අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පොල්ලකින් පහරිදීම සම්බන්‍ධයෙන් තිස්හතර හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැම්පනේ, පුස්වැල්පිටිය ප්‍රදේශයේ කාන්තාවකි. රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබීම උරණවී මෙම පහරදීම සිදුකර ඇතැය පොලීසිය සැකකරයි.
කාන්තාවගේ පොලු පහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරි සුභාෂ් ප්‍රසන්න කඹුරුගමුව මහතා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ලැජ්ජාවේ බැහැ
ඇයි මෙහෙම බොරු දාන්නේ..? මේ කියන මනුස්සයාට සීමාවක් නැහැ. මේක කියවනකොට හිතෙන්නේ ලොකු කේස් එකක් කියලා... ඒ ගෑණු කෙනාගේ ඉල්ලීම සාධාරණයි.
සර්ටත් ඕකම තමයි වෙන්නේ... ගමට යනකොට හෙල්මට් දාගෙනම යන්න.