මරණ දඩුවම නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනා මුල්කරගෙන උද්ගතවී ඇති තත්ත්වය ඉන්දියාව හා සාමකාමීව විසඳා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම පවසයි.
පසුගිය අවුරුදු 10 පුරාවටම ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවුනු බව පෙන්වා දෙන අමාත්‍යවරයා අධිකරණයෙන් මරණ දණ්ඩනය පැනවූවද එය ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදිය යුත්තේ විධායකය බව පෙන්වා දේ.
මෙවැනි කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ දැයි තීරණය කිරීම සදහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඔවුනොවුන් අතර නීති පද්ධතියක් ඇති බව පසුගියදා ඉන්දියාවේ විදේශ ආමාත්‍යංශ ප්‍රකාශක සයේඩ් අක්බරුඩින්ද ප්‍රකාශ කළේය.
පසුගිය මස 30 වැනිදා කොළඹ මහාධිකරණයේ පැවැති විභාගයේදී මෙම ධීවරයින් පස් දෙනාට මරණ දණ්ඩනය නියම කෙරුණු අතර හෙරොයින් ජාවාරමේ යෙදුණේ යැයි ඔවුන්ට චෝදනා නැගී තිබුණි.
අධිකරණ නියමයට එරෙහිව ඉන්දියාවේ මහා පරිමානයෙන් විරෝධතා පැනනැගුණි.
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මෙම සිරකරුවන් හමුවීමට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් යාෂ් සිංහ මහතාද පැමිණ තිබේ.
නියෝගයට එරෙහිව අභියාචණයක් ඉදිරිපත් කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විහිළුවක්.(හේ)
මොනවා වුණත් සමාදානයෙන් කතාබස් කර මේ ගැටළු විසඳාගන්න බලන්න (නි)
සාමකාමිව විසදුමක් කියන්නේ ටික දවසකින් කට්ටිය ඉන්දියාවට පියාසර කරනවා කියන එකද ?(හේ)
නීතිය කනපිට පෙරලුනොත් එය නරක පූර්වාදර්ශයක් වේවි. දඩුවම. ඉන්දියාවට අවශ්‍ය විදියට නොව හැමවිම නීතියේ විදියට කුියාත්මක යිය යුතුයි..(හේ)
අපේ රටේ මිනිස්සුන්ට කුඩු පොවලා මරණ එක සදරණද ? ඕක වෙන්න තිබ්බේ අරාබි රටක .බලන්න තිබුන බේරෙන හැටි .(බ)
අපේ රජය ඉන්දියාවට ඔප්පු කල යුතු දෙයනම් "මේ ගොල්ලන් එන්නේ මාළු බාන්නම නොව මේ වගේ වැඩ කරන්න කියන එක බවත් ඒවාට තමිල් නාඩුවේ මැති ඇමති වරුන් සෘජුවම සම්බන්ද බවත් එබැවින් ඒ අය කිඹුල් කඳුළු හෙලන කට්ටියක් බවත්" යන වගය.(බ)
මෙදපෙරදිග නීතියට අනුවනම් බෙල්ල කපල දානවා මොකා උඩ පැන්නත් බෙරිහන් දුන්නත්.අපේ රටට ඔය වසංගත ගේන්නෙත් ඉන්දියාවෙන්.බොරුවට බෙරිහන් දෙන්නෙත් එවුන්මයි.නිතියනම් කාටත් එකම නිතිය වෙන්න ඕනේ ඉන්දියාව නෙමෙයි මොකා වුනත්.(හේ)