ඓතිහාසික සබරගමුව රත්නපුර මහා සමන් දේවාලයේ 31 වැනි බස්නායක නිළමේ ලෙස කමල් රත්වත්තේ මහතා නිතරගයෙන් තේරී පත් විය.
බලන්ගොඩ අලුත් නුවර කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ මුදිත දෑල බණ්ඩාර මහතා රත්වත්තේ මහතාගේ නම යෝජනා කළේය. ශ්‍රී පාදස්ථානයේ ගිහි බාරකාර කුෂාන් උපසේන මහතා ස්ථිර කළේය.
බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතාගේ අධික්ෂණයෙන් නිලවරණය සිදු විය.
කමල් රත්වත්තේ මහතා බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ක්ලිපර්ඩ් රත්වත්තේ මහතාගේ පුතෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් දෙවියනගේ පිහිට ලැබේවා (දී)
සබරගමුවට නව ආලෝකයක් වේවා........! (දී)
මේ තනතුරු වලට බලය,කුලය,මුදල් තමා සුදුසුකම්... (ත)
සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා !(නි)
සුභ පැතුම්! (නි)
සමන් දෙවියන්ගේ කැමැත්ත එය වියයුතුයි (දී)
ඔබට බුදුසරණින් නව පදවිය යෙහෙන් දරන්නට ශක්තිය ලැබේවා! (ත)