IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමන් රත්නප්‍රිය රතුඑළි දල්වයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබාදෙන බව කී වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් 10ක් ඉදිරි අයවැයෙන් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයාට හා භාණ්ඩාගාර ලේකම්වරයාට යෝජනාවලියක් ලබාදුන් බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අයවැය සඳහා වන යෝජනා ඉදිරිපත් කරන්නැයි රජය කර ඇති ඉල්ලීමට අනුව මෙම යෝජනාවලිය ඉදිරිපත් කළ බව එම වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය. යෝජනා ඉටු නොකළොත් වෘත්තීය අරගලයක් අරන බවටද ඔහු අනතුරු ඇඟවීය.

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීම, අවම වැටුප් වර්ධකයක අගය රුපියල් 225ක් දක්වා වැඩි කරවා ගැනීම, පෞද්ගලික අංශය සඳහා සේවා කොන්දේසිවලින් තොරව රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබාදීම, පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 15,000 දක්වා ඉහළ නැංවීම, කොන්ත‍්‍රාත් පදනම මත බඳවාගෙන ඇති සේවකයන් වහා ස්ථිර කිරීම, අග‍්‍රහාර රක්‍ෂණ ප‍්‍රතිලාභය වැඩිකිරීම ඇතුළු යෝජනා මීට ඇතුළත් බව ද රත්නප‍්‍රිය මහතා කීවේය.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂල් ස්ටාලින්, ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඩබ්ලිව් සුබසිංහ, සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් උදේනි දිසානායක යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

webratnapriya_2015100197

              



අදහස් (0)

සමන් රත්නප්‍රිය රතුඑළි දල්වයි

දුමින්ද Thursday, 01 October 2015 09:02 AM

කොළ එලි රතු එලි උන ඉක්මන. (ර)

:       0       0

නිර්මාල් Thursday, 01 October 2015 09:16 AM

මෙයාලට මොකද කරන්නේ? (ස)

:       0       0

ඉෂාර Thursday, 01 October 2015 09:28 AM

දැන් බොරුවට කෑගහනවා. (ර)

:       0       0

ධම්ම Thursday, 01 October 2015 09:40 AM

රතු අලිත් රතු එලි අරන් කලඑලි බහින්න කල් යල් බල බලා ඇති..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site