සමුද්‍රදේවි දුම්රියේ ටිකට් පරීක්ෂා කිරීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධරයනට පහර දී කොටුවේ ඔවුන්ගේ කාර්යාලයට පහර දී වීදුරුවක් කැඩීයැයි සැකපිට තරුණයෝ පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් සිකුරාදා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
එම තරුණයන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් කියා සිටියේ පැමිණිල්ල අසත්‍යයක් බවයි.
ආරක්ෂක නිලධාරීන් එම තරුණයන්ට පහරදී ඇතැයි ද ඔවුහු කීහ.
මධුසංඛ ප්‍රියංකර, හසිත ජීවන්ත, ගලේන්ද්‍ර රණසිංහ, ඉෂාන් චතුරංග හා නලීන් මධුෂංඛ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්වැනි පන්තියේ මැදිරි මදි ඇති. ඒක වෙන්න ඇති දෙවන පන්තියේ නැග්ගේ, (අ)
සමුද්‍ර හැමදාම ඉතිහාසය පුරාවටම තිබුනේ 3 වන පන්තියේ මැදිරියි. එන්නේ කාර්යාල වලට සේවයට යන අයයි. මේ ගැටළුව මතුවුනේ මෑතකදියි. දුම්රිය නිලධාරින් අනිත් අය පිළිබදව නොසිතා නොහික්මුනු තිරණ ගැනිම නිසයි මේ තත්වය උදාවුණේ. අද කිසිම කෙනෙක් දුම්රිය නිලධාරින්ට පහර දුන්නේ නැහැ. (නි)
මේ අය ඉන්නේ ජනතා සේවයටද, ජනතාවට පහර දෙන්නද ? (ස)
මේ සමුද්‍රයේ යන බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ ඒක එයාලගේ පුද්ගලික බූදලයක් කියලයි. (නි)
නියමයි හෑමදාම එන්න ඕන ටිකට් බලන්න. දෙවෙනි පංතියේ ටිකට් ගන්න පුළුවන් මිනිස්සුන්ට යන්න විදියක් තියෙන්නත් එපෑයි. නියමයි හෑමදාම එන්න...(ස)
කවුද මේ කට්ටිය.!(නු)
කවුද මේ අළුත් ගනංකාරයෝ..!(නු)
නීතිය ගෙනාවා විතරයි, හරි ඉක්මන් වාසි තියෙනවා ඇති (ස)
චින්තක, අනුවන ලෙස කතා කරන්න එපා.. කාර්යාල වෙලාටව දෙවන පන්තියේ ටිකට් අරගෙන යන්නේ කී දෙනාද? එත් පෙට්ටි හතරක් දෙවන පන්තියෙ වෙලා හරියනවාද? අනිත් වෙලාටව ඔක්කොම දෙවන පන්තියෙ උනත් කමක් නැහැ..!(නු)
ගජ වාසියක් 2500x5,දඩ වගේම ගුටිත්..!(නු)
මම ඔය වෙලාවෙ කෝච්චියට පානදුරෙන් නැග්ගා.. ඔය වෙලාවෙ මමත් හිටියා... පරීක්ෂකයෝ මේ ළමයින්ට ගැහුවා එයාලා විහිළු කළා කියලා.. වැරදි ඇති ඒත් එහෙම ගහන්න හොද නැහැ.. අන්තිමට කමිස වලින් ඇදගෙන ගියා දුම්රිය නියාමක මැදිරියට..!(නු)
ටිකට් පරීක්ෂා කරන එක හොදයි. ඒත් ටිකට් නැතුව කොච්චියට නගින එක නැවත්තුවා නම් හරිනෙ. කළුතර දකුණු ස්ටේෂන් එකෙන් ටිකට් නැතුව ඇතුළු වෙන්නත් පුලුවන් ටිකට් නැතුව පිටවෙන්නත් පුලුවන් ඉතින් අනෙක් තැන්වලත් ඒ වගේ තමයි. ඒ වගේම දුම්රියවල දොරවල් වහන්න පුලුවන් විදිහට හදන්න ඔන. එතකොට මගතොටෙදි නැවතුනු තැන්වලින් බැහැල යන්නත් නගින්නත් බැරිවෙනවානේ. දඩුවම් වලින් විතරක් මේවා නවත්වන්න බැහැ. අනෙක හොරට ගිහිල්ලා පුරුදු අය නිතරම ඔයවැඩේ කරනවා. (නු)
සමුද්‍රේ, සාගරිකා, රුහුණු.. හැම එකකම වැඩියෙන් තියෙන්නේ දෙවැනි පන්තියේ මැදිරි. ඒවා හිස්ව යනවා. තුන්වන පන්තියේ මැදිරි වල ඇගිල්ලක් ගහන්න බැරි තරමට සෙනග. (නි)
හැමදාම එනවානම් හොදයි.. එක දවසක් විතරක් ඇවිත් අහිංසකයෝ ටිකක් අල්ලගෙන වද දෙන්නෙ නැතිව..!(නු)
කවුරුත් දැනගන්න ඕන ටිකට් අරගෙන බස්වල සහ දුම්රියවල යන්න.. අනිවාර්යයෙන්ම මේ අය ටිකට් නැතිව ඉන්න ඇති..!(නු)
කාර්යාල වේලාවට දෙවන පන්තියේ මැදිරි හතරක් දාන්න මැදිරි දහයක් තියෙන දුම්රියක..?(නු)
ටිකට් පරීක්ෂකලාවගේ හොරට එන අයත් ඉන්නවා.. එමනිසා කවුරු ආවත් එයාගේ හැදුණුම්පත පෙන්වන්න කියන්න.. ඊට පස්සේ තමන්ගේ ඒ ටිකට් එක පෙන්නන්න ඕන.. ජර්මනියෙ හැදුනුම්පත පෙන්වන්නේ නැතිව කවුරුවත් ටිකට් එක පෙන්වන්නේ නැහැ..!(නු)
'සාගරිකා' දුම්රිය හැමදාම පරීක්ෂා කරන්න. ඔබට අපේ උපහාරය! (නි)
වරුණ.... ඔය හෑම එකේම ඇතුලෙ ඉඩ තියෙනවා. ඒත් ඕවා වල යන පණ්ඩිතයෝ අනික් මිනිහ ගෑන හිතන්නේ නෑ. එක්කො පාර හරස් කරන් කයිය ගහනව, එක්කො කාඩ් ගහනව. ඉඩ නෑති කමක් නෑ. ඔය කෝච්චි වල වැඩියෙන් යන්නේ ඔලුව ඉදිමුන අය. අනිකා ගැන හිතන්න එයාලට මොලයක් නෑ. ඒකයි ඕකට මූලික හේතුව (ස)
හැමදාම පරීක්ෂකවරු එන්න ඕන.. තුන්වෙනි පන්තියේ ටිකට්අරගෙන දෙවන පන්තියේ යනවා.. නිලධාරින් වැරදි නැහැ.මගීන් එන්නේ දුම්රියෙ අයිතිකාරයන් වගේ.. අනිත් අයට නිදහසේ යන්න නැහැ.. ඉතාමත් අගය කරනවා.. නිලධාරීන් ආරක්ෂා කරන්න ඕන..!(නු)
වරුණ මහතා නම් කලෙකින් දුම්රියක ගිහින් නෑ වගේ. දෙවැනි පන්තියේ මැදිරි වලත් අගිල්ලක් ගහන්න ඉඩ නැ. සමහරදාට අපි මරදානෙන් නැගලත් හික්කඩුවට වෙනකම් හිටගෙන යනවා. රජයේ සේවකයන් වන අපි හරිම අමරුවෙන් දෙවැනි පන්තියේ ටිකට් එකක් ගන්නෙ. මොකද හැමදාම උදේ හවස හිටගෙන යන්න අමාරු නිසා. එහෙම ටිකට් අරගෙනත් දැන් හිටගෙන යන්න වෙලා තියෙන්නෙ. සමුද්‍රේ, සාගරිකා, රුහුණු කුමාරි දුම්රිය වල යන හික්කඩුවට මෙහායින් තියෙන අම්බලන්ගොඩ, බලපිටිය, අලුත්ගම මගීන් ගොඩ දෙනෙක් දෙවන පන්තියේ , තුන්වන පන්තියේ හිටගෙන යන්නෙ උදේ හවස දෙකේම. මොකද දැන් දුම්රියේ යන මගීන් ගනන වැඩිවෙලා. කරුණාකරලා බලධාරීන්ගේ අවධානයද මේ කෙරෙහි යොමු කරන්නේ නම් මැනවි. (ස)
මමත් ඔය දුම්රියේ කාලයක් ගිය කෙනෙක්.. සතියකට සැරයක් විතර. බලන්න ඕන ඒකෙ යන අයගේ හයිය.. හරියට දුම්රිය එයාලාගේ වගේ.. මිනිසුන්ට හරිම පහත් විදියට සළකන්නේ.. හැමදාම ටිකට් බලනවානම් තමයි හොද.. අල්ලලා හිරේට දාන්න හොරට යන හැමෝම..!(නු)
ඕක තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)
පරාක්‍රම ඒ අය ඉන්නෙ දුම්රියෙ හොරාට යන අය අල්ලන්න ...(නු)
මේකෙ යන අය හිතන්නේ දුම්රිය එයාලගේ කියලා..!(නු)
සමුද්‍ර දේවියේ ඉස්සර කාන්තා පෙට්ටිත් තිබුණා ඒවත් අයින් කලා වගේ දෙවෙනි පන්තියේ පෙට්ටිත් නොදා ඉන්න සේවකයන්ට යන්න මමත් සේවකයෙක් කියල හිතනව නම් විතරක් යන්න කියන්න නැතිනම් දෙවෙනි පන්තියේ පෙට්ටි තියෙන කොච්චියක යන්න පුලුවන්නේ අතීතය අමතක කරලා (ස)