(බිඟුන් මේනක ගමගේ )
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහායෙන් ඉදිරිපත් කළ සම අනුග්‍රහ යෝජනාව ඉවත්කරගන්නැයි බල කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ලබන 10 වැනිදා එම කවුන්සිලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් හා ජන රැළියක් පවත්වන බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ජිනීවා සමඅනුග්‍රහ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳව සොයාබලන්නේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සන්ඬේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කර තිබිණි.
කෙසේ වෙතත් මේ වන තෙක් සම අනුග්‍රය යෝජනාවෙන් ලංකාව ඉවත් වී නැතැයි ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සඳහන් කරයි.
යුරෝපය පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එදිනට ජිනීවා නුවරට පැමිණෙන බව මේ වන විටත් තහවුරු කර ඇතැයි ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ජන රැලිය අමතන්නේ යැයි ද කීර්තිරත්න මහතා කීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිය පසුගිය 25 වැනිදා ආරම්භ වූ අතර මාර්තු 22 වැනිදා දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"" ජිනීවා මානවහිකම් "" මෙව්වා ලොකුවට කියවන .... ජාත්‍යන්තර පොලිස්කාරයෝ / නඩුකාරයෝ කියමින් මොරදෙන ... මේවා ක්‍රියාකරවන දනවත් රටවල් වල තමයි .... මේදේවල් වලින් ලොකු විදිහට ප්‍රතිලාබ ලබන්නේ .... අද මේ මානවහිමිකම් ගැන කතාකරන .. රටවල් දිහා බලනකොට ... ඒ රටවල්වල සිද්දවෙන දේවල් දැක්කහම .... කනගාටුයි .!