සීමා නිර්ණ කමිටු වාර්තාවේ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය සභාවේ අංක 292 ග්‍රාම නිලධාරි කොට්ඨාශය ඇතුළත් වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
දිගින් දිගටම මා ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තා සීතල කාමරයක සකස් කළ ඒවා බවය. කෙසේ වෙතත් එවන් ස්ථාන යම් ක්‍රමවේදයක් අනුව නැවත ඇතුළත් කර සීමා නිර්ණ කොමිසන් වාර්තාවට ඉදිරිපත් කර ලබන වසර මුලදි පළාත් පාළන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් සීමා නිර්ණ අභියාචනා විමර්ශන අවසන් වන තෙක් පළාත් පාළන මැත්වරණය පැවැත්වීමට නෛතික බලයක් නොමැති බවද අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.
2012 අංක 22 සංශෝදන පනත මගින් (පළාත් පාළන මැතිවරන සංසෝදන පනත) එම පනතේ 3 වන වගන්තියට අනුව පළාත් පාළන මැතිවරනය කොට්ඨාස ක්‍රමයට පැවැත්විම සඳහා රවි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නිර්ණ කොමිසම මගින් කොට්ඨාස කැඩු අතර ලංකාවේ මහ නගර සභා නගර සභා පළාත් සභා ප්‍රාදේශිය සභා 336 තුලින් කොට්ඨාස 4888 අතර ප්‍රාදේශිය සභා 336 අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය සභාවේ අංක 292 ග්‍රාම නිලධාරි කොට්ඨාශය ඇතුළත් වි නැති බවද සීමා නිර්ණ අභියාචනා විමර්ශන කමිටුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රශ්නය බේරුම් කරගන්න ඔබතුමාට මාස 6 කට වැඩි කාලයක් ගතවෙනවා නම් ,ඔයාට වඩා ලොකු ප්‍රශ්නයක් විසදන්න අවුරුදු 3 මදි වේවි. (ර)
ප්‍රාදේශිය , පළාත් සභා දෙකම අහෝසි කරලා පැරණි ගම්සබා ක්‍රමයට ගියානම් රටේ සල්ලිත් ඉතුරුයි (බ)
කොහොමත් තව අවුරුදු 2ක්වත් යනකන් ඔය සීමා නිර්ණය කමිටුවේ වාර්තාව නිවැරදිව සකස් වෙන්නෙත් නැහැ, පළාත් පාලන ඡන්ද තියන්නෙත් නැහැ. මේ තියන තත්වය යටතේ ඡන්ද තියලා ඉල්ලන් කන්න තරම් මෝඩ නැහැ යහපාලන ආණ්ඩුව. දැන් රටේ සුපිරි ප්‍රජතන්ත්‍රවාදයක්නේ තියෙන්නේ. එ්ක යටතේ මිනිසුන්ට ඡන්දෙ දෙන්න තියන අයිතියවත් නැහැ කලට වෙලාවට. (නි)
මේ ආණ්ඩුවට මොකක්ද හරියට කරගන්න පුළුවන් වුණ වැඩේ? වැට් එක අනාගත්තා. දින සීය බොරුවක් වුණා. තව අවුරුදු 3 යි තියෙන්නේ. එකත් ඔහොම අදිමු! (නි)
පුංචි ඡන්දය බැහැ බැහැ බැහැමයි. කවුරු කිවුවත් තියන්නම බැහැ වගෙයි (නි)
රුවන් හරියට හරි. (ර)
මේක කවදාවත් නොකෙරෙන දෙයක් වගෙයි (නි)
සීමා නිර්ණයට බාලගිරි දෝෂය වගේ (නි)
පළාත් පාලන ඡන්දය නොතියන්න නිදහසට කරුණක්. (නි)
තුම්පනේනේ. මහදැනමුත්තා වැඩේ පටලන්න ඇති. (අ)