‘ මහින්ද මහත්තයාගේ බලය බිඳින්න බැරියයි බොහෝ දෙනා කිව්වා. තව අවුරුදු 20ක් යන බව කිව්වා. නාමල් මහත්තයාට රට ගියාම තමයි වෙනස් වෙන්නේ කිව්වා. නමුත් මහින්ද මහත්තයා පරාජය කළා. පසුගිය ජනපතිවරණයේ දී ඔවුන් උපරිම රාජ්‍ය බලය පාවිච්චි කළා. අවිස්සාවෙල්ල, හෝමාගම, කැස්බෑව වගේ ආසන මහින්ද මහත්තයා ජයගත්තේ සමෘද්ධිලාභීන් නිසයි. මෙවර ඔවුන්ගේ සහාය ලැබෙන්නේ නෑ. එ නිසා අපි අවිස්සාවේල්ල ආසනයත් ජය ගන්නවා.‘ යි විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවිස්සාවේල්ලේ රැලියක දී කීවේය.
පස් වැදෑරුම් පිළිවෙතක් ඔස්සේ ඉදිරි අවුරුදු පහේ රට කරන බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පියත් සමෘද්ධි ඡන්දෙයි මෛත්‍රිපාල සිරිසේනට මේ සැරේ දෙන්න ඉන්නේ (බ)
ඔබ හරියටම හරි ජයවේවා (ම)
මොන ආණ්ඩුවේ හිටියත් මෙතුමා තමන්ගේ කාරිය නිවැරදිව සහ දක්ෂ ලෙස ඉටුකරන කෙනෙක්. පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම සිටිය යුතු අයෙක් වන අතර යමක් ගැන නිවැරදි දැකීමක් මෙතුමා තුළින් නිතරම දකින්නට ඇත. (නි)
කව්ද හිතුවේ ඔබලා එජාපයට යාවි කියලා???පුදුමයි ඒත් ඇත්තයි (ම)
ලජ්ජා නැතිකම අර මොකකටත් වඩා ලොකුයිලු දැන් අලියා පිටින් එනවා බංකොලොත් දේශපාලුවෝ (ම)
ටේ කාටවත් නීතියට උඩින් යන්න බැහැ. ශිෂ්ට සම්පන්න රටක එහෙම මිනී මරන්න බැහැ. (ර)
ලජ්ජා නැතිකම අර මොකකටත් වඩා ලොකුයිලු දැන් අලියා පිටින් එනවා... (ර)
සමෘද්ධි දීමනාව 200% වැඩි කරන්න ගියවර පොරොන්දු වී එය ඉටු නෙකල බැවින් ගියවර ලැබුනු සමෘද්ධි ඡන්ද මෙවර යහපාලනයට ලැබෙන්නේ නැ. මෙයා ඒකවත් දන්නේ නැතුවනෙ කතා කරනනේ. (ර)
ගියපාර මම දන්සල කාල මහින්දට ඡන්දෙ දුන්න . මේදා පාර දන්සල නැති නිසා මම අලියට ඡන්දෙ දෙනවා ... (ර)
අනේ චම්පික මහත්තයෝ අවන්කවම මම ඔබේ පක්ෂය ගැන ඔබ ගැන ලොකු පැහැදීමකින් හිටිය කෙනෙක්. මොකකක්ද මේ යුඑන්පියත් එක්ක එකතු වෙලා කරගන්න යන වැඩේ? (ර)
අනේ අපරාදේ අපි මෙයාට දුන් ඡන්දය. (නි)
ජයවේවා! නියමයි මහත්තයෝ (නි)
චම්පික දක්ෂයෙක් වුණත් විශ්ව විද්‍යාල කලේ සිටම අවස්ථාවාදී බව දන්නෝ දනිති . (ම)
දැන් තමයි මෙතුමා හරි පක්ෂෙට අාවේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් (නදී)
ඕව දුකට කියන කතා. කපන්න බැරි අත ඉඹිනවා (බ)
චම්පික මහත්තයෝ කඩුවෙලින් අපේ සහය ඔබතුමාට සහා සුජීවට. හොරු එලවමු. (බ)
නමුත් අරලිය දන්සල, රජයේ රුපවාහිනී නාලිකා, සි ටි බි බස් , සමෘද්ධි ලාභීන්, ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා හා මහනගර සභා බලය නොමැතිව මෙවර සිදු වන වෙනස මගහරවා ගැනීමට ලොකු උත්සහයක් ගන්නවා. (බ)
මෙයා ඒ දවස් වල රනිල්ට බැන්නේ කොහොමද. අද මහා බැංකු වංචාව වෙලත් තමන්ගේ වාසියට ඔක්කොම හොඳයි. (බ)
මහින්දට සමෟද්ධි ඡන්දය විතරක් නොව සියලු බුද්ධිමතුන්ගේ ඡන්දය නොලැබේ ජාතිවාදය යුද්දය හැමදාම මාකට් කළ නොහැක (බ)
රසිතගේ තේරීම හරියටම හරි. හොඳම සහ වැදගත්ම අපේක්ෂකයෝ අතරින් පෙරමුණටම(ම)
අරලිය දන්සල, රජයේ රුපවාහිනී නාලිකා, සි ටි බි බස් , සමෘද්ධි ලාභීන්, මේවා විතරයි මහින්ද මහත්තයට අඩු වෙන්නේ.වියදම් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා අලුත් රජයේ බදු ප්‍රතිපත්තිය නිසා අසරණ වුන මහා පරිමාණ ව්‍යාපරිකයෝ තව බාර්,එතනෝල් කුඩු ව්‍යාපාරිකයෝ ඕනෑතරම් ඉන්නවා. (බ)
රත්මලානෙන් අපි ඔබට. රනිල්, චම්පික සහ හර්ෂ අපේ තේරීම. (බ)
මේක හොදින් මතක තියා ගන්න චම්පික මහත්තයෝ සිංහල කතාවක් තියනවා "ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ කියලා " මහින්ද පරාජය කිරීමට කටයුතු කළ ඔබ සහ රතන හිමි ගැන සිංහල බෞද්ධයන් තවදුරටත් විශ්වාස නොකරන බව ඊළග මහමැතිවරණ ප්‍රතිපල වලින් ඔබට වැටහේවි. (බ)
අද දින දේශපාලනයේ සිටින අවංක හා බුද්ධිමත් අතලොස්ස අතරේ ඔබ ඉහලින්ම සිටිනවා . මොන පක්ෂයෙන් ඉල්ලුවත් ඔබ අනිවාර්යෙන් මැති සබේ සිටිය යුතු කෙනෙක් . ඔබ වැනි අය ඉහලින්ම දිනනවා .ඔබට ජය.! (ර)
දින සියයි කෝටි 5500 අවුරැදු 5 යි රට හමාරයි (බ)
බැදුම් කර සමග නඩේ බය වෙලා දොඩවනවා (ම)
ජාතිවාදය නැවත වරක් විකිණිය නොහැකි බව අගෝස්තු 18 වෙනවිට පෙනෙනු ඇත.(ම)
ඉමල්ක ඔහේ කියවනවා මහ බැංකු වංචාව කියල , හැබැයි බැදුම්කර කියන්නේ මොනවද කියල දන්නේ නැහැ?? මෙතනේ කිසිම වංචාවක් වෙලා නැත . ඔබට මෙහි තාක්ෂණික පැත්ත පිළි බදවේ කිසිම අවබෝධයක් නැත.(ම)
කල දුටු කල වලිහගන්න මේවගේ දේශපාලකයෙක් මම කවදාවත් දැකල නැහැ, කන්න ඕන වුණාම කබරයත් තලගොයා කරනවා. (ම)
අපි කතා කරන කොට ජාතිවාදීන් . උතුරේ කට්ටිය කියන කොට සද්දෙ නැහැ. අලි මදිවට කොටි කිව්වා වගේ , ජිනිවා වලට අමතරව විග්නේශ්වරන්ගේ යෝජනාව , ඊට අමතරව ඊයේ ලංකා යුද හමුදාවට විරුද්දව දශ ලක්ෂයක පෙත්සමක් භාර දීල. මේ රනිල් හා ඩයස්පෝර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින උදවිය දන්නේ නැද්ද ? කවුරු එජාපෙ ඩයස්පෝර හවුලට ඡන්ද දුන්න ට රණ විරු පවුල් ව ඡන්ද නම් නොලැබෙනු ඇත. කවුද කැමති රට වෙනුවෙන් දුක් විදලා පෝරකේට යන්න සුනිල් රත්නායක රණ විරුවාට කළා වගේ (බ)
බැඳුම්කරවල තේරුම ඉගෙනගන්න ක්ලාස් යන්න ඕන නෑ. වංචාවේ සුලමුල යහපාලන රජයේ ජනපතිතුමා කීවා නේද දේශපාලනයෙන් තොරව රට ගැන හිතන්න (බ)
ඔබතුමාගේ පොතක් තියනවා නේද පටිසෝතගාමිව අවුරුදු 30 කියල .හැබැයි එ්ක අලුතෙන් ලියන්න වෙනවා (බ)
එහෙනම් කාටද ඒ ඡන්ද වැටෙන්නේ (බ)
කමල් ඔබ බැදුම්කර වංචාව ගැන නොදැන උන්නාට ජනාධිපති තුමා ඒ ගැන හොදට දන්නවා.(ම)
සමෘද්ධිලාභින් ඡන්ද වහලුන් ලෙස පිළිගැනිම වැරදි (ම)
කමල් තාක්ෂණික පැත්ත ගැන ඔය දන්නා ටික කියන්නකෝ බලන්න... (ර)
කමල්, මෙතන වැඩි දෙනෙක් බැදුම්කර, බැදුම්කර කියා කියා කෑ ගැහුවට දන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියල. ඒක සිද්ද වෙලා තියෙන්නේ නියම විනිවිද පෙනෙන ලෙසට. ගිය ආණ්ඩුවේ වගේ යටින් නෙමේ. ඒ ගැන සත්‍ය වාර්තාව කියවල බලා අදහස් දාන අය නැහැ. (බ)
කමල්, බැදුම්කර ගැන ඔයාට අවබෝධයක් නෑ වගේ... මුළු රටම දන්නවා එතන වරදක් වුනා කියල.. එ්ක ජනාධිපති තුමාගේ කතා වෙනුත් පැහැදිලියි.. කෝටි 5500 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයි.. වරායවල් 10 හදන්ට තිබුණු සල්ලි... (බ)
මේ දවස් ටිකට කාපු ටික මදිද තව කන්න ඉල්ලන්නේ. ලැජ්ජාවක් නැති හැටි (බ)