කොළඹ වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා බවට රහස් පොලිසියට පැමිණිලි කළ දේශමාමාක බලවේගයේ නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංගමයේ හිටපු ලේකම් ඌවතැන්නේ සුමන හිමියෝ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්තවාදී පක්ෂයෙන් කොළඹට නම් දුන්හ.
කොටි සංවිධානයෙන් ප්‍රභාකරන් වෙන්කරවාගෙන ඔහු ලවා කොටි සංවිධානයට පහර දීමට ලොකු වෙහෙසක් ගත් සුමන හිමියෝ කලක් කොටින්ගෙන් වෙන් වූ ප්‍රභාකරන්ට රැකවරණය දුන්හ.
කොටි ඒ හිමියන් ඝාතනය කිරීමට එකල පන්සල අසල බෝම්භ අටවා තිබිණු අතර පසුව හමුදා ආරක්ෂාව සුමන හිමියන්ට හිමි විය.
2005 ජනාධිපතිවරණය සමයේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ හිමියෝ ලොකු වැඩ කොටසක් කළහ.
2010 දී සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කළ ඒ හිමියන් එකළ බෝම්බ ළඟ තබා ගත්තේයැයි සැකපිට අත්අඩංගුවයට ගෙන වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ පසු විය.
ඇප ලබා පැමිණීමෙන් පසු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට එරෙහිව සටන් කළේය.
ජාතික බලය සංවිධානයේ කැඳවුම්කරු වටරැක විජිත හිමියෝ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නව සම සමාජ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දුන්හ.
බොදු බල සේනා සංවිධානයට එරෙහිව හඬ නැගූ විජිත හිමියෝ අවස්ථා කිහිපයක දී පහර කෑමට ලක්වූහ. බොදු බල සේනා සංවිධානයේ පිරිසක් විල්පත්තු වනයේ මත්පැන් පානය කළ බව ඒ හිමියෝ පසුගිය දා ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු (බ)
වික්‍රමභාහු වගේ උන්ට හරියන්නේ වටරැකලා තමා ... තමුන්ගේ අාගම ජාතිය පාවා දීල පිටරට සල්ලි වලට බුරන බල්ලන් මෙනි ...(බ)
අහෝ වට රැක නොදුටි මොක්පුර එනකම් තමයි බලාගෙන ඉන්නේ ඡන්දෙ දෙන්න (බ)
වටරැක හාමුදුරුවෝ නිර්භීත ලෙස මේ රටේ මුස්ලිම් මර්දනයට එරෙහිව නැගී සිටියා. (ම)
මේ හිමි දෙදෙනා ජන්ද 500 ක් ලබාගන්නවනම් ලොකු දෙයක්. මේ දෙදනාගේ ඉරණමත් බොදුබලේ ඉරණම වගේමයි (බ)
මේ හාමුදුරුවරුන්ට ආගමික වැඩ කරන්න වෙලාවක් තියෙනවද මේවට යනකොට? (නි)