පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පාසල් කාලය අවසන් කිරිමට මින් ඉදිරියට අවස්ථාව නොමැති බවත් සෑම පාසල් දරුවෙක්ම අනිවාර්යෙන්ම උසස් පෙළ දක්වා අවුරුදු 13 ක් ඉගෙන ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොටහේනේ දී අද (15) පැවසීය.
පාසල් කාලය තුළ අනාගතයේ තමන් කිරිමට බලාපොරොත්තු වන රැකියාවට අදාල පුහුණුවක් ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරිමට නියමිත බව වික්‍රමසිංහ මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට පාසල් යන වයසේ දරුවෙකුට මුළු පවුලක්ම නඩත්තු කරන්න වෙන අවස්ථාත් ලංකාවේ තිබෙනවා. ඔවුන් හඳුනාගෙන උදවු කරන්න (නි)
මේවා කරන්න වෙන්න ඇති අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අඩුකළේ. (නි)
මී පැණි වගේ වචන. පාසල් යන්න ඕනෑකම තිබුනත් ඒක ඉටුකර ගන්න බැරුව ලතවෙන දුප්පත් අහිංසක ළමයි ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා. මන්දපෝෂණය, ඇඳුම් පොත්පත් හිඟය අනාරක්ෂිත කුප්පි ලාම්පු, මඩ ගොහොරු උඩින් , අවදානම් ඒදඬු මතින් ගොස් අකුරු කරන්න බැහැ කියා පාසැල් නොගිහින් ඉන්නේ කුසීතයෝ කියලා තේරුම්ගිය එකම ජාතියේ වාසනාවක්. (නි)
ගණන් බැරි ළමයෙක් කොහොමද උසස්පෙළ හදාරන්නේ. ගණන් නොමැතිව ඉහළට ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝජනවත් විෂය මොකක්ද? (නි)
නන්ද, ඔබ ඔය අට සමත්වීම ගැන කතාකොන්නේ අට සමත්වීම ගැන දැනගෙනද. 1950 ගණන් වල අට සමත් කෙනෙකු සමඟ ඉංග්‍රීසි කතා කරන්න අද උපාධිධාරියෙකුටවත් බැහැ. ඒ කාලේ අට සමත් වුණාම ජූනියර් ස්කූල් සර්ටිෆිකේට් එක ලැබෙනවා. එම සහතිකය රැකියාවල් ගණනාවකට යාමට සුදුසුකමක් (නි)
සමන්, ඔබ ඔය කියන්නේ කාර්මික විද්‍යාල ගැන නේද? 1964 කාලේ මොරටුව විශ්ව විද්‍යාලයත් කාර්මික විද්‍යාලයක් (නි)
අනේ අගමැතිතුමා, එතකොට එයාලට පාර්ලිමේන්තුවට යන්න බැරි වෙනවනේ. ඊටපස්සේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීලා හොයන්න වෙන්නේ අර ඉන්දියාව එක්ක ගහන ගිවිසුමෙන් තමා (නි)
බොහොම හොඳයි (නි)
අන්න අන්න බමුණු අාරච්චිට වැරදිලා. ගණන් පාස් නැති කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා දන්නවද. ඉස්සර කිව්වේ අට පාස් අය පොලිසියට තමා කියලා. දැන් ඉස්කෝලේ නොගියත් හොඳ චණ්ඩියෙක් වුණා නම් ගොඩ. (නි)
ළමයි පාසල් යන්න ඕනේ කියලා කිව්වට වැඩක් තියෙනවද ? (හේ)
කාලෙකින් හොඳ වචනයක් ඇහුව ඉතින්.(රේ)
සියලුම දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වෘත්තීය අධ්‍යාපනය ලබාදී කුමන හෝ ක්‍ෂේත‍්‍රයක වසර දෙකක් රැකියාවකට යොමුකිරීම අත්‍යවශ්‍යයි. ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා කැමති අයට යොමුවෙන්න අවස්ථාවක් ලබාදීම සුදුසුයි. එතකොට තමන්ටම අවශ්‍ය පාඨමාලා තමන්ගේම වියදමින් හදාරන්න අවස්ථාව සැළසෙනවා. (නි)
ඔබතුමාගේ කතාව නම් මසුරන් (නි)
මුලිකම දේ රටේ අධ්‍යාපනය නගා සිටුවා හොද මානව සම්පතක් ගොඩ නැගීම. ඒ තුළින් ලෝකය ජයගන්න පුළුවන්. (අ)
බටහිර රටවල පෙදරේරු, වඩු, යාන්ත්‍රික, විදුලි කාර්මිකයන් සඳහා කොලේජ් තියනවා. එමගින් සමාජයේ හොඳ පිළිගැනීමක් ඇති වෙනවා සේම පුහුණු සේවකයන් බිහිවෙනවා. ඔවුන් තුළ අභිමනයක් ඇතිවෙනවා. දැන් වත් මේ සඳහා වැඩපිළිවලක් දීම රටේ දියුනුවට ඉතා ප්‍රයෝජනවත්. (අ)
පාසල් ගිහින් අට සමත් වුණත් මදැයි. එහෙම අයටත් අවුරුදු පහෙන් හොඳ විශ්‍රාම යන්න පුළුවන්, තවත් බොහෝ වරප්‍රසාද තිබෙන රැකියාවක් තිබෙනවා, අපේ රටේ. ඒ රැකියාව නම් කරන්නේ මන්ත්‍රීකම කියල, (අ)