(සුජිත් හේවාජුලිගේ)
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද එම වාර්තාවේ දැක්වේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල් සහ අනිවාර්ය ඉතුරුම්වලින් රජය මෙම මුදල ලබාගෙන ඇතැයි පැවසෙයි.
මේ අතර සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය 2013 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර නවයක කාලපරිච්ඡේදය තුළ රුපියල් කෝටි තිස් තුන් දහස් හත්සිය හැට හතරක් වැයකර ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි ලබන්නන් නගාසිටුවන එක නෙවෙයි මේ රටේ පාලකයෝ කරන්නේ. එම අරමුදල් කාබාසිනියා කරනවා. මේ කෝටි 4000න් ගාමන්ට් කීපයක් හදලා සමෘද්ධි පවුල් වල දරුවන්ට රැකියා දුන්නා නම් එම අයගේ ආර්ථිකයත් දියුණු වෙනවා. ඩොලර් රටට එන එකත් වෙනවා. මේ කාපාලු පාලකයන්ගේ හොරකම විතරයි..
අනේ මෙහෙම රජපොලු ආණ්ඩු. පිටරට්ටු කියන්නේ ආණ්ඩුව ආදායමත් හරියට එකතු කර ගන්නෑ කියලා...!
අනේ මන්දා... ආරංචියක් තියෙනවා හිටපු, නැවත එන්න වලිකන කෙනෙක් එකවගේ ගෙවල් තුනක් හදලාලු... නගර තුනක. නරකද ඇන්ටනාව ඒ පැත්තට හැරෙව්වොත්...?
සමෘද්ධිය කියන්නේ මහජන බදු මුදල් නිකමුන්ට ඡන්ද බලාගෙන බෙදීම... ඕක නවතා මිනිස්සු නිකමුන්වීම නවත්තන්න.