IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


සමුද්‍රෙ ආ පස් දෙනෙක් රිමාන්ඩ්

සමුද්‍රදේවි දුම්රියේ ටිකට් පරීක්ෂා කිරීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධරයනට පහර දී කොටුවේ ඔවුන්ගේ කාර්යාලයට පහර දී වීදුරුවක් කැඩීයැයි සැකපිට තරුණයෝ පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් සිකුරාදා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

එම තරුණයන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් කියා සිටියේ පැමිණිල්ල අසත්‍යයක් බවයි.

ආරක්ෂක නිලධාරීන් එම තරුණයන්ට පහරදී ඇතැයි ද ඔවුහු කීහ.

මධුසංඛ ප්‍රියංකර, හසිත ජීවන්ත, ගලේන්ද්‍ර රණසිංහ, ඉෂාන් චතුරංග හා නලීන් මධුෂංඛ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

 



අදහස් (0)

සමුද්‍රෙ ආ පස් දෙනෙක් රිමාන්ඩ්

අමිල කටුනායක Thursday, 07 March 2013 09:16 PM

තුන්වැනි පන්තියේ මැදිරි මදි ඇති. ඒක වෙන්න ඇති දෙවන පන්තියේ නැග්ගේ, (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 07 March 2013 09:55 PM

සමුද්‍ර හැමදාම ඉතිහාසය පුරාවටම තිබුනේ 3 වන පන්තියේ මැදිරියි. එන්නේ කාර්යාල වලට සේවයට යන අයයි. මේ ගැටළුව මතුවුනේ මෑතකදියි. දුම්රිය නිලධාරින් අනිත් අය පිළිබදව නොසිතා නොහික්මුනු තිරණ ගැනිම නිසයි මේ තත්වය උදාවුණේ. අද කිසිම කෙනෙක් දුම්රිය නිලධාරින්ට පහර දුන්නේ නැහැ. (නි)

:       0       0

පරාක්‍රම Thursday, 07 March 2013 03:06 PM

මේ අය ඉන්නේ ජනතා සේවය‍ටද, ජනතාවට පහර දෙන්නද ? (ස)

:       0       0

උදය Friday, 08 March 2013 12:52 AM

මේ සමුද්‍රයේ යන බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ ඒක එයාලගේ පුද්ගලික බූදලයක් කියලයි. (නි)

:       0       0

චින්තක Thursday, 07 March 2013 03:19 PM

නියමයි හෑමදාම එන්න ඕන ටිකට් බලන්න. දෙවෙනි පංතියේ ටිකට් ගන්න පුළුවන් මිනිස්සුන්ට යන්න විදියක් තියෙන්නත් එපෑයි. නියමයි හෑමදාම එන්න...(ස)

:       0       0

කුරුව්ට Thursday, 07 March 2013 03:25 PM

කවුද මේ කට්ටිය.!(නු)

:       0       0

තිලක් Thursday, 07 March 2013 03:29 PM

කවුද මේ අළුත් ගනංකාරයෝ..!(නු)

:       0       0

අෂී Thursday, 07 March 2013 03:42 PM

නීතිය ගෙනාවා විතරයි, හරි ඉක්මන් වාසි තියෙනවා ඇති (ස)

:       0       0

ඉන්දික. Thursday, 07 March 2013 04:11 PM

චින්තක, අනුවන ලෙස කතා කරන්න එපා.. කාර්යාල වෙලාටව දෙවන පන්තියේ ටිකට් අරගෙන යන්නේ කී දෙනාද? එත් පෙට්ටි හතරක් දෙවන පන්තියෙ වෙලා හරියනවාද? අනිත් වෙලාටව ඔක්කොම දෙවන පන්තියෙ උනත් කමක් නැහැ..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 07 March 2013 04:10 PM

ගජ වාසියක් 2500x5,දඩ වගේම ගුටිත්..!(නු)

:       0       0

හර්ෂණ Thursday, 07 March 2013 04:11 PM

මම ඔය වෙලාවෙ කෝච්චියට පානදුරෙන් නැග්ගා.. ඔය වෙලාවෙ මමත් හිටියා... පරීක්ෂකයෝ මේ ළමයින්ට ගැහුවා එයාලා විහිළු කළා කියලා.. වැරදි ඇති ඒත් එහෙම ගහන්න හොද නැහැ.. අන්තිමට කමිස වලින් ඇදගෙන ගියා දුම්රිය නියාමක මැදිරියට..!(නු)

:       0       0

අතලේ සුමන හිමි Thursday, 07 March 2013 04:25 PM

ටිකට් පරීක්ෂා කරන එක හොදයි. ඒත් ටිකට් නැතුව කොච්චියට නගින එක නැවත්තුවා නම් හරිනෙ. කළුතර දකුණු ස්ටේෂන් එකෙන් ටිකට් නැතුව ඇතුළු වෙන්නත් පුලුවන් ටිකට් නැතුව පිටවෙන්නත් පුලුවන් ඉතින් අනෙක් තැන්වලත් ඒ වගේ තමයි. ඒ වගේම දුම්රියවල දොරවල් වහන්න පුලුවන් විදිහට හදන්න ඔන. එතකොට මගතොටෙදි නැවතුනු තැන්වලින් බැහැල යන්නත් නගින්නත් බැරිවෙනවානේ. දඩුවම් වලින් විතරක් මේවා නවත්වන්න බැහැ. අනෙක හොරට ගිහිල්ලා පුරුදු අය නිතරම ඔයවැඩේ කරනවා. (නු)

:       0       0

වරුණ Friday, 08 March 2013 08:12 AM

සමුද්‍රේ, සාගරිකා, රුහුණු.. හැම එකකම වැඩියෙන් තියෙන්නේ දෙවැනි පන්තියේ මැදිරි. ඒවා හිස්ව යනවා. තුන්වන පන්තියේ මැදිරි වල ඇගිල්ලක් ගහන්න බැරි තරමට සෙනග. (නි)

:       0       0

මධුසංක Thursday, 07 March 2013 04:53 PM

හැමදාම එනවානම් හොදයි.. එක දවසක් විතරක් ඇවිත් අහිංසකයෝ ටිකක් අල්ලගෙන වද දෙන්නෙ නැතිව..!(නු)

:       0       0

හේමසිරි Thursday, 07 March 2013 05:29 PM

කවුරුත් දැනගන්න ඕන ටිකට් අරගෙන බස්වල සහ දුම්රියවල යන්න.. අනිවාර්යයෙන්ම මේ අය ටිකට් නැතිව ඉන්න ඇති..!(නු)

:       0       0

ඉන්දික. Thursday, 07 March 2013 05:38 PM

කාර්යාල වේලාවට දෙවන පන්තියේ මැදිරි හතරක් දාන්න මැදිරි දහයක් තියෙන දුම්රියක..?(නු)

:       0       0

හිල්මි Thursday, 07 March 2013 06:00 PM

ටිකට් පරීක්ෂකලාවගේ හොරට එන අයත් ඉන්නවා.. එමනිසා කවුරු ආවත් එයාගේ හැදුණුම්පත පෙන්වන්න කියන්න.. ඊට පස්සේ තමන්ගේ ඒ ටිකට් එක පෙන්නන්න ඕන.. ජර්මනියෙ හැදුනුම්පත පෙන්වන්නේ නැතිව කවුරුවත් ටිකට් එක පෙන්වන්නේ නැහැ..!(නු)

:       0       0

චින්තක Friday, 08 March 2013 09:44 AM

'සාගරිකා' දුම්රිය හැමදාම පරීක්ෂා කරන්න. ඔබට අපේ උපහාරය! (නි)

:       0       0

චින්තක Friday, 08 March 2013 09:47 AM

වරුණ.... ඔය හෑම එකේම ඇතුලෙ ඉඩ තියෙනවා. ඒත් ඕවා වල යන පණ්ඩිතයෝ අනික් මිනිහ ගෑන හිතන්නේ නෑ. එක්කො පාර හරස් කරන් කයිය ගහනව, එක්කො කාඩ් ගහනව. ඉඩ නෑති කමක් නෑ. ඔය කෝච්චි වල වැඩියෙන් යන්නේ ඔලුව ඉදිමුන අය. අනිකා ගැන හිතන්න එයාලට මොලයක් නෑ. ඒකයි ඕකට මූලික හේතුව (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 07 March 2013 06:48 PM

හැමදාම පරීක්ෂකවරු එන්න ඕන.. තුන්වෙනි පන්තියේ ටිකට්අරගෙන දෙවන පන්තියේ යනවා.. නිලධාරින් වැරදි නැහැ.මගීන් එන්නේ දුම්රියෙ අයිතිකාරයන් වගේ.. අනිත් අයට නිදහසේ යන්න නැහැ.. ඉතාමත් අගය කරනවා.. නිලධාරීන් ආරක්ෂා කරන්න ඕන..!(නු)

:       0       0

නිශාන්ත Friday, 08 March 2013 09:47 AM

වරුණ මහතා නම් කලෙකින් දුම්රියක ගිහින් නෑ වගේ. දෙවැනි පන්තියේ මැදිරි වලත් අගිල්ලක් ගහන්න ඉඩ නැ. සමහරදාට අපි මරදානෙන් නැගලත් හික්කඩුවට වෙනකම් හිටගෙන යනවා. රජයේ සේවකයන් වන අපි හරිම අමරුවෙන් දෙවැනි පන්තියේ ටිකට් එකක් ගන්නෙ. මොකද හැමදාම උදේ හවස හිටගෙන යන්න අමාරු නිසා. එහෙම ටිකට් අරගෙනත් දැන් හිටගෙන යන්න වෙලා තියෙන්නෙ. සමුද්‍රේ, සාගරිකා, රුහුණු කුමාරි දුම්රිය වල යන හික්කඩුවට මෙහායින් තියෙන අම්බලන්ගොඩ, බලපිටිය, අලුත්ගම මගීන් ගොඩ දෙනෙක් දෙවන පන්තියේ , තුන්වන පන්තියේ හිටගෙන යන්නෙ උදේ හවස දෙකේම. මොකද දැන් දුම්රියේ යන මගීන් ගනන වැඩිවෙලා. කරුණාකරලා බලධාරීන්ගේ අවධානයද මේ කෙරෙහි යොමු කරන්නේ නම් මැනවි. (ස)

:       0       0

ශානිකා Thursday, 07 March 2013 06:53 PM

මමත් ඔය දුම්රියේ කාලයක් ගිය කෙනෙක්.. සතියකට සැරයක් විතර. බලන්න ඕන ඒකෙ යන අයගේ හයිය.. හරියට දුම්රිය එයාලාගේ වගේ.. මිනිසුන්ට හරිම පහත් විදියට සළකන්නේ.. හැමදාම ටිකට් බලනවානම් තමයි හොද.. අල්ලලා හිරේට දාන්න හොරට යන හැමෝම..!(නු)

:       0       0

රත්නායක Friday, 08 March 2013 10:56 AM

ඕක තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)

:       0       0

ලලිත් දෝහා Thursday, 07 March 2013 07:30 PM

පරාක්‍රම ඒ අය ඉන්නෙ දුම්රියෙ හොරාට යන අය අල්ලන්න ...(නු)

:       0       0

වීරසේකර එම්.කේ. Thursday, 07 March 2013 07:42 PM

මේකෙ යන අය හිතන්නේ දුම්රිය එයාලගේ කියලා..!(නු)

:       0       0

විදුර Friday, 08 March 2013 11:48 AM

සමුද්‍ර දේවියේ ඉස්සර කාන්තා පෙට්ටිත් තිබුණා ඒවත් අයින් කලා වගේ දෙවෙනි පන්තියේ පෙට්ටිත් නොදා ඉන්න සේවකයන්ට යන්න මමත් සේවකයෙක් කියල හිතනව නම් විතරක් යන්න කියන්න නැතිනම් දෙවෙනි පන්තියේ පෙට්ටි තියෙන කොච්චියක යන්න පුලුවන්නේ අතීතය අමතක කරලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ
2024 මැයි මස 12 309 0

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල


අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 325 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 402 1

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 436 1

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 1181 11

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
2024 මැයි මස 12 1608 0

සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 627 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2128 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1853 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site