IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සම්පත් කොල්ලයට තිත

දේශපාලකයන් රටේ ජනතාවගේ සම්පත් කොල්ල කන යුගය අවසන් කොට රටේ සම්පත් ජනතාවගේ යහපත සඳහා යොදන පිරිසිදු දේශපාලකයන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරිමට මේ රටේ සෑම පුරවැසියකුගේම සහය අවශ්‍ය වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා බියගම ජන හමුක දී මේ බව පැවසුවේය.

රට හදන්නට අවංක උවමනාවක් තිබෙන පොරොන්දු ඉටුකරන පාලකයන් පිරිසක් අවශ්‍ය වන බවත් විවිධ පොරොන්දු ලබා දී බලයට පැමිණිමෙන් පසු ඡන්දය දුන් ජනතාව අමතක කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කළ යුතු කාලය එළඹ ඇති බව කීවේය.

පලිගැනිමේ දේශපාලන සංස්කෘතිය මෙවර මැතිවරණයෙන් පසුව අවසන් කරන බවත් විජයවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

සම්පත් කොල්ලයට තිත

රොහාන් Sunday, 26 July 2015 06:23 AM

ආදර්ශයෙන්ම පෙන්නන්න .(ම)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 26 July 2015 07:08 AM

අපේ බොහොමයක් දේශපාලකයෝ ඡන්දෙන් දින්නට පස්සේ හම්බ වෙන්න තමයි බැරි. සිකියුරිටි කාරයින්ගේනුත් අවසර අරන් ඊළඟට කාර්යාලේ ඉන්න හෙන්චයියලාටත් තමන්ගේ කාරණේ කියල අවසර අරන් ලේකම් ළඟටවත් යන්න තව දෙන්නෙක් තුන් දෙනෙකුට අවශ්‍යතාවය කියන්න වෙනවා. එහෙම කියලත් මන්ත්‍රීතුමා හෝ ඇමතිතුමා ලඟට යන්න හම්බවෙන්නේ කීයෙන් කී දෙනාටද? මොකද ඇමතිතුමා නැත්නම් මන්ත්‍රීතුමා කාමරේ ලොකු සාකච්ඡාවක් කියනවා. ආපු කාරණේ ඇච්චන්ට බැච්චන්ට කියල ආවට මොකද වැඩේ කෙරෙන්නේ නැහැ. ඇමතිතුමනි, ජනතාවට මීට වඩා කිට්ටු උනොත් ඔබතුමා බියගමින් පරදින්නේ නැහැ කවදාවත්. බියගම ජනතාව ඔබතුමාට ආදරෙයි. ඔබතුමාගේ ප්‍රතිචාරය ජනතාව මීට වැඩිය බලාපොරොත්තු වෙනවා. (නදී)

:       0       0

වයිකෝ Sunday, 26 July 2015 05:23 AM

ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමනි, උතුරේ හමුදා රාජකාරි සීමා කර ඇත්තේ මොකද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site