ලෝක උරුමයක්වූ සමනල ස්වභාව රක්‍ෂිතයේ වසර පන්සීයක් තරම් පැරණි ආර්ථික වටිනාකමක් සහිත දුර්ලභ ගණයේ ශ‍්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස හඳුන්වන ගොලබඩ ගස් කීපයක් කපා පරාල 59ක් වශයෙන් ප‍්‍රවාහනයට සූදානම් කළැයි කියන සිව්දෙනෙක් රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ලබන 10 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඊ.ඒ. පැතුම් එරංග, ජී.ඩබ්ලිව්. ආරියරත්න, එච්.කේ. උපුල් ඉන්ද්‍රජිත්, ඒ.එම්. නිශාන්ත අබේකෝන් ඔවුහුය.
ගොලබොඩ ගස්වලින් දිග පරාල ඉරා තිබිණි.
එම ගස ශ්‍රී ලංකාවට ආවේණිකය. විද්‍යාත්මක නාමය පැලප්‍රියම් පෙතියෝලාරේ යනුවෙනි. එය වඳවී යන ගසක් ලෙස රතු දත්ත පොතට ඇතුළත්වී ඇත. 1998 සිට සිංහරාජයේත් සමනල අඩවියේත් මෙම ගස දැකිය හැකිය.
උසට හැදෙන මෙම ගස වන වියනක් සේ විහිද යයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය වනසමින් ගස් කපන හොරුන්ට කැපූ එක ගසක් වෙනුවෙන් ගස් සියක් සිටුවීමටත් එය නඩත්තු කිරීම වෙනුවෙන් එක ගසකට රුපියල් ලක්ෂයක් ගෙවීමටත් නියම කරමු. (ම)
උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)
කරුණකර මොවුන්ට කිසිම බුරුලක් දෙන්න එපා (නි)
අපේ වටිනා පරිසරය විනාශ කරන්නේ අපිමයි (නි)
වටිනා වන සම්පත අපි ආරක්ෂා කරගත යුතුයි (නි)
පරිසරය වනසන්නන්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනු ඇත (නි)