කොළඹ සමාගමක ප්‍රධානියකුගේ අයතා සම්බන්ධයක් බිරියට වසන් කිරීම සඳහා මුලින් රුපියල් තිස් පන් ලක්ෂයක් ලබා ගෙන පසුව තවත් ලක්ෂ 75ක් ඉල්ලූ බව කිය උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් සහ අනියම් බිරිය කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මුලින් ලක්ෂ 35ක් ගැනීමට කොස්තාපල් ඉදිරිපත් වී ඇතැයි ද, එම මුදල ගැනීමෙන් පසු දෙවැනි වරට එමෙන් දෙගුණයක් ඉල්ලා ඇතැයි ද ඒ අතරතුර කොස්තාපල් වෙනත් පොලිසියකට මාරු කර ඇතැයි ද පොලිසි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ගේ නම් ගම් දාන්නෙ නැද්ද? (නි)
කරන කලට පව් මීරිය මී සේ... විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... (නි)
මාටින් අයියාගේ කැමැත්තක්...අනියම් නෝනාගේ විස්තර ටික නේද ඕනෑ? (නි)
කටේ මසුරන් දාන්න ඕනෑමද? නැද්ද ළඟ පාත වෙන මොනවත් දාන්න? (නි)
ලොක්කගේ වැඩේ සාමාන්‍යය දෙයක්.පොලිසියේ කෙනාට 35 කුත් අරගෙන මදි වුණාද? ගෙදර අරිනවා පමණක් නොවේ, හිරෙත් අරින්න ඕනෑ. (නි)
මේ කට්ටිය මහජන මුදලින් පඩි ගනිමින් රස්සාවට කරලා තියෙන්නේ මිනිසුන් ගේ අයථා සබඳකම් ගැන ඔත්තු බලන එක වගේ. මෙය මුල්ම එක විය නොහැක. (නි)
ලක්ෂ 35 දෙන්නේ නැතුව ඕක විසදාගන්න පුළුවන්නේ. (නි)
පෙත්තෝ, දැන් නම් අනියම් නෝනගේ විස්තර ඕනෑත් නැහැ වගේ. ඔය උඩින් අදහස් දාලා තියෙන සුගත් මහත්තයාගේ ලිපිනය පුළුවන් නම් හොයලා දෙන්න (නි)
ලක්ෂ 35 ක් දීලා හරි ඒ මනුස්සයා බේරුණු එකම මදිද උණුවතුර පාරක් නොකා. (නි)
ලොක්කන්ගේ වැඩේ සාමාන්‍යද අසාමාන්‍යද කියලා දිල්හානි දන්නේ කොහොමද අනේ? (නි)
මෙච්චරට මෝඩ සමාගම් ලොක්කෝ ලංකාවේ ඉන්නවද?අනිත් එක මේ තරම් දුෂිත පොලිස්කාරයොත් ලංකාවේ ඉන්න හැටි? (නි)
දැන් කොහොමහරි පුවත්පත් මාර්ගයෙන් මොහුගේ බිරිඳ ඇතුළු සියල්ලම දැනුවත් වී ඇති. (නි)
නෝනා තවම දන්නේ නැතුව ඇති.දන්නවා නම් මෙලහකටත් උණු වතුර පිහිට වෙලා (නි)
මොකටද කාටවත් ලක්ෂ 75 දෙන්නේ? බිරිදට ලක්ෂ 10 දීලා, මේකෙන් පහසුවෙන් ශේප් වෙන්න පුළුවන්නේ. (දී)
ලක්ෂ 35 ක් වෙන ගෙහනියක් නිසා කප්පම් දුන්න කියන එකේ තේරුම කුමක්ද? අනික මෙම පුද්ගලයට එතරම් සල්ලි ගොඩක් කොහින්ද?මම නම් හිතන්නේ මෙයට ඔහොම උන එක හොඳයි (දී)
මාටින් මහතා ආසයි බයයි වගේ.සොයන්නාට හමුවෙනවා. (නි)
යකෝ ඔය සල්ලි වියදම් කරලා තව කසාදයක් කරගන්න තිබුන නේද මෙච්චර ටෙලි නිලියෝ ඉන්න රටේ මොන එහෙකටද අහුවුනේ (අ)
මොකක් හරි මේකේ පටලැවිල්ලක් තියෙනවා.
පොලිස් පරීක්ෂකට සමාගම් ලොක්කගේ බිරිඳව යාලු කර ගත්තනම් වැඩේ ශේප් නේ.
ඕක බිරිඳට වසන් කරපු එක තමන්ගේ ආරක්ෂාවට හොඳයි.නැත්නම් ඉතින් වෙනදේ දන්නවා නේ . (දී)
මගේ නෝනා නම් ඕව ගණන් ගන්නේ නැහැ .අපිටත් කියල වෙනසක් ඕනේ. (දී)
මේවා රත්තරන් වලින් හදල පුරවපුව වෙන්නැති (දී)
මිනිපේ ගේ කතාව හරි. එක එක්කෙනාට කෝටි ගණන් දෙන එකේ, තමන්ගේ බිරිඳට ලක්ෂ 10ක් 20 ක් දීලා මේක බේරාගන්න තිබුණා.අනික පුදුම පොලිසියක් දැන් ලංකාවේ තිබෙන්නේ. කප්පම් ගන්නේ පොලිසියෙන්. මේ අවනඩු කාට කියමුද? (නි)
දුප්පත් අපිට සහනයක් තිබෙන තැනුත් පොලිසිය අල්ලනවා. (නි)
කසාද බිරියට සල්ලි දීලා ශේප් වෙන්න පහසු නැහැ (නි)
සුගත්, ඔයාගේ නෝනා ඕවා ගණන් ගන්නේ නැද්ද? (නි)
අනේ මන්දා සුගත් කොහොම කෙනෙක්ද කියලා. (නි)
උණු වතුර නම් රත් වී ඇත. (නි)
ලක්ෂ තිස් පහකුත් දීලා දැන් ඉතින් නඩුව නිසා කොහොමත් නෝනටත් ආරංචි වුණානේ. ඔය අනියම් බිරිඳ මෙවැනි ක්‍රියාවලින් තවත් මිනිස්සුන්ගෙන් කප්පම් ලබන්නට පුරුදු වුණ කෙනෙක් විය හැකියි. පිරිමි කාට කාටත් හොඳ පාඩම් මේවා. (නි)
උණු වතුර මිරිස් දාලා හෙට අනිද්දට කියාවි තුන පහත් මිරිකලා දාලා, ලුණු දාලා බතුත් එක්ක කන්න කියලා.දෙයියෝ සාක්කි! (නි)
"කොළඹ සමාගමක ප්‍රධානියකු?" කව්ද බොලේ මේ? මොකක්ද මේ සමාගම?දාන්නකෝ නම ගම අපටත් දැනගන්න. (නි)
පෙත්තාට ඒ අනියම් බිරිය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙලා වගේ. (නි)
ඉල්ලගෙනනේ පරිප්පු කාලා තියෙන්නේ. කලින් 35 ගෙවූ නිසා තව 75ක් ඉල්ලුවේ. මුල් ගණන නොදී හිටියා නම් ඉවරයි.මිනිපේ කියන්න වගේ නෝනට ලක්ෂ 15/20ක් දුන්නා නම් වැඩේ ෂේප්.හැබැයි උණු වතුරෙන් පරිස්සම් වෙන්න වෙනවා (නි)
කව්ද දන්නේ ඕක හොයල බලල ඇත්තද කියල හොයාගත්තට පස්සේ උනුවතුරට මිරිස් හමු කරලාම වැඩේ දෙයිද කියල .මේවා තියෙන අය මීට පස්සේ පරෙස්සමෙන් ..(අ)
රටේ සාමාන්‍ය ජනතාවගේ වැරදිවලට දඬුවම් කිරීමට පෙර දැඩි නීති රීති පනවා පළමුව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දඬුවම් කළයුතු වේ.මෙයට ප්‍රධානම හේතුව පොලිසිවල නිලධාරීන් පගාව ගැනීම රාජකාරියේ අංගයක් කරගෙන තිබීමයි.විශේෂයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් පගාව ගැනීම මත රජයට අහිමි වේ.වගකිවයුත්තන්ට මේවා නොපෙනීමත් පුදුමයට කාරණාවකි (නි)
"මගේ නෝනා නම් ඕව ගණන් ගන්නේ නැහැ .අපිටත් කියලා වෙනසක් ඕනෑ" ඒ කියන්නේ නෝනාට නම් වෙනසක් තිබෙනවා ඇති නේද? අනේ කාලේ වනේ වාසේ! (නි)
සමාගම් ලොක්කට එයාගේ නෝනගේ ආදරේ ටවත් වෙඩි වෙලාලු එයට මෙචර බයද කියල ..... ලොක්ක දිනුම් ...........ජයවේවා (අ)
සුගත් ගේ කටේ මසුරන් දාන්න ඕනේ. (අ)
පෙත්තෝ, රත්තරන් නොවුනට ඔය නිසා මිනිස්සු කී ලක්ෂයක් අමාරුවේ වැටිලා තිබෙනවද? සමහරු රජකමත් අත්හැරියා කියනවනේ.ඉතින් ලක්ෂ 35 නම් මොනවද කියලා හිතෙන්න ඇති. (නි)
රූපවතියයි, කුමාරිහාමියි දැන් මේ රස්සාව පටන් ගනියිද දන්නෙ නැහැ මේක දැකලා? (නි)
මාටින් අයියයි සෙනරත් අයියයි හරිම යාළුවො දෙන්නා... පෙත්තා අල්ලලා කොටුකර ගත්තද හිතේ කාන්සිය හන්දා... හැමදා ඉල්ලන් කන මගෙ චන්දිට ඔට්ටුයි උත්තර නැතුවා.... හනිකට කියමුකො උණු වතුරේ ගුණ පමා නොවී හිනහව කැන්දා.. (නි)
පෙත්තෝ, සමාගම් ලොක්කගේ නම ගම තොරතුරු වලින් අපිට වැඩක් නැහැ.අර අනියම් නෝනගේ විස්තර ටික දැම්මා නම් හොදටම ඇති, තව එයාට සල්ලි ඕනෑද කියලා බලන්න (නි)
කුමුදු, මොකද සල්ලි දීලා බේරෙන්න බැරි? තව මොනවද දෙන්න ඕනෑ? යුක්තියට ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. (නි)
මගේ නෝනාට මම සම්පුර්ණ නිදහස දීලා තියෙන්නේ.ඉන්න ටික කාලයට ඕවට තරහ වෙන්නේ මොකටද?අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනෑ. (නි)
මගේ නෝනට වෙනසක් තිබුණහම අනෙක් අයට තිබෙන අමාරුව මොකක්ද?කුහකකම කියන්නේ ඕක තමා. (නි)