හොරු පැන යන්නට පෙර , ෆයිල් අතුරුදන් වන්නට පෙර සහ කුඩු වාෂ්ප වන්නට පෙර දූෂිතයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.
ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සෝභිත හිමියන් පැවසුවේ ඉදිරි මැතිවරණය පැවැත්විය යුත්තේ අලුත් ඡන්ද ක්‍රමයක් යටතේ බවයි.
‘අපි කිව්වේ මේ ප්‍රතිසංස්කරණ මාස හයකින් කරන ලෙසයි. මෛත්‍රීපාල මහතා ඇතුළු පිරිස කිව්වා මාස තුනෙන් මේ දේවල් කරන බව. මාස තුනෙන් නොවෙයි, දින දෙකෙන් කරනවා නම් ඒත් අපි කැමතියි. දැන් ජනතාවට පොරොන්දු වූ පරිදි මාස තුනෙන් මේ දේවල් කරන්න. මීළඟ මැතිවරණය තියන්න ඕනෑ පරන ක්‍රමය යටතේ නොවෙයි. කාලය මදි කියා හරි යන්නේ නෑ.‘
පොදු අපේක්ෂකයකු සොයාන වැඩසටහනේ දී මරණීය තර්ජනය පවා එල්ල වූ බව ද ඒ හිමියෝ පවසති.
අතුරු අය වැය, දින සියයේ වැඩපිළිවෙල, පොදු අපේක්ෂකයකු තෝරා ගත් ආකාරය ආදී කාරණා රැසක් ගැන සෝභිත හිමියෝ පැවසූහ.
සෝභිත හිමියන් සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව බලාපොරොත්තු වන්න...
(වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, වැඩිකල් යන්නට පෙර වීසා නැතුව දඹදිව යන්න හැකිවේවි. (නදී)
බන භාවනා කරගෙන පන්සලට වෙලා ඉන්න. (නදී)
අපිටත් ඔබ වහන්සේ වගේම තමයි (නදී)
සොභිත හිමියනි ඔබගේ සාදාරන සමාජයක් සදහා ව්‍යාපාරයට ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකික අපගේ සහයෝගය. (නදී)
අන්දරේ රජකරවලා රට කෑවා. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළේ උගත්,බුද්ධිමත් නායකයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා.එම ක්‍රමය නැතිකරන්නේ මොකටද? (නි)
හාමුදුරුවනේ, මේ අයත් ඩබල්ගේම් නම් ඒවාටත් පිළිතුරු අපි ළඟ තිබෙනවා. ඊළඟ ඡන්දෙදි බලාගනිමු (නි)
හදිසි ව්‍යවස්ථා සංශෝධන කරන්න ගොස් රට අනතුරේ දමන්නට එපා. දුර්වල ව්‍යවස්ථාවක් මඟින් රට දෙකඩවන දිශාවකට තල්ලුවන බවක් ඉඟිකරයි.අවසන් යුද්ධයට නායකත්වය දුන් සියලුම නායකයන් උපක්‍රමික ලෙස ඉවත්කර අවසානයි.සියල්ලම වෙන වෙනම සිදුවුණද, මේ එකම සිදුවීමක කොටස් තැන් තැන්වල හදා එකට කරන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නිසි වෙලාව එනතුරු ඇඟිලි ගනිමින් සිටි. කවුරු මොනවා කිවුවත් විදේශ රටවල් ලංකාවේ පසුගිය මැතිවරණයේදී බලපෑම් කළ බව සත්‍යයකි.මහින්ද පරාජය කරන්නට කිසියම් ජන කොටසක් සංවිධානාත්මකව ඡන්දය භාවිතාකළේ එහි ප්‍රතිඵලයක් ලෙසය. (නි)
මට අර රජ කෙනෙකුට හකුරු හැදූ කතාව මතක්වුණා. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. අවශ්‍ය වුණ දේ සිද්ධ වුණානේ. දැන් ඉතින් ඕවා පැත්තකට දාන්න (නි)
මේ කට්ටිය මුහුදට පැනලා තමයි පිහිනන්න හිතන්නේ. එතකොට පරක්කු වැඩියි. ඕවා හිතන්න තිබුනේ කලින්. මහින්ද මහත්මාව ඉවත් කරන්න ඩොලර් ලැබෙන කොට ඔය කිසි දෙයක් නැහැ. (නදී)
සමහරු බලය ලැබුනු විට හැසිරෙන ආකාරය ගැන අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබෙනවා. ඔබවහන්සේටත් ඉතා හොඳින් ඒ ගැන මතක තිබෙන්න ඕනෑ. (නි)
අපේ හාමුදුරුවනේ, මේ සියල්ලටම ඔබ වහන්සේලාත් වගකියන්න ඕනෑ.මම කැමති නැහැ කවදාවත් අපේ හාමුදුරු නමකට අපහාස වෙන විදියකට කතා කරන්න. නැත්නම් ගොඩක් දේවල් මට පළකරන්න පුළුවන්. (නි)
බුුද්ධිමත් රටවැසියනි, මේ අවනඩුව විසදාගන්න ශක්‍ර දෙවියන්ට නොපමාව දන්වනු කැමැත්තෙමි. (නදි)
වෛරයෙන් වෛරය සන්සිදේද අපේ හාමුදුරුවනේ.(හේ)
සෝභිත හාමුදුරුවෝ විතරක් නෙවේ රටේ පුරවැසියන් ගෙන් බොහෝ දෙනෙකු මේ පරීක්ෂණ වල මන්දගාමී භාවය ගැන ඉන්නේ අසතුටෙන්.(හේ)
සත්‍යපාල මහින්ද පැරදුනේ ඔහු වටා හිටපු අය කරපු දුෂණ නිසා ජනතා අප්‍රසාදයට ගොදුරු වීමෙන් , නැතුව එක එක කණ්ඩායම් නිසා නොවේ ,(හේ)
පරිස්සමින් හාමුදුරුවනේ! (නි)
දුෂිතයන්ට දඬුවම්දීම පිණිස සෝභිත හාමුදුරුවන්ගේ තීරණයට අපි එකඟයි. (නි)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි. ඒත් තවම ඊට සුදුසු කාලය එළඹී නැහැ. අමතක කරන්න එපා, තිස් වසරක් පැවති යුද්ධයක් අවසන්කර තවම ගෙවුණේ වසර පහයි. තවමත් ඒ ජාතිවාදී ගිනිදැල් තිබෙනවා. ඒවා මර්දනය කිරීමට ශක්තිමත් පාලනයක් හා ව්‍යවස්ථාවක් තිබිය යුතුයි. (නි)
පිටිගල මහතාගේ කතාව මසුරන් වටිනවා. අපිත් බොහොම ඇපකැප වුණා අලුත් රජයට හැකි පමණින්. එහෙත් දැන් සිතෙනවා ඔක්කොම එකය කියා (නි)
මාස තුනකින් ඔය කියපුවා වුණේ නැත්නම් හාමුදුරුවෝ තමා පළමුවෙන්ම වගකිවයුත්තේ කියපු දේවලට (නි)
දැන් යන විදියට ඡන්දෙට පෙර රටේ ඒකීය භාවය නැතුව යාවි. මාර්න්කුලම පොලිසියත් වහලා. (නදී)
අනේ හාමුදුරුවනේ! (නි)
සත්‍යපාල, රට හුරගෙන කාල ඉතුරු හපය චීනට යනකම් යුද්ධයයි, විදෙස් බිල්ලයි ගැන කිය කියා ඉඳිමු. (නදී)
කව්ද හොරු (බ)
සියලුම ලාංකිකයෙන් වහාම ජනාධිපති මැතිවරණයක් ඉල්ලා සිටිය යුතුමය.(හේ)
ජා වී පෙ නැත්නම් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂය තෝරා ගත හැකිය. (හේ)
ඡන්දය වෙනතෙත් බලාසිටියොත් , ඡන්දය පවත්වන්න රටක් නැතිවේවි. (නි)
ඔය වගේ අදහස් භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ නේද? ද්වේශය පළිගැනීම අතහැර බුදුහාමුදුරුවන් කියා ඇති ලෙස සියලු සත්වයන්ට මෛත්‍රී වඩන්න. (නි)
ලොකු හොරුන්ට විරුද්ධව තවම නීතිමය පියවර ගෙන නැත. (නි)
ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න එපා. එය හිසරදයට කොට්ටය මාරුකරනවා වැනි වැඩකි. (නි)
දැනටම බොහෝ දේ ජනතාවට ඔප්පුකර හමාරයි. (නි)
හිටපු බෑන්ඩ් කාණ්ඩායමමයි, වෙනස් වාදනයක්. (නි)
අපිත් ඉන්නේ සතුටින් නෙමෙයිනේ ඉතින් (නි)
ඔබ වහන්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත (බ)
කෝ විධායකේ අහෝසි කරන්නේ කවද්ද? කටින් හිටවන බතල වල අල බහින කන්ද අපිට ඉන්න කියන්නේ (නදී)
ඔබ වහන්සේට දැන් තේරෙනවා නේද? (නි)
සෝභිත හිමියන් කළ මේ ප්‍රකාශය ඉතාමත් නිවැරදි බව පෙනෙනවා. අප මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළේ, රට නිවැරදි මගට හරවා, කුඩු, අල්ලස්, කොමිස් කාක්කන් සමාජයෙන් දුරුකර, භීෂණයට තිත දමා රටවැසියන්ට හොඳින් සතුටින් ජීවත්වීමට බව කවුරුත් දන්නා දෙයකි. නමුත් මේ සියල්ල අප බලාපොරොත්තු විදියට,ඉක්මනින් සිදු නොවීම කණගාටුවට කරුණකි. මේවා හිතාමතාම යටකරන අය එක්ක කොහොමද රට කරවන අය වැඩ කරන්නේ? ඉක්මනට මේවා සිදු නොවුනොත් රට ආපස්සට යාම සක්කරයටවත් වලක්වන්න බැරි වේවි. (බ)
ඔබ වහන්සේ සතුටු කරන්න පුළුවන් දේශපාලකයෝ තවම ලංකාවේ ඉපදිලා නෑ. මේ ඉන්න ඔක්කොම ජනතාවට පයින් ගහල තමන්ගේ තනතුරු රකින කට්ටිය. වෙන අතක් බලාගන්න හාමුදුරුවනේ! (බ)
අපේ හාමුදුරුවනේ බොරුවට එන්න තියන්න එපා, කෙලින් වැඩ කරමු. අපි ඔබ සමගයි.(හේ)
ඔහොම තමයි දැන් ඉතින් වෙන දේ බලන් ඉමු.(හේ)
මේ රජයේ වැඩ පිළිවෙළට බොහෝ දෙනෙක් නොසතුටෙන් තමයි ඉන්නේ. යහ පාලනයක් කිව්වට කෙරුවාවෙන් එහෙම එකක් තාම නැහැ. හොරු අල්ලනවා එයා පෝට් වහනවා කිව්වට හොරු පැනලා ගිය නේද?.(දිල්)
කිසිම හොරෙක්ට නිතිමය දඩුවම් තවම නැ . එක තමයි දේශපාලනයේ යථාර්තය .(දිල්)
තවත් ඉදිරියට මෙවැනිම කලකිරිම් ඇති වෙයි (දිල් )
නායක හාමුදුරුවනේ ඔබවහන්සේගේ අදහස් පිවිතුරුයි. නමුත් ඒ පැත්තේ හිටපු දේශපාලක ගිජුලිහිණියෝම තමයි දැන් මේ පැත්තෙත් ඉන්නේ.(දිල්)
ඔය ගොල්ල කිව්වට බැහැනේ. මේ කුඩු කාරයෝ අල්ලන්ට නම් කෝඳුරු තෙල් ඕනෑ. හම්බ වුණ ගමන් ඔය කුඩු වලට සම්භන්ධ උන් ටික ඔක්කොම අල්ලලා එල්ලුම් ගස් අරිනවා සත්තයි (දිල්)
මේ යන විදියට ඔබ වහන්සේට තව තව නොසතුටු වෙන්න කරුණු යෙදේවි (දිල්)
හාමුදුරුවනේ කලබල වෙන්න එපා. ටිකක් ඉවසන්න. ජනාදිපති තුමා කීවනේ කැලෑ නීතිය අනුව කටුයුතු කරන්නේ නැහැ කියලා. (නදී)
ජනතා පැතුම් ඉටුනොවුණොත් ඔබතුමාටත් වගකියන්න වෙයි අපේ හාමුදුරුවනේ (නි)
මම සෝභිත හිමියන්ගෙන් බණ අසා ඇත්තේ එකම වතාවක් පමණයි. නමුත් එහිමියන් එදා (70 දශකයේ ) වදාළ දේවල් තාමත් හිතේ තියනවා. සැම පසළොස්වක දිනකටම අපිට පාසලේ බණක් කියනවා. නමුත් ඒක දේශනා කරන්නේ ඉංග්‍රීසියෙන්. සෝභිත හිමියන් සිංහලෙන් බණ දෙසුවා පමණක් නොව ඇඩ්වාන්ස් ලෙවල් කරන කොල්ලන්ට හිතට වදින විදිහේ උපමා යොදාගෙන බණ කිව්වා. එතෙක් කලක් අප ධර්ම දේශනාවට ගියේ නොගිහින් බැරිකමටයි. නමුත් එදායින් පසුව හැමදාමත් එතුමා වගේ කෙනෙක් නැවත බණට වඩී කියන බලාපොරොත්තුව හිතේ ඇතුව තමා බණ අහන්න ගියේ. එතුමාට දීර්ඝායුෂ. (නදී)
යහපාල, ඔබට වැරදිලා (නි)