එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද ඛණිජතෙල් සංස්ථාවට ගොස් එහි වැඩ බලන සභාපති එස් සමරසේකර සමඟ සාකච්ඡා පැවැත්වූහ. ඉන්ධන පිරිපහදුවේ ගැටළුවක් ඇත්දැයි බැලීමට එයි යා යුතු බව දැන්වූ විට සභාපති කීවේ එහි ගියහොත් ගැටළුවක් ඇති වීමට ඉඩ ඇති බවයි.
සභාපති සමග සාකච්ඡා කර මන්ත්‍රීවරු පිරිස බස් රථයෙන් ගොස් පිරිපහදුව අසලින් බසිද්දීම එහි සේවකයෝ හූ තැබූහ.
විවිධ විරෝධතා පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිපහදු සේවකයෝ ගේට්ටු වසාගෙන උද්ඝෝෂණය කළහ. ඒ නිසා මන්ත්‍රීවරුනට තෙල් පිරිපහදුව බැලීමට යෑමට නොහැකි වූ අතර මිනිත්තු 45ක් පමණ පාරේ සිටි මන්ත්‍රීවරු නැවත පිටව ගියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි. අපි හැමදාම බලාඉන්න ප්‍රේක්ෂක ජනතාවයි.ඒ ගැන දන්නෝ දනිති. නොදන්නෝ බනිති. (නි)
බැලුවහම අර කාමර වල ඉන්න අය විතරක් නෙමෙයි, රජයේ සේවකයින් බොහොමයක් තප්පුලනවා. කණ්ණාඩියක් ඉදිරියේ හු කියාගත්තා වගෙයි (නි)
මෙවන් සිදුවීම් දියවී ගිය දිනක, ලංකාවට වාසනාවන්ත කාලයක් උදානු ඇත (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීලාට අයිතියක් නැද්ද රජයේ ආයතන පරික්ෂා කරන්න? (නි)
යන්න නොදෙන්න හේතුව මොකක්ද කියලා දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
මෙහෙම අය ගන්න වැටුපට සාධාරණයක් කරනවාද? (නි)
මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන දේශප්‍රේමීන්ගේ උද්ඝෝෂණයට දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබී තිබෙන බව සමහර ඡායාරූප වලින් පැහැදිලිව පෙනෙනවා. (නි)
මෙවන් සේවක පිරිසක් ඉන්න එක ගැන දුකයි. (නි)
ඇයි මෙහෙම හැසිරෙන්නේ? (නි)
රාජ්‍ය ආයතන වල සේවකයන් ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා කරන උද්ඝෝෂණ වලදී සිදුවන පොලිස් පහරදීම් ගැන මින්මතුවට කිසිදා මම නම් දුක් නොවෙමි. (නි)
මේ හු කියන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ඉතින් එයාලට යන්න දුන්නා නම් මේ ප්‍රශ්න මොනවත් නැහැනේ (නි)
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම දැක්කාම හිනා යනවා. මේ බෝඩ් අල්ලන් ඉන්න මිනිස්සු මේ දේවල් කරන්නේ කාගේ හෝ උගන්නුම් බහකට මිසක් තමන්ගේ උවමනාවට නොවේ. ඒ හැරත් මේ අය තම රැකියාව හරියාකාරව කරමින් තම රැකියා ස්ථානයේ ඉන්නවා මිසක් මෙහෙම කාලේ නාස්ති කරන්න ඉඩ දුන්නේ කවුද? (ස)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමා. ඉවසනවකෝ ටිකක් බලය ලැබෙනකල්. ප්‍රශ්න මදිවට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව. ඉන්ධන පිරිපහදුවේ ගැටළුවක් තිබුනත් බලය නැතුව එ්ක විසඳන්න පුලුවන්ද? මෝඩ කමට බේත් නැහැ කියන්නේ මේවා තමයි. (ස)
මන්ත්‍රීවරුනි, පසුබට නොවන්න. ඉදිරියටම යන්න (නි)
දේශපාලනීකරණයේ උපරීමයට ගියතැන කොතනද ඒ මෙතන. මේ ගිය කට්ටියම තමා ඕක පටන් ගත්තේ. දැන් ඒ උදවියටම කැරකිලා. (ස)
බෝඩ් එකකින් හෝ කොළ කෑල්ලකින් වල්ග ටික වසා ගන්න උත්සාහ කරන රැලක් වගෙයි මට නම් පෙනෙන්නේ. ආශ්චර්යය දොරේ ගලන රටක වෙසෙන පුරවැසියන්ගේ ඔලුගෙඩිවල තරම කොතරම්ද කියල හිතාගන්න පුළුවන්. මට හිතෙන විදිහට නරි හූවකත් ඔයිට වැඩිය වටිනා කමක් ඇති. (ස)
මෙතන උද්ඝෝෂණ කරන්නේ සේවකයින් කියලා හොඳටම විශ්වාසද? මේ රටේ දැන් දැන් ඕනෑ කෙනෙක්ගේ ඇස මුලාකරන ඉන්ද්‍රජාල තිබෙන බව අමතක කරන්න එපා. එහෙම නැතත් තමන්ගේ රස්සාව නැති කරගන්න කැමති වෙන්නේ කවුද? (නි)
මිනිස්සුනේ රටේ අනාගතය ගැනත් ටිකක් හිතපල්ලා .(අ)
මේවගේ මිනිස්සු ඉන්නකම් අපේ රටේ රාජ්‍ය ආයතන කිසිවක් ගොඩගන්න බැහැ.මිනිස්සුනේ රටේ අනාගතය ගැනත් ටිකක් හිතපල්ලා .(අ)
ඔව්. මෙවැනි හැසිරීම් සුදුුසු නොවේ (නි)
,, හු කියන එක ලේසි නෑ(අ)
රෝහණ , අවාසනාවට ඔය කියන සංවර්ධනයෙන් අගයක් නැහැ. දැන් බලන්න තවම බැරි වුණා නේද අධ්‍යාපනයේ අවුල් ටික ලිහාගන්න? පිළියන්දල විෂයයන් කීපයකම ප්‍රශ්න පත්‍ර පිටවෙලා. අපරාධ එන්න එන්නම් වැඩියි. පාරවල් කාපට් වුණාට වැඩක් තිබෙනවද ඒ පාරේ බවලතෙකුට හිරිඔතප් රැකගෙන ඇවිදගෙන යන්න බැරි නම්? මේවා කියන්න ගියොත් මෙතන නැති ප්‍රශ්න ඇති වෙනවා. (නි)
විපක්ෂ මන්ත්‍රීවරුන්ට අයිතියක් තිබෙනවා මේවා හොයලා බලන්න. මෙවැනි වැඩට උදවු දෙන්න නරකයි (නි)
මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ මේ ගොල්ලෝ කරපුව අමතක වෙන්න. (අ)
එදා එසේ නොකළා නම් මෙදා අවුලක් නැහැ .... (නි)
මේවා හොඳට අධ්‍යනය කරලා ගහන්න කතිරේ තිතටම. රටකට ගිය කලක්! (ස)
පිරිපහදු සේවකයින් මීට වඩා ප්‍රයෝජනවත් වැඩකට යොදාගත්තා නම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. (නි)
පිරිපහදු සේවකයින් කුඹුරක හාන්න යොදා ගත්තනම්, මිට වඩා ගොඩක් ප්‍රයෝජනවත් වේවි. කෙසේ වුවත් ගව ඝාතනයට අප හැම දෙනා එරෙහි විය යුතුයි. (නදී)
ඔක්කොම එක වල්ලේ පොල් (නදී)
දිගටම නානවනෙ. තවත් ඡන්ද ටිකක් අඩුකරගත්තා. (නදී)
දැන් ලංකාවේ අලුත්ම ආදායම් මාර්ගය හු කීම සහ විරෝධතා දැක්වීම.මේ ගැන දන්නෝ දනිති. (නි)
කවදාක හරි සංදානේ පැරදුන දාට එයාලට වෙන්නෙත් ඔය ටික තමයි (නදී)
අනේ හොඳයි. කොහොමත් දැන් ලොක්කන් මහජනතාව අමතන්නේ නරියන්, බුරුවන්, ගොනුන් ආදී සත්ව කුලකයේ නම් වලින්නේ. මේ හු නාදය ඒ නම්බු නාම වලට හොඳටම ගැළපෙනවා. (නි)
ලංකාවට ආවේණික වූ දේශපාලන ක්‍රමය මේක තමයි. (නි)
මේ මහත්වරුන් මෙම ස්ථානයට පැමිණියේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බව මේ අය වටහාගත යුතුයි. (නි)
මේ අයත් දැන් නොයන තැනක් නැහැනේ ? බැරිද අපිත් එක්ක පොදු මඟී සේවාවක යන්න එන්න? (නි)
මෙහි ප්‍රතිචාර දාන සමහර අය හරියට මැරිලා ඉපදිලා වගේ. මේ අය ලංකාවේද කියලත් හිතෙනවා. යු.එන්.පී එකත් ඒ කාලේ සේරම වික්කා (නදී)
මේකෙන් පේන්නේ පිරිපහදුව විනාස කරන්න කොන්ත්‍රාත් එක ගත්තු සේවක පිරිසක් ඇතුලෙම ඉන්නවා කියන එකයි අනේ රාජ්‍ය ආයතනවලට යන කල. (නදී)
"බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු" කියල ලියල තියන බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැහැ.(නදී)
වාර විභාගෙක ප්‍රශ්න පත්‍රයක් පිට වුනාටද මේ අධ්‍යාපනේ කඩා වැටිලා කියන්නේ. බවලත්තු පාරේ බැහැල නෙමෙයිද උඩින්ද එතකොට ඔය යන්නේ එන්නේ. දිලිනිට මේ රටේ කෙරෙන සන්වර්ධනය ගැන, පාරවල් හැදෙන එක ගැන ඉරිසියයි නේද? කුහක කම අත ඇරලා පොඩ්ඩක් බලන්න ඇස් ඇරලා. දෙකෝටියකට වැඩිය ඉන්න රටේ මිනිස්සු හැමෝම සිල් ගන්නේ නැහැ. හැමෝටම එකම හිත නැහැ. අපරාධ ඒ කාලෙත් උනා මේ කාලෙත් වෙනවා ඉදිරියටත් මොන ආණ්ඩුව ආවත් ඒවා වෙනවා. කරන අයට හරියට දඩුවම් නොලැබෙනවද කියන ප්‍රශ්නෙට මිසක් අපරාද සිදුවීම ගැන ප්‍රශ්නෙට කාටවත් විසදුම් දෙන්න බැහැ. මේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කලේ මේ බලන්න යන ඇයම තමයි. මේ එයාලට ලැබෙන්නේ ඒවායේ ප්‍රතිපල. ඒවාට අදෝනා තියල වැඩක් නැහැ. මේ යන්නෙත් රගපාන්න. හරියට රගපාන්නේ නැති උනාම කට්ටිය හු කියනවා තමයි. මේ රජය පෙරලලා මෙයාල බලය අතට ගත්ත ගමන් ඊට පහුවදාම මෙයාල කරන්නේ ඉන්න එව්වෝ එලවල මෙයාලගේ ඇම්බට්ටයන්ගෙන් ඕව පුරවන එකම තමයි. අවංක හිතින් කරනවා නම් මේක වැදගත් වැඩක්. මේ ආයතන රටට බරක්. එ්ත් ඉතින් අවංක හිතක් නැතුව රගපාන්න යන කට්ටියට ඔය වාගේ ප්‍රතිචාර ලැබීම සාමාන්‍යයි. (නදී)
පෝස්ටරේ මේ කට්ටියට ගහල දුන්නේ මන්ත්‍රී වරුන් ආවට පස්සෙද? පෙනෙන්නේ නම් කවුරු හරි ඒවා කලින්ම ගහල දීල නුල අතේ තියාගෙන මේ කට්ටිය ගේට්ටුව ළඟ හිටවල වගේ. අනේ මොනවද මේකෙන් මේගොල්ලන්ට ලැබෙන්නේ? අද මේකෙන් මට, මගේ ආයතනයට මොනවද ලැබෙන්නේ කියලවත් මේගොල්ලන්ට හිතන්න පුළුවනි නම්? (නදී)
මහජනයා විසින්ම මෙි වගේ අමු විහිලු ප්‍රත්ක්ෂේප කරන එක වඩා හොදයි. හැබැයි කාගේ හරි උසිගැන්වීමිවලට නමි ඒකෙ අර්ථයක් නෑ. දේශපාලකයින් තරමි නිකරුනේ කාලෙ නාස්ති කරන කණ්ඩායමක් වෙන නැතිව ඇති. (නදී)
ඔය කෑගහන්නේ දේශපාලනයෙන් රැකියා ගත්ත කට්ටිය. ඔය ආයතනය ලාබ ලැබුවේ එක්සත් ජාතික පක්ෂ කාලේ විතරයි. දැන් ඕක විනාශ වෙලා. (නදී)
එක අතකින් හොද වැඩේ..... එක අතකින් පව් අප්පා...... (නදී)
නමුත් මෙහෙම බාධාකරන එක හරිද? (නි)
කිසිම සමගිකමක් නැති, තම පක්ෂයේම තියෙන ගැටළු විසඳ ගන්ට බැරිව, එකාට එකා කුලල් කා ගන්න පක්ෂයකට පුලුවන්ද රාජ්‍ය හෝ වෙනයම් ආයතනයක ඇති ගැටළු විසදන්ට ? කොයි රජයක් පත් උනත් රාජ්‍ය ආයතනවල සහ සංස්ථාවල ලොකු පුටුවල වාඩි කරන්නේ තමන්ගේ ලගම ඥාතීන් සහ ප්‍රබල ආධාර කරුවන්. ඔවුන් පුළුවන් තරම් වංචා, දුෂණ, සහ සොරකම් කරන බව මහජනයා නොදන්නවා නොවෙයි. මේවා ඔක්කොම අපිව හිනස්සන වැඩ. (නදී)
ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය යුඑන්පී ආණ්ඩුවෙන් කළ දේවල් මිස මෙතන සිද්ධවෙන දේවල් නෙමෙයි. ඔය හණමිටි අදහස් තිබෙන පරම්පරාව අවසන් වෙනතුරු ලංකාවට ඉදිරි ගමනක් නැහැ. මේ ආණ්ඩුවෙන් මිනිසුන් බලාපොරොත්තු වුණේ යුඑන්පී එක කළ දේවල් එක දෙක කරලා කරන්න නම් නෙමෙයි (නි)
කුණු බිත්තර ගහන්න සෙල්ලම් පිස්තෝල පෙන්නන්න ගියොත් චන්දෙ කිට්ටුව වැඩ වරදින්න ඉඩ තිබෙන නිසා හුවකින් සංග්‍රහ කරන එක ඇඟට ගුණයි. (නදී)
ඔය සම්පත්ලා වගේ අය ඉන්නතුරු මේ රටට මොන අනාගතයක්ද? කුසුම් කියන දේ හරියටම හරි. අපේ දාඩිය මහන්සියත් මේවායේ තියෙනවා. (නි)
ඇයි මිනිසුන් මෙහෙම පටු විදියට හිතන්නේ? (නි)
මේ වැඩ නම් අනුමත කරන්න බැහැ (නි)
සතොස ගිලපු එක්කෙනත් ඇවිල්ලා (නදී)
මේක සැළැස්මක් වෙන්නත් පුලුවන්. අනෙක මේක මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක්. වරදක් නැත්නම් මොකටද බයවෙන්නේ? මේකෙන් පේනවා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද කියලා (නි)
ළඟදී පත් වීම ගත්ත ආණ්ඩුවේ බැංකු වල තරුණ නෝනලා ටික මේ හුවට සහභාගී කරගත්තා නම් තවත් වටිනවා. බැංකුවක තියා වැල්ලේ මාළු විකුනන්නවත් සුදුසු නැහැ කටවල් ටික. සේවයක් බලපොරොත්තුවෙන් එන මහජනයාට දාන රැස්පොට් එක බලන්න ඕනා. (නදී)
නියමයි සේවකයිනි නියමයි! (නි)
නිදහස් සේවක සංගමයේ ගෝල බාලයෝ ටික ඔය ඉන්නේ. (නදී)
මේ පෙන්වන්නේ ජනතා පරමාධිපත්‍යය නොවේද? (නි)
හරියට හරි ඉෂා. අපේ ගමේ ගෑනු ළමයෙකුට බැංකු පත්වීමක් ලැබුනා. දන්නා තරමින් සා පෙළ ගණිතය අසමත්. ගණන් කර ගන්න බැරි කෙනෙකුට එහෙම තැනක රැකියාව ලැබුනේ කොහොමද කියල දෙයියෝ තමා දන්නේ. (නදී)
ඛණිජතෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක බවට පත්වීමට බලපාන ප්‍රධාන හේතුවක් නම් එහි ඇති සේවක අතිරික්තයයි. අනෙක් කාරණය නම් අනෙකුත් රාජ්‍ය ආයතන වලින් අයවිය යුතු ණය මුදල්. (නි)
මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දැන් පාරා වළල්ලක් වෙලා. (නි)
කිසිම වෘත්තීය සුදුසු කමක් නැතිව ආණ්ඩුවේ රැකියාවලට පත් වුන උදවියගෙන් තමා මෙහෙම හැසිරීම් බලා පොරොත්තු වෙන්න පුළුවන්. දිමුතු ගේ කතාව හරි. ළඟදී මම රාජ්‍ය බැංකුවකට ගියා. කවුන්ටරේ ඉන්න ගෑනු ළමය උදේට කන ගමන් කටේ මාළු පාන් කෑල්ලක් තියාගෙන ගනුදෙනුකරුවන්ට කතා කරන්නේ. ඇත්තටම මේ මිනිස්සුන්ගේ ආචාර ධර්මයක් විනයක් තියනවාද බලලද මන්දා මේ පත්වීම් දෙන්නේ. (නදී)
මොනවද මේ කරන වැඩ? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී හුවක හඬක් තමයි අපිට නම් ඇහෙන්නේ (නි)
මේ රටේ මොන රාජ්‍ය ආයතනයද ලාබ ලබන්නේ කියල කියන්න පුලුවන්ද? ලාබ ලබන ආයතනයේ මුදල් පවා රජයේ සංදර්ශන වලට යොදවනවා. හැබැයි පුද්ගලීකරණය කල රාජ්‍ය ආයතන හොදින් ලාබ ලබනවා. හේතුව රාජ්‍ය අයතනවල් වල වගේ පිනාල පුද්ගලික අංශයේ තබාගන්නේ නැති නිසා. ඔය හැමෝම කැගහන්නේ පුද්ගලිකරණය උනොත් පින්බත් කන්න බැරිවෙන නිසා මිසක් සංස්ථාව ගැන ආදරෙන් නොවේ. එහෙම උවමනාවක් ඇත්නම් ඔය විරෝධය නතරකරලා හැමෝම එකා වගේ වැඩ කරලා ඕක ගොඩ දාන්න පුළුවන්නේ. (නදී)
අනේ මේ ලංකා තිලක්. මෙතන කවුරු හරි බවලතෙක් ඇත්ත කියපු ගමන් පස්ස කඩා ගත්ත කඩියා වගේ හැසිරෙන්න එපා. දැන් කීපාරක් ප්‍රශ්න පත්‍ර අවුල්ද ? පොල් අතු මඩු වල ළමයි ඉගෙන ගන්නවද ? ස්ත්‍රී දුෂණ නඩු මේ රටේ ඇත්තෙම නැහැනේ . ඇත්තටම තිලක් ඉන්නේ ලංකාවේද? ඔව් ඉතින් වාහනවල සහ උඩින් යන බවලතියන්ට නම් මේ රටේ ආරක්ෂාව තිබෙනවා තමා . පුළුවන් නම් ගිහින් අන්න ඒ කවුරු හරි බවලතියකගේ සාරි පොටේ එල්ලෙන්න . ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන්. (නදී)
මැරිලා ඉපදුනේ නැහැ මේ අය කරන දේවල් වලට අපි නැත්තටම නැති වෙලා ඉන්නේ (නදී)
මොකද ඔවුන්ගේ ගමන නැවැත්තුවේ? (නි)
ඔච්චර විශ්වාසයෙන් ලංකාවේ බවලතියන්ට යන යන තැන ආරක්ෂාව තිබෙනවා කියන්න ලංකා තිලක් අධිවේගී මාර්ග වල අධිගෘහිත දේවතාවෙක් වෙන්න ඇති. (අ)
අඩුපාඩු නැත්නම් මන්ත්‍රීවරුන්ට ඇතුළට යන්න දෙන්නනේ තිබුනේ (නි)
අපි කවුරුත් මැරිලා ඉපදුනේ නැහැ (නි)
මොකද ලංකා තිලක් දැන් මේ හැම දේටම කලින් ආණ්ඩුවේ වැඩ වල ප්‍රතිපල කියල ඇඟ බේරා ගන්න හදන්නේ ? ඒකෙන් වැඩක් වුනේ නැති හින්දානේ දැන් තව කට්ටියකට භාර දීලා තියෙන්නේ . පරාක්‍රම බාහුගේ කාලේ ඉඳල මෙහෙමයි කියලා කාටවත් දැන් තිබෙන ප්‍රශ්න වලින් බේරිලා යන්න බැහැ. (නදී)
සමහරුන්ට ඇත්ත කියන දේ තේරෙනකොට ගහපු කතිරයත් නැවත ගන්න හිතෙයි (නි)
මෙතන මේ කුලියට හු කියන ගොඩේ, ඔය කඩේ යන කෙනාත් එකත් එකටම ඇති. එ්කනේ අර බවලතිගේ ප්‍රකාශය නිසා මෙච්චර කැළඹීමක් ඇති වුනේ. (නදී)
වසර 3ක් ඇතුලත පාඩුව රුපියල් බිලියන 230 ඉක්මවයි. සේවකයින් හූ කිය යුත්තේ කාටද? (නදී)
තිත්ත ඇත්ත, කඩේ යන මල්ලේ හිල් වලින් පහලට වැක්කෙරෙනවා නේද ? (නදී)
ඇත්ත කියවුනාම එක්කෙනෙකුට අර්ශස් අමාරුව උත්සන්න වුනා වගේ. (නදී)
මෝඩ මිනිසුනේ නුඹලා ඔය හූ කියන්නේ නුඹලටමයි. ඔය ඛනිජ තෙල් සංස්ථාව ඔතන පටන් ගත්තේ උඹලගේ වල් බූරු විරෝධයට ලක්වෙච්ච මහත්වරුන්ගේ එක්සත් ජාතික පක්ෂය බව දන්නේ නුඹලා කීයෙන් කී දෙනාද? ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා පිළිබඳව මුළු රටම දන්නා එකේ නුඹලාගේ බෝඩ් කෑලිවලට ඒවා වහන්න බැරි බව දැන ගත්තොත් හොඳයි. අනේ මෙහෙමත් ගොන් රැලක්. (නදී)
මෙතන තිබෙන පෝස්ටර් එකම අකුරු, එකම වාගේ. ගැටළුවක් ඇතිවිය හැකි බව කිව්වාට මේ ගැන නම් ටිකක් සිතන්න වෙනවා (නි)
සමහරු තෙල් සංස්ථාවේ තිබෙන වගකීම් රහිතබව ගැන කතා කරන්නේ නැහැ. තෙල් සංස්ථාවට සම්බන්ධ වගකිවයුත්තන් ඉන්නවා. එයාලට බැරිද මේවායේ තිබෙන උපකරණ වලට අදාළ වාර්ෂික ,මාසික පරීක්ෂාවන් කරන්න? ලෝකයේ හැමතැනම තෙල් පිරිපහදු වල සිදුවෙන පරීක්ෂාවන් කරන්න? දැන් මට බනින්න ඉන්න අයට කියන්නේ මම වැඩ කරන්නේ, මේ වගේ තැනක. මෙතන මගඩි වැඩ වෙන්නේ නැහැ.කාලයට අවශ්‍ය පරීක්ෂාවන් වෙලාවට වෙනවා . (නි)
මුළු ජපානේටම තෙල් බෙදන ජපානේ තෙල් සංස්ථාවේ වැඩකරන්නේ 42යි. ලංකාවේ තෙල් සංස්ථාවේ 6500 ක් වැඩකරනවා. 85% ඉන්නේ දේශපාලන පත්වීම හරහා අාපු අය. ඡන්දෙට ඉස්ටෙජ් ගහන්න පෝස්ටර් අලවන්න 800 කට වැඩි දෙනෙක් ඉන්නවා නිකම් පඩි අරගෙන ඡන්දෙ කාලෙට අතිකාල අරගෙන දේශපාලුවන්ගේ ගෙවල් වල වැඩ කරන අය. ඉතින් කොහොමද ලෝක වෙළඳ පොලේ තෙල් අඩුකරලා තිබියදීත් අපේ රටේ තෙල් මිල අඩුකරන්නේ? විදුලි බල මණ්ඩලේත් ඔය විදියමයි. ඉතින් රටක් දියුනුවෙයිද? (නදී)
ලංකාවේ මිනිස්සු කොහොමත් බඩගෝස්තර වාදීයි. මෙතන වෙලා තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි. විරෝධය නොපෙන්නන අයව රාජ විරොධී විදියට හංවඩු ගහයි කියන භයට හැමෝම මේකට සම්බන්ධ උන එකයි. සෙල්ලම් පිස්තෝල හැමතැනම පෙන්නන්න බැරි නිසයි (නදී)
ඔයාල දන්නේ නැද්ද සම්පත් ගැන? එයා කවදත් කඩේ යාමනේ කළේ? (නි)
මහජනතාවගේ නියෝජිතයින් හැටියට කුමන පක්ෂයක වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් රටේ ඕනෑම රාජ්‍ය ආයතනයක අඩුපාඩුවක් හෝ යම් ප්‍රශ්නයක් සොයාබැලීම. රටේ මහජනයා දැනුවත් කිරීම. එක වැළැක්වීම ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්. (නි)
කුසුම් හරියට මැරිලා ඉපදිලා වගෙයිනේ කතාව. මොන පක්ෂය ආවත් අපිට කමක් නැහැ රටට වැඩක් කරනවා නම්. මේ රජය සාපේක්ෂව ගත්කල රට දියුණු කරනවා. නමුත් නිවැරදි විය යුතු දේවල් බොහොමයක් තිබෙනවා (නි)
එජාපයට තෙල් පිරිපහදුවෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම ගැන පුදුමයක් නැහැ. හේතුව ඒ රජය යටතේ පහුගිය කාලයේ තෙල් සංස්ථාව යටතේ තිබු යන්ත්‍රාගාරය, යුරියා කම්හල වගේ ආයතන පුද්ගලිකරනය කර විනාශ කර දැමුවා. අද එම ආයතන වල සේවය කළ අය මහමඟට වැටී දුක්විඳිනවා. (නි)
මට වෙලාවකට හිතෙනවා නිතරම බවලතුන් සමග කෙහෙවලු පටලවා ගන්න යන ස්වභාවය නිසා, ලංකා තිලක් පිරිමි නමකින් ලියන කාන්තා රත්නයක් දෝ කියලා. (නදී)
ප්‍රමාද ගාස්තු ගෙවීමේදී මිල වැඩි කරන්නේ නැතිලු. හැබැයි ඒවා ගෙවනකොට නොදැනීම රටේ මුදල් (විනිමය ) ගෙවන්නේ අපි කියලා කියන්න දන්නෙ නැහැනේ සමහරු (නි)
ඇත්ත ඇති සැටියෙන් කියවෙන කොට සමහරුන් භූමිතෙල් ගෑවුන ගැරඩි වගේ නලියනවා. (නදී)
ඩෙංගු මර්දනයට ශ්‍රමදානයක් කළා නම් ඔයිට වඩා හොඳයි (නි)
මොනවා නමුත් මේ කළ දෙය නම් වැරදියි (නි)
තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය වගේ තනිකරම දේශපාලනීකරණය වුනු ආයතන පිලිබදව ඒවායේ පවතින අක්‍රමිකතා දුෂණ වංචා ගැන හෙළි කිරීම විපක්ෂය සතු කාර්ය භාරයක්. අවංක චේතනාවකින් පටු දේශපාලන අරමුණු උදෙසා නැතුව රටේ මහජනතාවගේ යහපත පිණිස මේ ක්‍රියාව කරනවා නම් එ්ක අගය කල යුතු දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ ඒ අවංකත්වය පිලිබදව. අද රජය පෙරලිලා හෙට වෙන ආණ්ඩුවක් බිහි වුනොත් කට්ටිය ඉස්සෙල්ලම ඉන්න අයට ගහල එලවල බුරුතු පිටින් මේවට රිංගවන්නෙත් ඊට පස්සේ මේ වෙන විනාශය වඩාත් හොදින් පවත්වාගෙන යන්නෙත් මේ අයමයි. අපි හොදින්ම දන්නවා. (නදී)
තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය වගේ තනිකරම දේශපාලනීකරණය වුනු ආයතන පිලිබදව ඒවායේ පවතින අක්‍රමිකතා දුෂණ වංචා ගැන හෙළි කිරීම විපක්ෂය සතු කාර්ය භාරයක්..අවංක චේතනාවකින් පටු දේශපාලන අරමුණු උදෙසා නැතුව රටේ මහජනතාවගේ යහපත පිණිස මේ ක්‍රියාව කරනවානම් එක අගය කල යුතු දෙයක්.(අ)
එයාලටම ගිය රට වගෙයිනේ හරියට. කොහොමද මෙහෙම බාධා කරන්නේ? (නි)
මොනවද මේ කරන වැඩ වල තේරුම? (නි)
අපේ රටේ දේශපාලනයේ සැබෑ ස්වරූපය මෙයින් මොනවට පැහැදිලි වෙනවා.කාටවත් ලැජ්ජාවක් නැහැ.ජනතාවට කතිරයෙන් කරන්න පුළුවන් මොනවද? (නි)
වැඩිම සේවක පිරිසක් ඉන්නේ පවතින පාලනයට පක්ෂව කියන එක නේද මේකෙන් ඔප්පුවෙන්නේ? (නි)
මෙයාල ගහල එලවන්න ඕන ..(අ)
කුසුම් නැඟී, විදුලි බිල වැඩි වීමට පක්ෂව පෙළපාලි ගියපු කට්ටියක් අපේ රටේ ඉන්නේ.(අ)
ඔබට මේවා ගැන වැටහෙන්න තව බොහෝ කලක් ගතවන බව මම හොඳින් දන්නවා.(අ)
මෙදා පාරත් මේ කට්ටිය දුව දුව ගහවි. (අ)
හොරු අල්ලන්න හොරු ගිහින් (අ)
ඔව් සේන, විදුලි බිල වැඩිවීමට පක්ෂව පෙළපාලි ගිගේ අරගොල්ලෝ දක්කන හරක් පට්ටියනේ. සිව්පාවන් වැඩිපුර කැමති කරුවලටනේ.(අ)
කොටි ගණනින් ඛණිජතෙල් සංස්ථාව පාඩු ලබනකොට,එම මුදල පියවීමට කියල පෙට්‍රල් ඉදල අන්තිම දුප්පත්ම මිනිසුන් පාවිච්චි කරන බූමිතෙල් ටික පවා මිල වැඩි කලාහම රටේ අසරණ මිනිසුන් සියලුම දෙනා පරිප්පු කනවා.(අ)
බහුතරයක් "බත් කන හරක්" ඉන්න රටක මොනවද කරන්න බැරි? (අ)
රජයේ සේවකයන් නොවන ජනතාව තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව ලුණු කැටේ සිට අයකරන අසාදාරන වක්‍ර බදු වලින් ,ඔය වගේ නිකමෝ රැලකට පඩි ගෙවන බව.ඉන්ධන වලින් පාඩු විදින එකම රට ලංකාව වෙන්න ඇති. රටේ බහුතර ජනතාවගෙන් සුරගෙන උන්ව නඩත්තු කරන එක සදාරණද? (අ)
මේ වගේ අමන රැලක්ද මේ ආයතන වල වැඩකරන්නේ. ඉතින් පාඩු ලබන එක අහන්නත් දෙයක්ද? (අ)
තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය වගේ ආයතන පිළිබඳව, ඒවායේ පවතින අක්‍රමිකතා, දුෂණ, වංචා ගැන හෙළිකිරීම විපක්ෂය සතු කාර්යභාරයක්.අවංක චේතනාවකින් පටු දේශපාලන අරමුණු උදෙසා නැතුව රටේ මහජනතාවගේ යහපත පිණිස මේ ක්‍රියාව කරනවා නම් එය අගය කළ යුතු දෙයක්. (නි)