(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
සමෘද්ධි නිලධාරීන් මේ වසරේදී ස්ථිර කිරීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
හැරිසන් මහතා මේ බව පැවැසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පී හැරිසන් මහතා මෙසේද කීය.
‘‘සමෘද්ධි නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් දීමටත් කටයුතු කරනවා.ගිය ආණ්ඩුව මේ අයට පත්වීම් ලිපියක් දීලා තිබුණේ නැහැ.ඒ කිසිවක් නැතුව දේශපාලන කටයුතු වලට යොදා ගන්නවා. අපට විරුද්ධව හිටියත් මේ පිරිස ස්ථිර කිරීමට කටයුතු කරනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමනි, කවදා ද ?
මංගල බැහැ කියයි