
(රෝෂන් තුෂාර)
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (07) නඩු පැවරීය.
නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත .
මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව( සමාජ මාධ්‍ය පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඇත්තටම විශ්වාස කරන්නේ ගූගල් මේ රටේ සිටින පුද්ගලයා ගැන සැලකිලිමත් වන බව ද? හාස්‍යජනක!!!
හොර තක්කඩි වැඩ ප්‍රසිද්ධ වෙනකොට කවුරු වුණත් කැමති නෑනේ
රටේ බදු මුදල් වලින් නඩත්තු වන පුද්ගලයෙක් ගෙන් අවැඩක් සිදුවේ නම් එය පෙන්වාදීම සමාජ වගකීමක් වන අතර එවන් වංචනිකයන්ට නඩුදමා ගැලවෙන්න රටේ නීති සකසා නැත.
වර්තමාන යුධ හමුදාපතිට කරන්න යුද්ධයකුත් නැති නිසා ආරක්ෂා කරන්න රටකුත් ඉතිරිවෙලා නැති නිසා සමාජ මාධ්‍ය එක්ක හරි රංඩු කෙරුවාදෙන්, අපි බලමු උසාවි තීන්දුව මොකක් කියලා.....
සමාජ මාධ්‍ය දැලි පිහි අතට ගත් වඳුරන්ට උසාවියෙන් දඬුවමක් ලැබෙනවා නම් සාමකාමි ජනතාව කැමැති වෙයි. එසේම එය මෙවැනි තුට්ටු දෙකේ මඩ අවලාද වලට උඩ ගෙඩි දෙන කොමෙන්ට් අප්පුලාටත් එය හොඳ පාඩමක් වෙයි...
ඔවුන් අපේ බදු මුදලින් පඩි අරගන්නවා නම්, ඔවුන් කරන තක්කඩි වැඩ ගැන හෝ ඔවුන්ගේ හැසිරීම් ගැන මහජන විවේචන බලාපොරොත්තු වෙන්න වෙනවා...!