අන්තවාදී අදහස් ඇති බෞද්ධ කණ්ඩායම් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයකට නැඹුරුවීමක් දකින්නට ලැබෙන බවත් , එබැවින් බියක් සැකක් නොමැතිව සුළු ජාතික ජනතාවට සාමකාමී හා විශ්වාසනීය ලෙස මැතිවරණ ක්‍රියාවලියකට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංන්විය යුතු බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන්කී මූන් මහතා අද (30) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.
ලංකාවේ ජනාධීපතිවරණ කටයුතු වලින් පසුවත් මෙරට ප්‍රතිසන්ධානය දේශපාලන සංවාදයකට හා වගවීම වෙනුවෙන් එක්සත්ජාතින්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද මහ ලේකම්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කතාවක්නේ. අපි දන්නා තරමට නම් බෞද්ධ අපෙන්නම් කාටවත් කරදරයක් වෙලා නම් නැහැ. අන්‍ය ආගම් අදහන ලබ්දිකයන් හොදින් ඉන්නේ අපේ ඉවසීම සහ මෛත්‍රීය හොදටම තියෙන හින්දා. (නදී)
අපේ රටට ඔය අන්තවාදී ලේබලයනම් අලවන්න දෙන්න එපා. සුලුපිරිසකගේ දේශපාලනීකරණය හේතුවෙන් සියලුම ජන කොටස් ඒවාට පාලි නැහැ. අනවශ්‍ය ඇගිලි ගැසීම් වලට ඉඩ නොතබමු. (නදී)
ගෙදර ප්‍රශ්න ගෙදර විසදා නොගන්නා විට පිට අය අත පෙවීම සිදුවේ! එවිට තව තව ප්‍රශ්නද ඇතිවේ. සාධාරණ රටකට කවුරුත් ඇගිලි නොගසයි. එයට අකමැති රජය හිගන්නාගේ තුවාලේ වගේ මේවා වෙනවට කැමතියි (නදී)
ඔබ තුමාගේ වර්තමාන "වත්කම්" ප්‍රමාණය කෝටි කීයද? කෝටි 10,000 ට වැඩිද?(නදී)
ඔබතුමාගේ කියුම් කෙරුම් ගැන ලෝකෙම දන්නවා. ආසියාවේ ඉපදුනාට වැඩක් නැහැ. (ර)
මේ මොකාටද එන්න හදන්නේ ? (ර)
බොර දියේ මාලුබාන්න හොඳ රුසියා. (ර)
මහා ජාතියේ අත් පා බැද දමා දේශද්‍රෝහීන් රජ කරවන්නන හදනවා වගේ (නදී)
වෙන ජාතියකයන්ට නම් පරිභව කරලා අදහස් දක්වල නැහැ ,තමන්ගේ ජාතියටම මිස (නදී)
කොහෙද බෑන් සුළු ජාතීන්ට ප්‍රශ්න වෙන්නේ. ? දැන් හෙළ උරුමෙයි දෙමල සන්ධානෙයි හකීම් ලයි ඔක්කොම එක තැන නේ. ඔයා කොයි ලෝකෙද ඉන්නේ ?(නදී)
අපේ රටේ යහපාලනයක් නැති නිසානේ මෙහෙම වෙන්නේ (නි)
බෑන් කී මුන් කොහෙද මේ යන්න දඟලන්නේ? සියයට සියයක් නැතත් තවම අපේ රටේ යුක්තිය සාධාරනය තිබෙනවා (නි)
අපේ රටේ වෙන දේවල් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලැබෙනවා (නි)
අපේ රටට මොන කලක් යයිද මෙහෙම ගියොත්? (නි)
අනේ! අපි අපේ වැඩ ගැන බලාගන්නම් (නි)
ඇයි එයා මේවාට ඇඟිලි ගහන්නේ? (නි)
බෑන්කි මූන් තමන්ගේ වැඩක් බලගත්තා නම් නරකද? (නි)
අපිට වගේම බෑන්කි මුන්ටත් සැකයි වගේ. (නි)
කණ්ඩායම් දෙකේ සිංහල මිනිස්සු අතර පොඩි පොඩි දේවල් වෙනවා. ඒක හරි. බෞද්ධ ජනයාගෙන් සෙසු ආගම්වලට කරදරවීමක් කොහෙත්ම නැහැ. කිසිම තැනක එහෙම වෙලා නැහැ. (නි)
සිංහලයට තියෙන්නේ මේ රට විතරයි මහත්තයෝ. (නි)
බන් කින් චූන් ඔයා ඉන්න අපි අපේ වැඩ බලගන්නම්. දැන් මෙයාලට ඔක්කොම පේන්නේ අවුරුදු 30 ක් ඇස් පොට්ටයෝ වගේ (නදී)
මෙයාට කිසිම අයිතියක් නැහැ පදනමක් නැති වැරදි ප්‍රකාශ කරන්න. මේක රූකඩ චරිතයක ලක්ෂණයක්. කෙලින් කතා කරන්න බැරි නම් කොන්ද ආරක්ෂා කරගෙන යන එක තමයි හොඳ. . (නදී)
එහේ එහෙම වුණාට මෙහේ ඒහෙම නැහැ. (නදී)
එතකොට බෞද්ධයෝ තමයි අන්තවාදී, අනිත් අය කරන ඕන ජරා වැඩක් ඉවසගෙන ඉන්න කල් බෞද්ධයෝ හොඳයි ඒ අයට විරුද්ධව කතාකරොත් අන්තවාදී. අනිත් ආගම් වල අය අහිංසකයෝ. එහෙනම් දැන් අමෙරිකාවේ අය මුස්ලිම් රටවල් වල අන්තවාදීන් කියල ගහන්නෙත් අහිංසක අයට වෙන්න ඇති. බැන් කි මූන් ඒවාට කතාකරන්නේ නෑ මොකද ඩොලර් වලින් කටවහලානේ තියෙන්නේ. (බ)
බොදු බල සේනාවේ මාද්‍ය ප්‍රකාශ ටිකක් මෘදු වෙනවා නම් හොදයි...අන් පුද්ගලයන්ට, මතයන්ට, ආගම්වලට, ජාතීන්ට ගරුකරන බෞද්ධයන් විදියට අපිටත් ලජ්ජා හිතෙනවා මේ බොදු බල නායකයෝ ජාතිවාදිව, වර්ගවාදිව හැසිරෙන හැටි දැක්කම.(නදී)
ලංකාවේ උදවිය මැද පෙර දිග රටවල්වලට ඇවිත් බලන්න ඕනි විශේෂයෙන් බෞද්ධ හා මුස්ලිම් එකමුතුව.... එකම කුසේ උපන් සහෝදරයෝ වගේ (නදී)
බැන්කී මූන්ට මේ අසත්‍ය තොරතුරු දෙන්නේ කවුද?(නදී)
මෙය අනවශ්‍ය ඇගිලි ගැසීමක්. ඒ වගේම ස්වල්පයක් අන්තවාදීන් නිසා බහුතරයක් සාමකාමී ජනයාට කරන ගැරහිල්ලක්. අන්තවාදීන් සියලුම ජන කොට්ඨාශ අතරේ සිටින බව හැමෝම දන්නා දෙයක්. මොකද බෞද්ධ විතරක් අල්ලා ගන්නට හේතුව.? (ර)
මේක මාර කතාවක්නේ.? (ර)
බෑන් කී මූන්ට කියන්න තියන්නේ සාධාරන මැතිවරණයක් පවත්වන්න ඕනේ කියන එක අපි කවූරුත් පිලි ගන්න අතර, බෞද්ධ ජනතාවගෙන් නම් මේ වෙනතුරු කාටවත් හානියක්, කරදරයක් වෙලා නැහැ කියන එක හොදට හිතේ තබා ගන්නා ලෙසයි. (ර)
ඇයි අපට වෙන දේ පේන්නේ නැද්ද ? (නදී)
ශ්රී ලාංකිකයන් වශයෙන් අපගේ ප්‍රශ්න අප විසිම්ම විසදීමට තරම් බුද්දිමත් සමාජයක් අපට ඇත. එම නිසා අපට බාහිර ඇගිලි ගැසීම් අවශ්‍ය නොවේ. (ර)
මේක දිනාගන්න දීල කටවහ ගත්තොත් හොඳයි (නදී)
නැවතත් අපේ ජාතියේ එකමුතු කම පෙන්වීම සදහා මහින්ද රාජපක්ෂ දිනවීමට පෙළ ගැසෙමු.(දිල්)
මේ මැතිවරණ නීති කඩනවා එකත් හරි.එත් බැන්කි මූන් මොකද කලබල වෙලා.අපේ ඒවා අපි බලාගන්නම්.මෛත්‍රීයක්ම වේවා.(දිල්)
අපේ රටේ ප්‍රශ්න අපි විසඳ ගන්නම් . නැති ප්‍රශ්න අදින්න එපා කියල අපි මෙතුමාගෙන් ඉල්ලන්නේ. (දිල්)
වෙන එකක් තියා, අපි නම් මේ පුවත් තීරයේ ලියනකොට පවා අනෙකුත් ජාතින්, ආගම්වල පාඨකයන්ට කිසිම පරිභවයක්, නොහොබිනා කතාවක් ලියල නැහැ. (ර)
දැන් ඒපාර තව මරාලයක්ද ? මම නම් බුද්ධාගම් කාරයෙක් විදියට කිසිම ආගමක කෙනෙකුට නිගරු කරලා නැහැ. කරන්නෙත් නැහැ. මෙතන ලියන කියවන , අනෙක් පාඨක භවතුන් පවා එහෙමයි කියල මම විශ්වාස කරනවා. (නදී)
මේ බකමූණ ,ලංකාවේ ඡන්දෙ ඉල්ලනවද? මුන් ඔක්කොටම පිස්සු. මුන්ට අපේ රටට ඇඟිලි ගහන්න අවස්ථාව දුන්නු අයගේ හත් මුතු පරම්පරාවටම හෙන හතම වදීවි. (නදී)
මේ හොරට කලින් කෙසෙල් කැන වැට පැනීමක් (නදී)
මෙවැනි මිනිස්සු අපේ රටේ නොඉපදුන එකත් පෙර වාසනාවක්.(නදී)
ඔය කියන්නේ බොදු බල සේනාව ගැන වෙන්න පුළුවන්. කොහොම නමුත් මැදිහත් කරුවන් ඕනේ නෑ. අලත් දේශයක් හොයන ශ්‍රී ලාංකිකයන්ට වදයක් නොවී හිටියනම් තමා හොඳ (නදී)
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට. නින්දෙන් ඇහැරිලද මන්දා. උතුරු දකුණු කොරියාවේ ප්‍රස්නේ විසදගන්න තවම බැහැ අපේ ප්‍රශ්ණ විසදන්න එනවා. සිංහල බෞද්ධයා කොච්චර හොදට අනිත් ආගම් එක්ක ඉන්නවද ? මට පේන්නේ මහින්දම තමයි මේ රටට හරියන්නේ. (නදී)
හොඳ, හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි අනේ අපේ රට (නදී)
මැතිවරණ නීති කඩන එක සිංහල දෙමල මුස්ලිම් ජපන් කියල වෙනසක් නැත. සියල්ල ඇති තරමට සිදුවෙමින් පවතී. අරුන් මුන් කිව්වට කව්ද ඕව ගණන් ගන්නේ නේද පෙරමුණේ රාළහාමිලා.(නදී)
මහින්ද මහත්තය බලයේ ඉන්නකන් අපට ප්‍රශ්නයක් නැහැ. එතුමා දන්නවා ජාත්‍යන්තරයට පිළිතුරු දෙන විදිහ. (නදී)