රත්මලාන තෙලවල වේරැස් ගඟෙන් සොයා ගත් මළ සිරුර කොළඹ ප්‍රධාන පෙළේ සමාගම ප්‍රාදේශිය කළමණකාරුවකු වන බොරලැස්ගමුවේ චමින්ද දිල්රුක්ගේ (33) බව පොලීසිය කියයි.
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ධම්මික බණ්ඩාර මහතා පාළම අසලට ගොස් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
මළ ගෙදරක යන බව කියා බ්‍රහස්පතින්දා (07) රෑ නිවසින් පිටත් වු ඔහුගේ කාරය පාළම අසල නවතා තිබිණි.
වාහන ඇදිමට ගන්නා කැන්වස් පටියකින් ඔහුගේ සිරුර ටික වේලාවක් පාළමේ බාල්කයක එල්ලී තිබෙන්නට ඇති බවත් පසුව එය කැඩී ඔහු වතුරට වැටෙන්නට ඇති බවත් පොලීසීය මහේස්ත්‍රාත්වරයාට පැවසීය.
ඡායාරූප සිරිමහ බෙල්ලන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජනාධිපති වුනොත් ඉස්සෙල්ලම කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක.(හේ)
මෙය මිනීමැරුමක් වියහැකිද? කෙසේනමුත් පරීක්ෂණ වලින් අනතුරුව සියල්ල හෙළිවේවි (නි)
බයනැතුව මේවා මෙහෙම කරන්නේ කොහොමද? හිතනකොටත් බයයි (නි)
ඒ කියන්නේ චමින්ද මහත්තයාගේ සිරුර වාහනයක් අදිද්දී ලැබෙන ශක්තියට වඩා ප්‍රබලයි බරයි කියලද ? මම එහෙම කිවුවේ වාහන අදින්න ගන්න කැන්වස් පටියක් කඩාගෙන ශරීරයක් ගඟට වැටිලා කියල පොලිසිය කියල තියෙන හින්දයි ..(අ)
මරලාද එල්ලුවේ. එල්ලලාද මැරුවේ. (නදී)
මේකට තමයි කියන්නේ අළු යට ගිනි කියලා. මේ ගැන වහාම පරීක්ෂණ කරන්න. (නදී)
මෙතනින් හොදට පෙනෙනවා ලංකාවේ මිනිසුන්ට වැඩ නැහැ ඔහේ එක එක තැන්වල කාලේ කනවා. මෙතනම කොච්චර ඉන්නවද ? (නදී)
බලාගෙන, ඉවක් බවක් නැතුව යනවා කට්ටිය පාලම දිගේ. පරිස්සමට යන්න. මැරුන කෙනා නම් පව්! දැන්නම් අපේ රටේ දවසකට වාර්තාවෙන හැටියට 10 ක් 15 ක් මොනවාහරි සිදුවීම් වලින් මරනවා හෝ මැරෙනවා. (නි)
කණගාටුදායක පුවතක්.(හේ)
කුමන හේතුවක් නිසාද මිය ගියේ.(හේ)