බහුභාර්යා නඩුවක වැරදිකරු වු දෙදරු පියෙකුට රුපියල් 1500 ක දඩ නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙස නියෝග කළාය.
පෞද්ගලික සමාගමක විධායකයකු වු එම පුද්ගලයා තවත් සමාගමක අධ්‍යක්ෂවරියක සමඟ විවාහ වී මධුසමය ගත කිරිමට කොළඹ තරු හෝටලයකට ගොස් සිටිය දී ඔහුගේ මුල් බිරියට දෙදෙනාම හසු වු බව අධිකරණයේ දී කියැවිණි.
සැකකරුගේ මව ලෙස කුලියට ගත් කාන්තාවක් අලුත් මනාලිය කැන්දන් යාමේ උත්සවයට සහභාගි කර ඇතැයි ද උසාවියේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙ පව් අර රැවටුන මනමාලිට වෙච්ච අවනම්බුව රුපියල් ලක්ෂයකින් මකාගන්න පුලුවන්ද ?(අ)
අපෝ මෙච්චට දෙයක් (අ)
එතකොට දැන් හරි භාර්යාව කවුද? (නි)
රුපියල් 1500 ක්, අනේ එතරම් විශාල දඩ මුදලක් කොහොම ගෙවන්නද ?අනික විදායක නිලදාරියෙක් (කෞ)
මෙවෙනි බහුභාර්යා වරදකට රුපියල් 1500ක් දඩය ඉතාම සුළු දෙයක්. දෙවෙනි මනාලියට සිදුවූ අසාධාරණයට සහ මානසික වේදනාවට රුපියල් ලක්ෂයක් කිසිසේත් ප්‍රමාණවද්ද? (නි)
දඩ මුදලට අමතරව මනමාලිය ඇතුළු නෑයින්ට අං තට්ටුව බැගින් දෙන්න තිබුනා ඔවුන්ගේ බුද්ධිමත් බව සැලකිල්ලට ගෙන. (ර)
මේවා කොළොන්නාවේ උසාවියේ අහන නඩු නේද. කොහොමද කොළඹ උසාවියට ගියේ. (කෞ)
පෞද්ගලික සමාගමක විධායකයකු වු එම පුද්ගලයාට දීපු දඩය නම් ඉතාම පුංචි සොච්චමක් !!!!! දෙවැනි බිරිය මෙයා විවාහකයෙක් බව නොදැන සිටියාද ? කුලියට ගත් නැන්දම්මාට දඩ නැද්ද ? එයාට නම් හොඳ කුලියක් හොර පුතාගෙන් ලැබෙන්නත් ඇති !!!!!(අ)
ඔන්න ලංකාවේ යල්පැනගිය නීති .දඩ වන්දි ගෙවීම් අද කාලයට ගැලපෙන ලෙස මෙම නීති ප්‍රතිසංස්කරණය වෙන්නේ කවදද ?ස්වාදීන කොමිෂණුත් ගොලුබෙලි ගමනේ යන්නේ .(අ)
මම කැමතියි එක්කෙනෙක් බාරගන්න (නි)
මිනිස්සු බහුභාර්යා වගේ දේවල් වලට පෙලඹෙන්නේ දික්කසාදයට නීතියෙන් පිළිසරණක් ගන්න තිබෙන අමාරුව නිසා (නි)
කාටත් ඕවා හොඳ පාඩම්.... (නි)