
(රෝෂන් තුෂාර)
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පීණී සේමිණි ඉද්දමල්ගොඩ සැකකාරිය ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (11)නියෝග කළේය.
අර්ථසාධක නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කළ විමර්ශනයන්ට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාරියට අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු අනුව වැලිකඩ පොලීසිය මගින් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.
කොළඹ අධිකරණයේ,මාතර හා තංගල්ල අධිකරණවල විමර්ශනයන්ට අනුව මෙම වරෙන්තු සැකකාරියට එරෙහිව නිකුත් කර තිබිණි.
COMMENTS
වරෙන්තු හතක් ඇති අයෙක් .මරු මරු