IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ

(ඉන්දිකා රාමනායක)

එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හමුදාව නිෂ්පාදනය කළ විශේෂ රථ හයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාට පිරිනමනු ලැබීය.

රුපියල් කෝටි 7 1/2 ට ආසන්න මුදලක් වැයකර නිපද වු මෙම රථ හය  කටුබැද්ද යුද හමුදා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපොලේ දී නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.

මෙම වාහන අතර වටිනා පිරිස් ප්‍රවාහන කරන සන්නද්ධ රථ දෙකක් (APC) , පිරිස් පාලන කරන පොලිස් රථ හතරක් (PCCV) වන යුද හමුදාව පවසයි.

වසර 30 ට අධික කාලයක් පුරා පැවති යුද්ධ හේතුවෙන් යුද හමුදාව භට පිරිස් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය පළමු බෆල් රථය 1980 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති අතර, ශ්‍රි ලංකා යුද හමුදාවේ විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බළකාය විසින් 1984 වසරේ දී යුනිකෝන් මාක් 1 නම් රථය නිපදවා ඇත.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (0)

සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site