සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව සිටි අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමියනට පිං පැමිණවීමේ තෙමස් පූර්ණ පිංකම ඉරිදා(7)කෝට්ටේ ශ්‍රී නාගවිහාරස්ථාණයේ දී පැවැත්විණි.
සියක් නමකට අධික මහා සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු පිංකම් රැසක් සිදු කැරිණි.
ගලගම අත්තදස්සී අස්ගිරි මහා නාහිමි, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි, අග්‍ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නාහිමි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කතා නායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපවත්වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තුන්මාසයේ පිංකම ඊයේ ඉතාලියේ රෝම බෞද්ද විහාරයේදී එම විහාරයේ විහාරාධිපති පුජ්‍ය මොල්ලිගොඩ ධීරානන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශාල බැතිමතුන් පිරසකගේ සහබාගිත්වයෙන් සිදුකරන ලදී. (අ)
අපවත්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් නොහිටින්න අදටත් අපි සහ අපේ අනාගත දරුවන් ඒකාධිපතියෙකුගේ,ඒකාධිපති පවුලකගේ වහල්ලු වගේ කප්පන් ගෙවමින් ජිවත් වෙනවා.(හේ)