සමාජ ජාල වෙබ් අඩවිවලට දැඩි ලෙස විරුද්ධත්වය දක්වන නිළියක් ලෙස ජෙනිෆර් ඇනිස්ටන්ව හඳුන්වනු ලබයි. එම හේතුව නිසාම ඇයව බොහෝදෙනා හඳුන්වනු ලබන්නේ ‘"සෝෂල් මීඩියා විරෝධී රැජින" යනුවෙනි. ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන කිසිම ගිණුමක් ඇයට නොමැති බව සඳහන් වෙයි.
පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ, සමාජ ජාල මාධ්‍යයන් නිසා සමාජය ව්‍යාකූල වනවා සේම, කිසිදු වැඩකට නැති දේවල් පවා සමාජ ජාල තුළට ඇතුළු කරන්නට මිනිසුන් දැන් හුරු වී තිබෙන බවයි.
කෙසේවෙතත්, ඇගේ සැමියා වන, සිනමා නළු ජස්ටින් තෙරොක්ස් මේ සමාජ ජාල වෙබ් අඩවි සමග නිරන්තරයෙන්ම ගැටෙන පුද්ගලයෙකු ලෙස සඳහන් වෙයි. ජෙනිෆර් මෙලෙස සමාජ මාධ්‍යයට විරෝධය දක්වන්නේ පසුගිය කාලයේ ඇය සහ ජස්ටින් තෙරොක්ස් වෙන්වීමට තීරණය කර ඇති නිසා බවයි සඳහන් වන්නේ.
අනූද



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.