මාසයකට පෙර කොළඹ ජාතික රෝහලේදී මිය ගිය පෑස්සුම්කරුවකුගේ මරණය සම්බන්ධයෙන් ගාල්ලේ යටලමත්තේ බස් රියදුරෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. පෑස්සුම්කරුගේ මරණ පරීක්ෂණයේදී සොයා ගැනුණේ ඔහුගේ හිසේ පිටුපසට වැදුණු තද පහරකින් මරණය සිදුවී ඇති බවයි. මිය ගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයේ පණිවිඩ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සෙබළකු අත් අඩංගුවට ගත්තේය. සෙබළා පොලිසියට පැවසූයේ බස් රියදුරකු වන තම සහෝදරයාගේ දුරකථනයේ සිම් කාඩ් පතින් එම ඇමතුම් ගත් බවයි. ඔහුගේ සහෝදර රියදුරාගේ බසයෙන් වැටුණු පුද්ගලයකු රෝහලට ඇතුළු කළේ තමා බවද ඔහු කීවේය.