අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ඇතුළු හය දෙනකුගෙන් යුත් කමිටුව මගින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද (7) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඉදිරිපත් කැරිණි.
සිංගප්පූරු සායනික මණ්ඩලය විසින් සෝභිත හිමියන්ගේ මරණයට හේතුව ලෙස දක්වා දක්වන ලද කරුණු උන්වහන්සේගේ රෝගී තත්ත්වයන් සමග සැසඳෙන බවත් එමෙන්ම හදිසි මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ඒ සම්බන්ධයෙන් කමිටුව එකඟ වන බවත් අධිකරණයට දැන්වීය.
සෝභිත හිමියන්ට කළ වෛද්‍ය ප්‍රතිකාරවල දත්ත අස්ථානගතවීමක් හෝ වෛද්‍යවරුන් අතින් අතපසුවීම් හෝ සිදුවී නොමැති බව සියලු වෛද්‍ය වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු කමිටුව අධිකරණයට කරුණු දක්වා ඇත.
සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව උඩුවේ ධම්මාලෝක හිමියෝ මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘සෝභිත හිමි මරණය ගැන සැකයක් නෑ‘
අරවින්ද Wednesday, 07 September 2016 10:47 PM
සැකයක් තිබුනා කියලත් ඉතින් දැන් මොනවා කරන්නද? (නි)