මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම් හා ධනවත් ව්‍යාපාරික හට් තිලකසිරි මහතා  පෙර දින රාත්‍රි 10 ට පමණ ගෙදරින් අවුත් අද අලුයම 4.45 වනතුරු ඩී ආර් විජයවර්ධන මාවතේ සමාජ ශාලාවක සිටි බවට තොරතුරු ලැබී ඇත.

ඔහු එම ස්ථානයෙන් පිටවී සිය ජිප් රියෙන්  ගාමිණි වට රවුම දෙසට යද්දී පැහැරගන්නට ඇතැයි පොලීසිය කියයි.