රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ නිලවරණය ලබන 18 වැනිදා රත්නපුර දිසාපති කාර්යලෙයයේදී පැවැත්වීමට නියමිතය.
වත්මන් බස්නායක නිළමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා තරඟයට නොඑන ලකුණු දක්නට තිබේ.
බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර බණ්ඩාර හා කමල් රත්වත්තේ මහත්වරුන් ද, ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ අපේක්ෂකයකු ද තරඟයට ඉදිරිපත් වන බව දැනගන්නට ඇත.
රත්නපුර දිසාවේ ප්‍රාදේශීය ලේකම්වරු දස දෙනෙක් ද, සබරගමු මහ සමන් දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය, අලුත්නුවර දේවාලය, අංමඩුව කුඩා කතරගම දේවාලය හා රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ ගිහි භාරකරු ද ඡන්දය දීමට සුදුසුකම් ලබති.
ප්‍රාදේශීය ලේකම්වරියනට ඡන්දය අහිමිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුජා බිම් වල ආදායමෙන් කොටසක් අහිංසක මිනිසුන් වෙනුවෙන් යොදවන්න වැඩපිළිවෙලක් හැදිය යුතුයි. (නි)
හොරමැරකම් නැති සබරගමු පුත්‍රයෙක් පත්කරමු (නි)
ආ ඔය ඉන්නේ රත්වත්තෙල ආයෙත් බැහැලා. මේ තනතුරු කුලවාදෙන් පත් කරන එක නවතන්න බැරිද. ඡන්ද තියන්නේ අපි රවටන්න. සුදුසුකම ඉහල කුලයක ඉපදීම.(නදී)
කලින් ඔවැනි ඡන්දෙකට පින්නවල ඉන්න අලි පැටවූ ටික බලෙන් දේශපාලක පන්දම් වලට බෙදා දීලා ඡන්දෙ ගත්තා හාමුදුරුවන්ගෙන්. මේ පාර මොනවද බෙදුවේ.(නදී)
තමන්ට ඕන අය පත්කරගන්න ඕනෙනම් උතුරු ඉතාලියේ ලංකාවේ ආරාමයකින් අහල උපදෙස් ගන්න පුලුවන්.(නදී)
දෙවියන්ට තියන ආදරේට ?(නදී)
ඔන්න පුතේ සල්ලි විසි වෙන්නයි යන්නේ. අපිත් යං කීයක් හරි අහුලගන්න. (නදී)
අපේ වැහි නිලමේ ඉවත් වෙන එකනම් හොද දෙයක්. පසු ගිය කාලය පුරා පෙරහරට වැස්ස. සමන් දෙවියෝ මෙතුමාට කැමති නැතුව වගේ. (නදී)
පන්සල්, ආරාම, අසපු, දේවාල, කෝවිල්, පල්ලි, දළදාව හා ශ්‍රී පාදස්ථානය ඇතුළු ලංකාවේ සියලු ආගමික ස්ථාන අදායම් වියදම් තැන්පතු පිලිබඳ විවෘත හා නිරන්තර රාජ්‍ය විගණනයට යටත්විය යුතුයි (නි)
ශ්‍රී සුමන සමන් දෙවියනේ,මේ අවනඩුව දෙස ඔබ වහන්සේගේ දිවැසින් බලන්න."ප්‍රාදේශීය ලේකම්වරියනට ඡන්දය අහිමිය. "මේ පිළිබඳව හරිහැටි දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න. (නි)
. මොනතරන් සල්ලි කන්දරාවක් මේවයේ ගැවසෙනවා ඇතිද..(අ)..
දෙයියන්ගේ කැමැත්තට ඉඩක් නැතිද?(නදී)
දෙවියෝ රකින්න රදලයෙක්ම ඕනෙද?(නදී)
සුනිල් සාන්ත වීරසේකර නිලමේ තුමා විශාල වැඩ කොටසක් කරලා ගෞරවාන්විතව සමුගැනීම ආදර්ශයක් තනතුරු අල්ලගෙන ඉන්න උදවියට පාඩමක්. (ස)