පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා සිසුන්ගේ පාඨමාලා කාලය පිළිබද අර්බුදයක් පවතිද්දී එම උපාධි අපේක්ෂකයන් සදහා විභාග පැවැත්වීම හෙළා දකින බව ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි.
මෙලෙස විභාග පැවැත්වීම සිසු මර්දනයේ එක් පියවරක් බව සදහන් කරමින් ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වෙත අද (23 ) ලිපියක් යැවීය.
ජාතික අර්බුදයක් බවට පත්වී ඇති ගැටඵවකට සියලු පාර්ශව හවුල් කොට ගනිමින් විසදුම් සොයනු වෙනුවට මෙවැනි දෑ කිරීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද හෙතම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රතිචාර දමන හුගක් දෙනෙක් ප්‍රශ්නය දිහා නෙමේ දේශපාලනයට අදාළවයි ඒවා දමන්නෙ. මේ ප්‍රශ්නය මාස කීයක්ද. මේක රජයට විසදන්ඩ බැරිද? වෘත්තිමය උපාධියක් ඉල්ලන්ඩ ළමයින්ට අයිතියක් තියෙනවා. අනිත් අතට රටක් සංවර්ධනය වෙද්දී මේ වගේ අලුත් රටට වැදගත් උපාධි ඇතිවෙන්න ඕනා. (නදී)
ආසියාවේ ආශ්චර්යය (නදී)
අනේ අපි නොදන්න කිර්ති ගොයිය...මානව හිමිකම් කියන වදන මිනිස්සුන්ට එපා කරවන්නේ මේ වගේ එක එකා තමන්ගේ යැපීම සහ දේසපාලන අරමුණු උදෙසා පිහිටුවා ගත් සංවිධාන නිසා තමයි.ලංකාවේ මානව හිමිකම් කොමිසමක් තියෙනවනේ..ප්‍රශ්නයක් තියෙනවනම් සිසුන් ඒ ගැන එතනට පැමිණිලි කරයි.මේ එන් ජි ඔ කුක්කනට මොකක්ද ඒක ගැන හැදිලා තියෙන කැක්කුම. (අ)
අර්බුද ඇති කරන බොහෝ සංවිධාන පසුපස අහිංසක ද්‍රවිඩ ජනතාව විකුණගෙන කන ඩොලර් තියෙනවා කියලා අමතක කරන්න එපා.ඔය ලියුම යවන්න ඕන වසර තුනට විරුද්ධ වෛද්‍යවරුන්ගෙ සංගමයට කියලයි මට නම් හිතෙන්නෙ. (අ)