සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව සිටි අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නාහිමියනට පිං පැමිණවීමේ තෙමස් පූර්ණ පිංකම ඉරිදා(7)කෝට්ටේ ශ්‍රී නාගවිහාරස්ථාණයේ දී පැවැත්විණි.
සියක් නමකට අධික මහා සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු පිංකම් රැසක් සිදු කැරිණි.
ගලගම අත්තදස්සී අස්ගිරි මහා නාහිමි, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි, අග්‍ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නාහිමි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, කතා නායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝභිත හිමි තුන්මාසෙ පිංකම නාග විහාරේ
නිහාල් Monday, 08 February 2016 08:26 AM
අපවත්වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තුන්මාසයේ පිංකම ඊයේ ඉතාලියේ රෝම බෞද්ද විහාරයේදී එම විහාරයේ විහාරාධිපති පුජ්‍ය මොල්ලිගොඩ ධීරානන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශාල බැතිමතුන් පිරසකගේ සහබාගිත්වයෙන් සිදුකරන ලදී. (අ)
තිලක් Monday, 08 February 2016 09:23 AM
අපවත්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් නොහිටින්න අදටත් අපි සහ අපේ අනාගත දරුවන් ඒකාධිපතියෙකුගේ,ඒකාධිපති පවුලකගේ වහල්ලු වගේ කප්පන් ගෙවමින් ජිවත් වෙනවා.(හේ)