේ හමුදාව කඳවුරට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට පළවන වාර්තාවන්හි කිසිම සත්‍යතාවයක් නැතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අද (27) විපක්ෂනායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
දැනට හමුදාව අත්පත් කරගෙන සිටින සිවිල් ජනතාවට අයත් භූමියක් පිළිබඳ සොයාබැලීමට මිස හමුදා කඳවුරකට අයත් භූමියකට නොවන බව කී මන්ත‍්‍රීවරයා එයට ද ඇතුළු වී ඇත්තේ බලහත්කාරයෙන් නොව එහි මාර්ග බාධකයේ සිටි හමුදා සාමාජිකයින් මාර්ගය විවෘත කරදීමෙන් පසුව බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කියන විදිහට සම්පන්දන් මහතා ඇතුලුවූ භූමිය හමුදාවට අයත් නැහැ. ඔවුන්ගේ අරමුන හමුදාව එම ස්ථානයෙන් ඉවත් කිරීම බව පැහැදිලීයි.(හේ)
දිය කිරට බළලුත් සාක්කි (කෞ)
අවරුදු 30ක් තිස්සේ කොටි කල්ලිය මිනි මැරුවා. දැන් ඒවා අමතක කරලා අයතිවාසිකම් ඉල්ලනවා. රාජපක්ෂ මහත්තය නැති පාඩුව දැන් නම් දැනෙනවා. (ර)
මේක බලය උරගා බැලීමක් වගෙයි. (බ)
මේ කොටි මැක්කෝ ඉන්න කම් ලංකාවට නම් කවදාවත් හිස එසවීමට නොහැකිය. රටේ දියුණුව සඳහා ඇති කාලය මේ හරකුන්ගේ අදෝනාව ගැනම යෙදවීම රටේම අවාසනාවක්. මොන තරම් පහසු කම් උතුරට දුන්නත් ඇඩියාවේ ඉවරයක් නැත. ඒ අතර අහිංසක සිංහල ජනතාවගේ දුක බැලීමට කිසිවෙක් නැත. (බ)
ඔයා කියන දේද දැන් අපි පිළිගන්න ඕනි (බ)
හමුදා කඳවුරක නම් ඉඩම කාගේද කියන එක නොවේ ප්‍රශ්නේ ඇතුලට බලෙන් ගියේ ඇයි කියන එකයි ප්‍රශ්නේ (හේ)