දේශපාලකයන් රටේ ජනතාවගේ සම්පත් කොල්ල කන යුගය අවසන් කොට රටේ සම්පත් ජනතාවගේ යහපත සඳහා යොදන පිරිසිදු දේශපාලකයන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරිමට මේ රටේ සෑම පුරවැසියකුගේම සහය අවශ්‍ය වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා බියගම ජන හමුක දී මේ බව පැවසුවේය.
රට හදන්නට අවංක උවමනාවක් තිබෙන පොරොන්දු ඉටුකරන පාලකයන් පිරිසක් අවශ්‍ය වන බවත් විවිධ පොරොන්දු ලබා දී බලයට පැමිණිමෙන් පසු ඡන්දය දුන් ජනතාව අමතක කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කළ යුතු කාලය එළඹ ඇති බව කීවේය.
පලිගැනිමේ දේශපාලන සංස්කෘතිය මෙවර මැතිවරණයෙන් පසුව අවසන් කරන බවත් විජයවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශයෙන්ම පෙන්නන්න .(ම)
අපේ බොහොමයක් දේශපාලකයෝ ඡන්දෙන් දින්නට පස්සේ හම්බ වෙන්න තමයි බැරි. සිකියුරිටි කාරයින්ගේනුත් අවසර අරන් ඊළඟට කාර්යාලේ ඉන්න හෙන්චයියලාටත් තමන්ගේ කාරණේ කියල අවසර අරන් ලේකම් ළඟටවත් යන්න තව දෙන්නෙක් තුන් දෙනෙකුට අවශ්‍යතාවය කියන්න වෙනවා. එහෙම කියලත් මන්ත්‍රීතුමා හෝ ඇමතිතුමා ලඟට යන්න හම්බවෙන්නේ කීයෙන් කී දෙනාටද? මොකද ඇමතිතුමා නැත්නම් මන්ත්‍රීතුමා කාමරේ ලොකු සාකච්ඡාවක් කියනවා. ආපු කාරණේ ඇච්චන්ට බැච්චන්ට කියල ආවට මොකද වැඩේ කෙරෙන්නේ නැහැ. ඇමතිතුමනි, ජනතාවට මීට වඩා කිට්ටු උනොත් ඔබතුමා බියගමින් පරදින්නේ නැහැ කවදාවත්. බියගම ජනතාව ඔබතුමාට ආදරෙයි. ඔබතුමාගේ ප්‍රතිචාරය ජනතාව මීට වැඩිය බලාපොරොත්තු වෙනවා. (නදී)
ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමනි, උතුරේ හමුදා රාජකාරි සීමා කර ඇත්තේ මොකද ? (නදී)